යහපත් ක්‍රිස්තියානීන් වෙමු
පීඩා විඳිද්දී ප්‍රීති වෙන්න
යේසුස්ගේ අනුගාමිකයන් විදිහට අපි පීඩාවලට මූණ දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. (යොහ 15:20) පීඩා විඳිද්දී කනස්සල්ලක්, පීඩනයක්, වේදනාවක් දැනුණත් ඒවා විඳදරාගද්දී අපිට සතුටක් දැනෙනවා.—මතෙ 5:10-12; 1පේතෘ 2:19, 20.
‘ප්‍රීති වෙන්න පුළුවන් - හිංසාවලට මුහුණ දෙන්න වුණත්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
මේ දේවල් කරන එක කොච්චර වටිනවාද කියලා සහෝදර බාසෙනෝව්ගේ අද්දැකීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
හැමදාම බයිබලය කියවන එක
අනිත් සහෝදරයන්ගේ දිරිගැන්වීම්, උදව් ලබන එකa
නිතරම යාච්ඤා කරන එක
ගීතිකා කියන එක
අනිත් අයට සාක්ෂි දරන එක
a සිරගත වෙලා ඉන්න සහෝදරන්ගේ නම් කියලා යාච්ඤා කරන්න අපිට පුළුවන් වුණත් අපි යවන ලියුම් එයාලට ලැබෙන්න සලස්වන්න ශාඛා කාර්යාලයට පුළුවන්කමක් නැහැ.