ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 13 පි.
  • බයිබල් පාඩම් ගැන තියෙන වීඩියෝ හොඳින් පාවිච්චි කරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබල් පාඩම් ගැන තියෙන වීඩියෝ හොඳින් පාවිච්චි කරමු
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සේවයේ දක්ෂ වීමට - වීඩියෝවලින් උගන්වන්න
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඉගැන්වීමට වීඩියෝ පට යොදාගන්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • සාක්ෂියක් දෙන වීඩියෝ පට සතු බලය
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද?
    නිතර අසන ප්‍රශ්න
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 13 පි.
සහෝදරියක් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි? - සම්පූර්ණ වීඩියෝව’ කාන්තාවකට පෙන්නනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බයිබල් පාඩම් ගැන තියෙන වීඩියෝ හොඳින් පාවිච්චි කරමු

සේවේදී පාවිච්චි කරන්න පුළුවන් බයිබල් පාඩම් ගැන කතා කරන වීඩියෝ හතරක්ම අපිට තියෙනවා. ඒවා හදලා තියෙන්නේ මොන අරමුණින්ද?

  • ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි? - සම්පූර්ණ වීඩියෝව’ හදලා තියෙන්නේ කෙනෙක්ගේ ආගම මොකක් වුණත් බයිබලයේ තියෙන තොරතුරු ගැන ආසාවක් ඇති වෙන විදිහට. ජීවිතේ බැරෑරුම් ප්‍රශ්නවලට බයිබලෙන් උත්තර හොයන්න කියලා ඒකේ දිරිගන්නනවා. ඒ වගේම බයිබලේ තියෙන තොරතුරු කොච්චර තර්කානුකූලද කියලා පෙන්නන උදාහරණයකුත් ඒකේ තියෙනවා. පාඩමක් ඉල්ලුම් කරන්නේ කොහොමද කියලත් ඒ වීඩියෝ එකේ කියනවා.

  • ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ (කෙටි වීඩියෝව) හදලා තියෙන්නේ ඒකෙම සම්පූර්ණ වීඩියෝ එකට සමානයි. හැබැයි මේක සම්පූර්ණ වීඩියෝ එකෙන් තුනෙන් එකක් විතරයි. අපිට වැඩි කාලයක් දෙන්න අමාරු අයට පෙන්නන්න මේක කියාපු වීඩියෝ එකක්.

  • ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හදලා තියෙන්නේ අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම් ගැන උනන්දුවක් ඇති කරන්න. පාඩම් කරන විදිහ ගැන සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නවලට උත්තරත් පාඩමක් ඉල්ලුම් කරන්නේ කොහොමද කියලත් මේ වීඩියෝ එකේ කියනවා.

  • ‘බයිබල් පාඩමට ඔයාව ආදරෙන් පිළිගන්නවා!’ වීඩියෝ එක හදලා තියෙන්නේ පාඩමක් කරන්න පටන්ගත්තට පස්සේ පෙන්නන්න. මේ වීඩියෝ එක හඳුන්වලා දීලා තියෙන්නේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ දෙවෙනි පිටුවේ. ඒත් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවෙන් පාඩම කරද්දී වුණත් ඒක පෙන්නන්න පුළුවන්. පොතේ තියෙන තොරතුරු ගැනත් ශිෂ්‍යයාට ඉගෙනගන්න පුළුවන් දේවල් ගැනත් ඒ වීඩියෝ එකේ තියෙනවා.

මේ වීඩියෝ හතර හදලා තියෙන්නේ හේතු හතරකට. ඒත් ගැළපෙනවා නම් ඕනෙම වෙලාවක ඒවා පෙන්නන්න හරි යවන්න හරි පුළුවන්. ඒ නිසා ඒවාට හොඳින් හුරු වෙන්න කියලත් සේවේදී හොඳින් පාවිච්චි කරන්න කියලත් අපි ඔයාලව දිරිගන්වන්න කැමතියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න