ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 1 5-7 පි.
  • දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන් ඇහුම්කන් දෙනවා.
  • දෙවියන් කැමතියි ඔයා ඔහුට යාච්ඤා කරනවාට.
  • දෙවියන් ඔයා ගැන හුඟක් සැලකිලිමත්.
  • “යෙහෝවා දෙවි මාගේ හඬට සවන් දෙන්නේය. . . . එබැවින් මාගේ හදවත ප්‍රේමයෙන් උතුරා යන්නේය”
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • හැඳින්වීම
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 1 5-7 පි.
තරුණ කාන්තාවක් හිනා වෙලා ඉන්නවා.

“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8

දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

ඔයා කරන යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙනවාද කියලා ඔයා කවදා හරි හිතලා තියෙනවාද? ඔයාත් එහෙම හිතලා තියෙනවා නම් එහෙම හිතපු එකම කෙනා ඔයා විතරක් නෙවෙයි. හුඟක් අය එයාලගේ ප්‍රශ්න ගැන දෙවියන්ට යාච්ඤා කළත් ඒ ප්‍රශ්නවල කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ දෙවියන් අපේ යාච්ඤා අහන්නේ නැහැ කියන එකද? නැහැ. අපි හරි විදිහට යාච්ඤා කරද්දී ඔහු ඇහුම්කන් දෙනවා කියලා බයිබලේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා. ඒ ගැන දැන් අපි බයිබලෙන්ම බලමු.

දෙවියන් ඇහුම්කන් දෙනවා.

“යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.”—ගීතාවලිය 65:2.

සමහර අය යාච්ඤා කරද්දී ඒකට කෙනෙක් ඇහුම්කන් දෙනවා කියලා විශ්වාස කළේ නැතත් ඒකෙන් සහනයක් ලැබෙන නිසා යාච්ඤා කරනවා. ඒත් යාච්ඤාව කියන්නේ ප්‍රශ්නවලට මුහුණ දෙද්දී කෙනෙක්ගේ හිතට නිකම්ම සහනයක් ලැබෙන දෙයක් විතරක්ම නෙවෙයි. ඒ වෙනුවට බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. ‘යෙහෝවාa දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි. අවංකකමින් ඔහුට හඬගසන සියල්ලන්ට ඔහු ළංව සිටියි. උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දෙන්නේය.’—ගීතාවලිය 145:18, 19.

එහෙම කියලා තියෙන එකෙන් අපිට සහතික වෙන්න පුළුවන් යෙහෝවා දෙවියන් ඔහුට නමස්කාර කරන අයගේ යාච්ඤාවලට අනිවාර්යයෙන්ම ඇහුම්කන් දෙනවා කියලා. දෙවියන් හරිම ආදරෙන් මෙහෙම කියනවා. “ඔබ මා වෙතට හැරී මට හඬගසනු ඇත. මට කන්නලව් කරනු ඇත. එවිට මම ඔබට සවන් දෙන්නෙමි.”—යෙරෙමියා 29:12.

දෙවියන් කැමතියි ඔයා ඔහුට යාච්ඤා කරනවාට.

පුංචි දුව සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරද්දී තාත්තා එයා ළඟින් වාඩි වෙලා ඉන්නවා.

“නොකඩවාම යාච්ඤා කරන්න.”—රෝම 12:12.

‘නොකඩවා යාච්ඤා කරන්න’ කියලත් ‘සෑම අවස්ථාවකදීම යාච්ඤා කරන්න’ කියලත් බයිබලේ අපිව දිරිගන්වලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා දෙවියන්ට යාච්ඤා කරනවාට ඔහු කැමතියි කියලා.—මතෙව් 26:41; එෆීස 6:18.

අපි දෙවියන්ට යාච්ඤා කරනවාට ඔහු කැමති ඇයි? ටිකකට මෙහෙම හිතන්න. ඕනම තාත්තා කෙනෙක් කැමතියි නේද එයාගේ පුංචි දරුවා එයා ළඟට ඇවිත් උදව් ඉල්ලනවාට? දරුවාට ඕනෙ මොනවාද, එයාට හැඟෙන්නේ කොහොමද කියලා තාත්තා කෙනෙක් දන්නවා වෙන්න පුළුවන්. ඒත් දරුවා එයාගේ කටින්ම තාත්තාගෙන් උදව් ඉල්ලද්දී එයා පෙන්වන්නේ එයාට තාත්තා ගැන විශ්වාසයි, එයා තාත්තාට හුඟක් කිට්ටුයි කියලයි. ඒ වගේ අපිත් යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරද්දී ඒකෙන් පෙන්වන්නේ අපිට ඔහුව විශ්වාසයි, ඔහුට ළං වෙන්න අපිට ඕනෙ කියලයි.—හිතෝපදේශ 15:8; යාකොබ් 4:8.

දෙවියන් ඔයා ගැන හුඟක් සැලකිලිමත්.

