ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 5 පි.
  • ආර්ථික අර්බුදයකට මූණ දෙන්න ඔයා ලෑස්තිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආර්ථික අර්බුදයකට මූණ දෙන්න ඔයා ලෑස්තිද?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔයා සූදානම්ද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ අවසාන දවස්වල දිගටම සූදානමින් ඉන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • කලබලකාරී තත්වයකට මුහුණ දෙන්න ඔයා ලෑස්තිද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 5 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ආර්ථික අර්බුදයකට මූණ දෙන්න ඔයා ලෑස්තිද?

ලෝකේ ආර්ථිකය අඩියටම කඩන් වැටුණත් අපි පුදුම වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි ජීවත් වෙන්නේ අන්තිම කාලේ අගිස්සේ කියලා. ඒ වගේම බයිබලේ අපිට අනතුරු අඟවනවා “අවිනිශ්චිත ධන සම්පත්” ගැන විශ්වාසය තියන්න එපා කියලා. (1තිමෝ 6:17; 2තිමෝ 3:1) ආර්ථික අර්බුදයකට මූණ දෙන්න කල් තියාම ලෑස්ති වෙන එක ගැන යෙහෝෂපාට් රජගෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්?

සතුරු තර්ජනයක් ආපු වෙලාවක යෙහෝෂපාට් යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කෙරුවා. (2ලේක 20:9-12) ඒ විතරක් නෙමෙයි එයා දේශය ආරක්ෂා කරන්න පියවර ගත්තා. මුර කඳවුරු පිහිටෙව්වා. (2ලේක 17:1, 2, 12, 13) අපිත් යෙහෝෂපාට් වගේ වෙමු. මුළු හිතින්ම යෙහෝවාව විශ්වාස කරමු. අමාරු කාලෙට හොඳින් මූණ දෙන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවලුත් කරමු.

ලෑස්ති වෙන්නේ කොහොමද?

බැඳීම ශක්තිමත් කරගන්න. තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න ඉගෙනගන්න. හැම දවසකම ඔයාව බලාගන්න යෙහෝවාට පුළුවන් කියන විශ්වාසය තව ශක්තිමත් කරගන්න. (මතෙ 6:26; 1තිමෝ 6:8) ඔයාට අවශ්‍ය දේවල් ලබාගන්න යෙහෝවාගේ ප්‍රමිති කැඩෙන දෙයක් කවදාවත් කරන්න එපා. (රෝම 2:21) කරන්ට්, ඉන්ටනෙට් නැති වුණොත් බයිබලෙයි, අපේ පොත් පතුයි කියවන්නේ කොහොමද කියලා හිතලා බැලුවාද? පුළුවන් නම් ඒවා කලින්ම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. ඔයාට උදව් වෙන මුද්‍රිත පොත් පත් ටිකක් ළඟ තියාගන්න.

අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න. අර්බුදයක් එන්න කලින් ගෙවන්න තියෙන ණය පුළුවන් තරම් ගෙවලා දාන්න. අනවශ්‍ය වියදම් කපා හරින්න. (හිතෝ 22:7) පුළුවන් නම් අවශ්‍ය තරම් කෑම, අත්‍යවශ්‍ය දේවල් අරන් තියාගන්න. එහෙම කරද්දී සාධාරණ වෙන්න. එළවළු ටිකක් වගා කරගන්න පුළුවන්ද? සල්ලි ඉතුරු කරගන්න ඒකත් උදව් වෙයි.

‘ඕනම විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

”ඕනම විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?” කියන වීඩියෝ එකේ දර්ශනයක්. පින්තූරය ඇතුළේ තියෙන රවුම්වලින් පෙන්නලා තියෙන්නේ බයිබලයක්, ආපදා මල්ලක් සහ ස්මාට්ෆෝන් එකක්, ඉඳි කිරීම් සේවකයන්.
  • විපතකට මූණ දෙන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් මොනවාද?

”ඕනම විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?” කියන වීඩියෝ එකේ දර්ශනයක්. සහෝදරයන් සහන සේවා වැඩ කරනවා. ඉඳි කරනවා සහ ට්‍රක් එකකින් දේවල් බානවා පෙන්නනවා.
  • අනිත් අයට උදව් කරන්න ලෑස්ති වෙන්න අපිට පුළුවන් කොහොමද?

ඔයාට කරන්න දෙයක්

පවුලේ නමස්කාරයේදී 2022 අංක 1 ‘පිබිදෙව්!’ සඟරාව ආයේ කියවන්න. විපතකට ලෑස්ති වෙන්න කරන්න පුළුවන් තව දේවල් ගැන සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න