ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 ජනවාරි 2-7 පි.
  • කලබල නොවී යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කලබල නොවී යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කනස්සල්ලක් ඇති වෙන්න හේතු වෙන දේවල්
  • සන්සුන් වෙන්න උදව් වෙන දේවල් හයක්
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය”
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?
    යොවුන් සිතේ ගැටලු
  • ඔබගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තබන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 ජනවාරි 2-7 පි.

පාඩම් ලිපිය 1

කලබල නොවී යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න

2021 වාර්ෂික පදය: “කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ ශක්තිමත් වන්නහුය.”—යෙසා. 30:15.

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

මේ ලිපියෙන්a

1. දාවිත් රජට වගේ සමහර වෙලාවට අපිටත් කොහොම හිතෙන්න පුළුවන්ද?

අපි හැමෝම කැමති සතුටින් ජීවත් වෙන්න. කනස්සල්ලක් ඇති කරන දේවලට මුහුණ දෙන්න අපි කවුරුත් කැමති නැහැ. හැබැයි සමහර වෙලාවට ඒ වගේ දේවලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. එහෙම වෙද්දී දාවිත් රජට වගේ අපිටත් මෙහෙම හිතෙන්න පුළුවන්. “දවස මුළුල්ලෙහි ශෝකයෙන් සිටින මා තව කොපමණ කාලයක් මේ දුක ඉවසන්නද?”—ගීතා. 13:2.

2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවාද?

2 කනස්සල්ලක් ඇති වෙන එක සම්පූර්ණයෙන්ම වළක්වගන්න අපිට බැහැ තමයි. හැබැයි දැනෙන කනස්සල්ල අඩු කරගන්න අපිට පුළුවන්. කනස්සල්ලක් ඇති වෙන්න හේතු වෙන සමහර දේවල් ගැනත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී සන්සුන්ව ඉන්න උදව් වෙන කරුණු හයක් ගැනත් අපි මේ ලිපියෙන් බලමු.

කනස්සල්ලක් ඇති වෙන්න හේතු වෙන දේවල්

3. අපිට කනස්සල්ලක් දැනෙන්නේ මොන වගේ දේවල් නිසාද? ඒවා සම්පූර්ණයෙන්ම වළක්වගන්න අපිට පුළුවන්ද?

3 කනස්සල්ලට හේතු වෙන සමහර දේවල් වළක්වගන්න අපිට බැහැ. උදාහරණෙකට බඩු මිල ඉහළ යන එක, වංචාවක් කරන්න නැත්නම් අනාචාරයේ යෙදෙන්න අනිත් අය අපිව පොලඹවන්න හදන එක, මිනිස්සු කරන අපරාධ වගේ දේවල් අපිට වළක්වන්න බැහැ. ඒ වගේ දේවලට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අද ඉන්න හුඟක් අය බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නේ නැති නිසයි. අනික මේ සමාජයේ දෙවියා වන සාතන්ට ඕනෙත් මිනිස්සු ‘සමාජයේ තියෙන දේවල් ගැන අනවශ්‍ය විදිහට කරදර’ වෙලා යෙහෝවා දෙවියන්ට සේවය කරන එක නතර කරනවා දකින්නයි. (මතෙ. 13:22; 1 යොහ. 5:19) ඒ නිසා මුළු ලෝකයම ප්‍රශ්නවලින් පිරිලා තියෙන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ.

4. ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතුවොත් මොනවා වෙයිද?

4 ඔයාටත් මෙහෙම හිතිලා තියෙනවාද කියලා බලන්න. ‘පවුලේ අයට ඕන කරන දේවල් දෙන්න මට පුළුවන් වෙයිද? මං ලෙඩ වෙලා මගේ රස්සාව නැති වෙයිද? දෙවියන් අකමැති දෙයක් මගේ අතින් වෙයිද? ළඟදීම සාතන් දෙවියන්ගේ සෙනඟට විරුද්ධව එල්ල කරන ප්‍රහාරයේදී දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මට පුළුවන් වෙයිද?’ ඒ වගේ දේවල් ගැන අපි ඕනෑවට වඩා හිතන්න ගියොත් ලොකු පීඩනයක් දැනෙයි. ඒ කියන්නේ ඒ වගේ දේවල් ගැන හිතන එක වැරදිද?

5. ‘කනස්සලු වෙන්න එපා’ කියලා කියපු එකෙන් යේසුස් අදහස් කළේ මොකක්ද?

5 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ‘කනස්සලු වෙන්න එපා’ කියලා. (මතෙ. 6:25) ඒකෙන් ඔහු අදහස් කළේ කිසිම දෙයක් ගැන අපේ හිතට බරක් දැනෙන එක, පීඩනයක් දැනෙන එක වැරදියි කියලාද? නැහැ. මොකද අතීතයේ හිටපු යෙහෝවා දෙවියන්ගේ සේවකයන්ටත් පීඩනයක්, කනස්සල්ලක්b දැනුණු අවස්ථා තිබුණා. හැබැයි ඒ නිසා එයාලට යෙහෝවා දෙවියන්ගේ ආදරයවත් අනුමැතියවත් නැති වුණේ නැහැ. (1 රාජා. 19:4; ගීතා. 6:3) යේසුස්ට ඇත්තටම ඕනෙ වුණේ ඔහුගේ අනුගාමිකයන්ව දිරිගන්වන්න. මොකද ඔහු දැනගෙන හිටියා කෙනෙක් ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතන්න ගියොත් යෙහෝවා දෙවියන්ට කරන සේවයට මුල් තැන දෙන්න එයාට බැරි වෙනවා කියලා. එහෙනම් ප්‍රශ්න ගැන කනස්සලු නොවී ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?—“ඒක කරන්න පුළුවන් කොහොමද?” කියන කොටුව බලන්න.

සන්සුන් වෙන්න උදව් වෙන දේවල් හයක්

පින්තූරවල අදහස: සහෝදරියක් දවසේ විවිධ අවස්ථාවලදී යාච්ඤා කරනවා. 1. කෑම කන්න කලින්. 2. උද්‍යානයක තියෙන බංකුවක ඉඳන් ඉද්දී. 3. බයිබලය අධ්‍යයනය කරන්න කලින්.

6 ඡේදය බලන්නc

6. ෆිලිප්පි 4:6, 7 කියන විදිහට කනස්සලු වෙන්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

6 (1) දිගටම යාච්ඤා කරන්න. ඔයාගේ හිතට ලොකු බරක් දැනෙද්දී යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. (1 පේතෘ. 5:7) එතකොට යෙහෝවා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ‘කිසිම මිනිසෙක්ට වටහාගන්න බැරි සමාදානයක් අද්දකින්න’ ඔයාට උදව් කරයි.—ගලා. 5:22; ෆිලිප්පි 4:6, 7 කියවන්න.

7. යාච්ඤා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

7 යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරද්දී හිතේ තියෙන හැම දෙයක් ගැනම ඔහුට කියන්න. ඔයා මුහුණ දෙන ප්‍රශ්න ගැනත් ඒ ගැන ඔයාට හිතෙන විදිහ ගැනත් ඔහුට කියන්න. ඔයාගේ ප්‍රශ්නේ ඔයාට විසඳගන්න පුළුවන් එකක් නම් ඒක කරන්න පුළුවන් හොඳම විදිහ පