ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp21 අංක 2 7-9 පි.
  • විනාශය එන දවස ගැන යේසුස් කිව්වේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විනාශය එන දවස ගැන යේසුස් කිව්වේ මොනවාද?
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලෝක විනාශය ගැන යේසුස් කිව්ව දේවල් දෙකක් බලමු.
  • යේසුස් දුන්න ලකුණ
  • “අවසාන කාලය”
  • පාරාදීසය පේන මානයේ!
  • විනාශය හා සම්බන්ධ ප්‍රශ්න හතරකට පිළිතුරු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අප ජීවත් වන්නේ ‘අවසාන කාලයේද?’
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • ලෝක විනාශය ළං වෙලාද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • අප ‘අවසාන කාලයේ’ ජීවත් වන බවට සාක්ෂි
    අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද?
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp21 අංක 2 7-9 පි.
අවසාන කාලේ ලකුණ ගැන යේසුස් ගෝලයන්ට කියලා දෙනවා.

විනාශය එන දවස ගැන යේසුස් කිව්වේ මොනවාද?

බයිබලේ කියන ලෝක විනාශයෙන් අදහස් කරන්නේ මේ පොළොවවත් මිනිසුන්වවත් සම්පූර්ණයෙන්ම විනාශ වෙන එක නෙවෙයි කියලා අපි කලින් ලිපියෙන් දැනගත්තා. ඒ වෙනුවට ඇත්තටම විනාශ වෙන්නේ මේ දුෂ්ට සමාජය. හැබැයි ඒ විනාශය සිද්ධ වෙන දවස ගැන බයිබලේ හරියටම කියලා තියෙනවාද?

ලෝක විනාශය ගැන යේසුස් කිව්ව දේවල් දෙකක් බලමු.

“සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබ ඒ දවසවත් පැයවත් දන්නේ නැහැ.”​—මතෙව් 25:13.

“නියමිත කාලය කවදාද කියා ඔබ නොදන්නා නිසා අවදිව, සෝදිසියෙන් සිටින්න.”​—මාක් 13:33.

ඒකෙන් පැහැදිලියි විනාශය එන දවස අපි කවුරුත් හරියටම දන්නේ නැහැ කියලා. හැබැයි දෙවියන් දැනටමත් ඒ දේ සිද්ධ වෙන “දවස හා වේලාව” තීරණය කරලා ඉවරයි. (මතෙව් 24:36) ඒ දවස හරියටම දන්නේ නැති වුණත් විනාශය එන කාලය හඳුනගන්න උදව් වෙන ලකුණක් යේසුස් ඔහුගේ ගෝලයන්ට දුන්නා. ඒ ලකුණට අයිති වෙන්නේ මොනවාද කියලා දැන් අපි බලමු.

යේසුස් දුන්න ලකුණ

“පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනගන්න උදව් වෙන ලකුණට අයිති සිද්ධීන් ගැන යේසුස් මෙහෙම කිව්වා. “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි.” (මතෙව් 24:3, 7) ඒ වගේම මුළු ලෝකෙටම බලපාන “වසංගත” ඇති වෙනවා කියලත් යේසුස් කිව්වා. (ලූක් 21:11) යේසුස් කිව්ව දේවල් අද ඒ විදිහටම ඉටු වෙනවා නේද?

දරුණු යුද්ධ, ආහාර හිඟකම්, භූමිකම්පා, ඉවරයක් නැති වසංගත වගේ දේවල් නිසා අද හුඟක් මිනිස්සු දුක් විඳිනවා. උදාහරණෙකට 2004දී ඉන්දියන් සාගරේ වුණ භූමිකම්පාවක් නිසා දරුණු සුනාමියක් ඇති වුණා. ඒකෙන් ජීවිත 2,25,000ක් විතර නැති වුණා. අවුරුදු තුන වගේ කාලෙකදී කොරෝනා වසංගතය නිසා ලෝකේ පුරා මිනිස්සු ලක්ෂ 69කටත් වඩා මිය ගියා. ඒ සිද්ධීන්වලින් පැහැදිලියි යේසුස් කිව්ව විනාශය අත ළඟමයි කියලා.

“අවසාන කාලය”

විනාශය වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන කාල පරිච්ඡේදය බයිබලේ හඳුන්වලා තියෙන්නේ “අවසාන කාලය” කියලයි. (2 පේතෘස් 3:3, 4) අවසාන කාලයේ හුඟක් නරක ගතිගුණ තියෙන මිනිස්සු ඉන්නවා කියලා බයිබලේ විස්තර කරලා තියෙනවා. (“අවසාන කාලයේ මිනිස්සු” කියන කොටුව බලන්න.) අද වැඩිපුරම ඉන්නේ කිසිම ආදරයක් කරුණාවක් නැති, ආත්මාර්ථකාමී, කෑදර, දරුණු මිනිස්සු කියලා ඔයාටත් හිතෙන්නේ නැද්ද? අපි ඉන්නේ මේ දුෂ්ට සමාජයේ විනාශය අද්දරයි කියලා කියන්න ඒකත් හොඳ සාක්ෂියක්.

අවසාන කාලය තව කොච්චර කල් තියෙයිද? බයිබලේ කියන්නේ අවසාන කාලය “ඉතා කෙටි කාල පරිච්ඡේදයක්” කියලා. ඒකෙන් පස්සේ දෙවියන් ‘පොළොව විනාශ කරන අයව විනාශ කරනවා.’​—එළිදරව් 11:15-18; 12:12.

යුද්ධ

යුද්ධයක් අතරමැද ඉන්න සොල්දාදුවන් වෙඩි තියනවා.
  • 2007 සිට 2017 අතර කාලයේදී ත්‍රස්තවාදය සහ අවි ගැටුම් නිසා මැරුණු සංඛ්‍යාව 118%කින් වැඩි වෙලා තියෙනවා

ලෙඩ රෝග

අසනීප වෙලා ඉන්න කෙනෙක් ඉස්පිරිතාලේ ඇඳක ඉන්නවා.
  • වැඩිම දෙනෙක් මැරෙන්නේ හෘදයාබාධ, ආඝාතය, පෙණහලු රෝග, ඉපදුණ ගමන් බිළිඳුන්ට ඇති වෙන ආබාධ, පාචනය වගේ උදරය ආශ්‍රිත රෝග, පිළිකා සහ ක්ෂය රෝගය නිසයි

කුසගින්න

හොඳටම බඩගින්නේ ඉන්න ගැහැනු ළමයෙක් භාජනයක් අතේ තියාගෙන ඉන්නවා.
  • 2021දී ලෝක ජනගහනයෙන් 9.8%ක්ම කුසගින්නෙන් පෙළුණා. මන්දපෝෂණය නිසා අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 1/3ක්ම වගේ වයසට සරිලන විදිහට වර්ධනය වෙලා නැහැ

ශුභාරංචිය දේශනා කිරීම

ජංගම පුවරුවක් ළඟ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කෙනෙක් එක්ක කතා කරනවා.
  • රටවල් හා ප්‍රදේශ 240ක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලක්ෂ 86කටත් වඩා වැඩිදෙනෙක් ශුභාරංචිය දේශනා කරනවා. ඒ වගේම එයාලගේ ප්‍රකාශන භාෂා 1000කටත් වැඩියෙන් බෙදාහරිනවා

පාරාදීසය පේන මානයේ!

මේ දුෂ්ට සමාජය විනාශ කරන දවස හා පැය දෙවියන් දැනටමත් තීරණය කරලා ඉවරයි. (මතෙව් 24:36) හැබැයි “කිසි කෙනෙකු විනාශ වෙනවාට” දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. (2 පේතෘස් 3:9) ඒක නිසා දෙවියන් අපි හැමෝටම ඔහු ගැන ඉගෙනගෙන ඔහු කැමති විදිහට ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාව දීලා තියෙනවා. මොකද ඔහුට ඕනෙ අපි හැමෝම ලස්සන පාරාදීසයක හැමදාටම ජීවත් වෙනවා දකින්නයි.

දෙවියන්ගේ රාජ්‍යය ගැනත් ඒක යටතේ ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ දේවල් ගැනත් ලෝකේ පුරාම ඉන්න මිනිසුන්ට උගන්වන්න දෙවියන් සැලැස්මක් ඇති කරලා තියෙනවා. යේසුස් ඒ ගැන කිව්වේ “ජනාවාස වූ මුළු පොළොව පුරාම” දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරනවා කියලයි. (මතෙව් 24:14) බයිබලේ තියෙන පණිවිඩය ගැන මිනිසුන්ට උගන්වන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැය බිලියන ගාණක් වැය කරලා තියෙනවා. විනාශය එන්න කලින් මුළු පොළොව පුරාම ඒ පණිවිඩය ගැන දේශනා කරනවා කියලා යේසුස් කිව්වා.

මිනිසුන්ට මේ පොළොව පාලනය කරන්න ලැබෙන්නේ තව ටික කාලයයි. ළඟදීම එන්න යන විනාශයෙන් බේරිලා හැමදාටම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්. ඒ කොහොමද කියලා ඊළඟ ලිපියෙන් බලමු.

අවසාන කාලයේ මිනිස්සු

“නමුත් අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මීට අමතරව මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.”​—2 තිමෝති 3:1-5.

“අවසාන කාලය” ගැන යේසුස් දුන්න අනාවැකිය නිසා අපිට හොඳ බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න