කනස්සල්ලෙන් ඉන්න ව්‍යාපාරිකයෙක් ගොඩනැඟිල්ලක පඩි පේළියේ ඉඳන් ඉන්නවා. එයාට අයිති කාර්යාල උපකරණ දාපු පෙට්ටියක් එයාට එහා පැත්තෙන් තියෙනවා.

“ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.

දෙවියන් අපිට හුඟක් ආදරේ නිසාත් අපි ගැන සැලකිලිමත් වෙන නිසාත් අපි ඔහුට යාච්ඤා කරනවාට දෙවියන් කැමතියි. අපි මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම, අපේ කනස්සල්ලට හේතු වන හැම දෙයක්ම දෙවියන් දන්නවා. ඒ වගේම ඔහුට ඕනෙ අපිට උදව් කරන්නයි.

දාවිත් රජ එයාගේ ජීවිත කාලේ පුරාම එයාට හැඟුණු, දැනුණු දේවල් ගැන යෙහෝවා දෙවියන්ට කිව්වා. ඒ වගේම ඔහුගෙන් උදව් ඉල්ලුවා. (ගීතාවලිය 23:1-6) දෙවියන්ට දාවිත් ගැන හැඟුණේ කොහොමද? දෙවියන් දාවිත්ට ආදරේ කළා. එයා කරපු හුඟක් යාච්ඤාවලට ඇහුම්කන් දුන්නා. (ක්‍රියා 13:22) ඒ වගේ දෙවියන් අපි කරන යාච්ඤාවලටත් ඇහුම්කන් දෙනවා. මොකද ඔහු අපි ගැන හුඟක් සැලකිලිමත්.

“යෙහෝවා දෙවි මාගේ හඬට සවන් දෙන්නේය. . . . එබැවින් මාගේ හදවත ප්‍රේමයෙන් උතුරා යන්නේය”

ඒ වචන කිව්වේ බයිබලේ තියෙන එක ගීතිකාවක් රචනා කරපු කෙනෙක්. දෙවියන් එයා කරපු යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා දැනගෙන හිටපු එක එයාට ලොකු උදව්වක් වුණා. ජීවිතේ දුක් කරදර ඇති වෙද්දී ඒවාට හොඳින් මුහුණ දෙන්න එයාට ශක්තිය ලැබුණා. ඒ අවස්ථාවලදී එයාට දැනුණේ දෙවියන් එයා ළඟින්ම ඉන්නවා කියලයි.—ගීතාවලිය 116:1-9.

දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා අපිට විශ්වාසයි නම් අපි දිගටම දෙවියන්ට යාච්ඤා කරනවා. උතුරු ස්පාඤ්ඤයේ ජීවත් වන පේද්‍රෝගේ අද්දැකීම බලන්න. එයාගේ පුතා අවුරුදු 19දී රිය අනතුරකින් නැති වුණා. පේද්‍රෝ එයාගේ හිතේ තියෙන හැම දුකක්ම, වේදනාවක්ම දෙවියන්ට කිව්වා. ඒ වගේම දෙවියන්ගෙන් උදව් සහ සහනය ඉල්ලලා දිගටම යාච්ඤා කළා. එතකොට වුණ දේ ගැන පේද්‍රෝ මෙහෙම කියනවා. “සභාවේ ඉන්න සහෝදර සහෝදරියන් මටයි, මගේ නෝනාටයි හුඟක් උදව් කළා. අපිව සැනසුවා. ඒ දේවලින් මට තේරුණා දෙවියන් මගේ යාච්ඤාවලට ඇහුම්කන් දුන්නා කියලා.”

ෆොටෝ එකක් දිහා බලාගෙන හුඟක් දුකින් ඉන්න මිනිසෙක්ව එයාගේ යාළුවන් සනසනවා.

අපිට ආදරේ කරන යාළුවන් මාර්ගයෙන් දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙනවා

යාච්ඤා කළා කියලා පේද්‍රෝට එයාගේ පුතාව ආපහු ලැබුණේ නැහැ. ඒත් යාච්ඤා කරපු නිසා එයාටත් එයාගේ පවුලේ අයටත් හුඟක් විදිවලින් උදව් ලැබුණා. එයාගේ බිරිඳ වෙන මාරියා කාර්මන් මෙහෙම කියනවා. “මගේ දුක දරාගන්න යාච්ඤාව මට හුඟක් උදව් වුණා. මං දැනං හිටියා දෙවියන් මාව තේරුම්ගන්නවා කියලා. මොකද යාච්ඤා කළාට පස්සේ මගේ හිතට ලොකු සහනයක් දැනුණා.”

බයිබලේ කියන දේවලිනුත් අපේ පෞද්ගලික අද්දැකීම්වලිනුත් අපිට හොඳටම පැහැදිලි වෙනවා දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා. හැබැයි දෙවියන් හැම යාච්ඤාවකටම ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇයි දෙවියන් සමහර යාච්ඤාවලට ඇහුම්කන් දීලා තවත් ඒවාට ඇහුම්කන් දෙන්නේ නැත්තේ?

a යෙහෝවා කියන්නේ දෙවියන්ගේ පෞද්ගලික නමයි.—ගීතාවලිය 83:18.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න