ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 13 පි.
  • සාමුවෙල්ගෙන් ඉගෙනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාමුවෙල්ගෙන් ඉගෙනගන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සැබෑ නමස්කාරයට අත හිත දුන් සාමුවෙල්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔහු ‘යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණා’
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘ඔහු යෙහෝවා දෙවිට ප්‍රසන්න ලෙස හැදී වැඩුණේය’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • සුන් වූ බලාපොරොත්තු මැද නොසැලුණු සාමුවෙල්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 13 පි.
පින්තූරවල අදහස: “ඔවුන්ගෙන් ඉගෙනගන්න - සාමුවෙල්” කියන වීඩියෝ එකේ දර්ශනයක්. 1. පොඩ්ඩා. 2. පුංචි සාමුවෙල්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සාමුවෙල්ගෙන් ඉගෙනගන්න

සාමුවෙල් ජීවිත කාලේ පුරාම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒලීගේ පුත්තු දෙන්නා වුණ හොප්නීයි පිනෙහාසුයි වගේ එයා දෙවියන් පිළිකුල් කරපු දේවල් කළේ නැහැ. (1සාමු 2:22-26) සාමුවෙල් ටිකෙන් ටික උස් මහත් වෙද්දී යෙහෝවා දෙවියන් දිගටම එයාත් එක්ක හිටියා. (1සාමු 3:19) සාමුවෙල්ගේ පුතාලා හරි දේ කළේ නැති වුණත් එයා දිගටම යෙහෝවාට විශ්වාසවන්තව හිටියා.—1සාමු 8:1-5.

සාමුවෙල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දරුවෙනි, ඔයාලා මුහුණ දෙන අභියෝග වගේම ඔයාලට හැඟෙන විදිහ යෙහෝවා දෙවියන් දන්නවා. බය නැතුව හරි දේ කරන්න ඔහු ඔයාලට උදව් කරනවා. (යෙසා 41:10, 13) දෙමාපියෙනි, ඔයාලගේ දරුවෙක් යෙහෝවාගෙන් හුඟක් ඈත් වෙලාද? එහෙනම් සාමුවෙල්ගේ ආදර්ශය ඔයාලට උදව් වෙයි. යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න කියලා එයා දරුවන්ට බල කළේ නැහැ. කාරණේ සම්පූර්ණයෙන්ම යෙහෝවාට භාර දීලා දිගටම ඔහුට විශ්වාසවන්තව ඉන්න එයා හැම දේම කළා. ඉතින් ඔයාලත් එහෙම කරද්දී ඔයාලගේ ආදර්ශය දැකලා දරුවා ආයෙත් යෙහෝවාට ළං වෙන්න ඉඩ තියෙනවා.

‘ඔවුන්ගෙන් ඉගෙනගන්න - සාමුවෙල්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • “ඔවුන්ගෙන් ඉගෙනගන්න - සාමුවෙල්” කියන වීඩියෝ එකේ දර්ශනයක්. පුංචි සාමුවෙල් ශුද්ධ කූඩාරම ගාවින් දර මිටියක් අරන් යනවා.

    පුංචි සාමුවෙල් බය නැතුව වැඩ කළේ කොහොමද?

  • “ඔවුන්ගෙන් ඉගෙනගන්න - සාමුවෙල්” කියන වීඩියෝ එකේ දර්ශනයක්. දෙබිඩි විදිහට වැඩ කරන්නේ ඇයි කියලා පොඩ්ඩා අයියාගෙන් අහනවා.

    පොඩ්ඩා බය නැතුව වැඩ කළේ කොහොමද?

  • “ඔවුන්ගෙන් ඉගෙනගන්න - සාමුවෙල්” කියන වීඩියෝ එකේ දර්ශනයක්. අනාගතවක්තෘ සාමුවෙල් වයසට ගිහින්.

    වයසට ගියාට පස්සෙත් සාමුවෙල් තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

  • “ඔවුන්ගෙන් ඉගෙනගන්න - සාමුවෙල්” කියන වීඩියෝ එකේ දර්ශනයක්. අම්මායි තාත්තායි පොඩ්ඩා එක්ක කාට් එකේ සේවේ කරලා එන ගමන්.

    බය නැතුව දිගටම හරි දේ කරන අයට යෙහෝවා උදව් කරනවා

    පොඩ්ඩාගේ අම්මායි තාත්තායි තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න