ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 1 3-4 පි.
  • යාච්ඤා කරන එක ගැන හුඟදෙනෙක් කියන දේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාච්ඤා කරන එක ගැන හුඟදෙනෙක් කියන දේ
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යාච්ඤාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 1 3-4 පි.
ලෝකේ පුරාම ඉන්න මිනිසුන් යාච්ඤා කරලා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා.

යාච්ඤා කරන එක ගැන හුඟදෙනෙක් කියන දේ

“මං අසරණ වුණු වෙලාවට දෙවියන්ට යාච්ඤා කරද්දී මට දැනෙන්නේ හරියට දෙවියන් මගේ ළඟින්ම ඉඳන් මගේ අතින් අල්ලගෙන මට උදව් කරනවා වගේ.”—මරීයා.

“මගේ නෝනා පිළිකාවක් නිසා අවුරුදු 13ක් තිස්සේ හුඟක් දුක් විඳලා මැරුණා. ඒ කාලේ මට දැනුණා හැම දවසකම මගේ දුක කියලා මං දෙවියන්ට යාච්ඤා කරද්දී ඔහු මට ඇහුම්කන් දුන්නා කියලා. ඒක මට ලොකු සහනයක් වුණා.”—රාවූල්.

“යාච්ඤාව කියන්නේ දෙවියන් මිනිසුන්ට දීලා තියෙන වටිනා තෑග්ගක්.”—ආර්නා.

මරීයා, රාවූල්, ආර්නා වගේ තව හුඟදෙනෙක් යාච්ඤාව සලකන්නේ එයාලට ලැබිලා තියෙන විශේෂ තෑග්ගක් විදිහට. යාච්ඤාව නිසා දෙවියන් එක්ක කතා කරන්න, ඔහුට ස්තුති කරන්න, ඔහුගේ උදව් ඉල්ලන්න පුළුවන් වෙලා තියෙනවා. යාච්ඤාව ගැන බයිබලේ කියලා තියෙන මේ දේ එයාලා මුළු හදවතින්ම විශ්වාස කරනවා. “අපට තිබෙන ස්ථිර විශ්වාසය නම් දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.”—1 යොහන් 5:14.

හැබැයි තවත් හුඟදෙනෙක්ට යාච්ඤාව ගැන බයිබලේ කියලා තියෙන ඒ දේ පිළිගන්න අමාරු වෙලා තියෙනවා. යාච්ඤා කරන එක ගැන තමන්ට හැඟුණේ කොහොමද කියලා ස්ටිව් මෙහෙම කියනවා. “මට වයස අවුරුදු 17දී මගේ එක යාළුවෙක් හැප්පිලා මැරුණා. තව යාළුවෝ දෙන්නෙක් මුහුදේ ගිලිලා මැරුණා.” ඒ දේවලට මුහුණ දුන්නාම ස්ටිව් මොකද කළේ? “එහෙම වුණේ ඇයි කියලා මං දෙවියන්ගෙන් ඇහුවත් ඒකට උත්තරයක් නම් ලැබුණේ නෑ. ඉතිං ‘යාච්ඤා කරලා වැඩක් තියෙනවාද’ කියලා මට හිතුණා.” තමන් කරපු යාච්ඤාවලට උත්තර ලැබෙන්නේ නැහැ කියලා දැනුණාම දිගටම යාච්ඤා කරන එකේ තේරුමක් තියෙනවාද කියලා හිතන්න හුඟදෙනෙක් පෙලඹිලා තියෙනවා.

තවත් හේතු නිසාත් යාච්ඤා කරන එකේ කිසි තේරුමක් නැහැ කියලා මිනිසුන් හිතනවා. සමහරු කියන්නේ අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලු, අපිට ඕන කරන දේවල් වගේ හැම දෙයක්ම දෙවියන් දන්න නිසා ආපහු ඒ ගැන දෙවියන්ට කියන්න ඕනෙ නැහැ කියලයි.

කලින් එයාලගේ අතින් සිද්ධ වෙලා තියෙන වැරදි නිසාත් දෙවියන් එයාලගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා සමහර අයට හිතෙනවා. ජෙනී කියන්නේ මෙහෙමයි. “මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මගෙන් කිසි වැඩක් නෑ කියලා හැම තිස්සේම හිතෙන එක. මොකද පසුතැවෙන්න වෙන විදිහේ හුඟක් වැරදි මගේ අතින් වෙලා තියෙනවා. ඒ නිසා මං මටම කියාගන්නවා දෙවියන් මට ඇහුම්කන් දෙන්න තරම් මං වටින්නේ නෑ කියලා.”

පල්ලියක ඉන්න කාන්තාවක් අනිත් අය බිම බලාගෙන යාච්ඤා කරද්දී ඉහළ බලන් ඉන්නවා.

යාච්ඤා කරන එක ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? යාච්ඤාව ගැන මොනවා හරි ප්‍රශ්නයක්, සැකයක් ඔයාට තියෙනවා නම් යාච්ඤාව ගැන බයිබලේ තියෙන තොරතුරු දැනගන්න එකෙන් සහනයක් ලබන්න ඔයාට පුළුවන්. බයිබලේ තියෙන ඒ දේවල් විශ්වාස කරන්න පුළුවන්.a මේ වගේ ප්‍රශ්නවලට උත්තරත් බයිබලේ තියෙනවා.

  • දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

  • සමහර යාච්ඤාවලට උත්තර ලැබෙන්නේ නැත්තේ ඇයි?

  • දෙවියන් ඇහුම්කන් දෙන්න නම් ඔයා යාච්ඤා කරන්න ඕනෙ කොහොමද?

  • යාච්ඤා කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

a යේසුස් ක්‍රිස්තුස් කරපු යාච්ඤාත් දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක් කරපු යාච්ඤාත් බයිබලේ සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් පැරණි ගිවිසුම කියලා හඳුන්වන හෙබ්‍රෙව් ලියවිලිවල ඒ වගේ යාච්ඤා 150කට වැඩියෙන් සඳහන් වෙලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න