ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 11 පි.
  • එකතු වෙලා පවුලේ සතුට වැඩි කරගමු!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එකතු වෙලා පවුලේ සතුට වැඩි කරගමු!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මවකගෙන් ඔවදන්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යෙහෝවා දෙවියන් අපිව හික්මවන්නේ ආදරේ නිසයි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 11 පි.
පින්තූරවල අදහස: ‘පවුලේ සතුට වැඩි කරගන්න’ වීඩියෝ එකේ තිබුණ අවස්ථා පෙන්වන පින්තූර. 1. අම්මයි තාත්තයි කේක් කෑල්ලක් කකා සතුටින් ඉන්න විදිහ දුවලා දෙන්නා බලාගෙන ඉන්නවා. 2. පවුලේ නමස්කාරය වෙලාවේ දුවලා දෙන්නා සතුටින් හිනා වෙනවා. 3. එක දුවෙක් අසනීප වෙලා සෙටියේ නිදාගෙන ඉන්න අම්මාගේ දුක සැප අහනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

එකතු වෙලා පවුලේ සතුට වැඩි කරගමු!

අපි හැමෝම සතුටෙන් ඉන්නවාටයි යෙහෝවා කැමති. (ගීතා 127:3-5; දේශ 9:9; 11:9) ඒත් අද තියෙන ප්‍රශ්න ගැටලු, කනස්සල්ල, පවුලේ අයගේ අඩුපාඩු නිසා අපේ සතුට අඩු වෙන්න පුළුවන්. පවුලේ සතුට වෙනුවෙන් අපි එක් එක් කෙනාට මොනවාද කරන්න පුළුවන්?

සැමියෙක් බිරිඳට ගෞරව කරනවා. (1පේතෘ 3:7) බිරිඳ එක්ක කාලය ගත කරනවා. බිරිඳට කරන්න බැරි දේවල් එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන් ඇතුළු පවුලේ අය වෙනුවෙන් බිරිඳ කරන කරන දේවල් අගය කරනවා. (කොලො 3:15) බිරිඳට ‘ආදරෙයි’ කියලා කියන්නත් ප්‍රශංසා කරන්නත් අදිමදි කරන්නේ නැහැ.—හිතෝ 31:28, 31.

බිරිඳක් සැමියාට සහය වෙන්න පුළුවන් විදි ගැන හොයලා බලනවා. (හිතෝ 31:12) සැමියාට යටත් වෙලා සහයෝගෙන් වැඩ කරනවා. (කොලො 3:18) සැමියාට කතා කරන්නේ ආදරෙන්. එයාගේ අඩුපාඩු අනිත් අය එක්ක කියන්නේ නැහැ.—හිතෝ 31:26.

දෙමව්පියන් දරුවන් එක්ක කාලය ගත කරනවා. (ද්වි 6:6, 7) දරුවන්ට ‘ආදරෙයි’ කියලා වචනෙන් කියනවා. (මතෙ 3:17) හික්මවන්න වෙද්දී ඒක කරන්නේ ආදරෙන්, අවබෝධයෙන්.—එෆී 6:4.

දරුවන් දෙමව්පියන්ට කීකරු වෙනවා. (හිතෝ 23:22) එයාලට හැඟෙන, දැනෙන දේවල් අම්මාටයි, තාත්තාටයි කියනවා. එයාලට හදවතින්ම ආදරයයි ගෞරවයයි පෙන්වනවා. හික්මවීමක් ලැබෙද්දී කැමැත්තෙන්ම පිළිගන්නවා.—හිතෝ 19:20.

‘පවුලේ සතුට වැඩි කරගන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

පවුලේ සතුට වැඩි කරගන්න එක් එක් කෙනා මොනවාද කළේ?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න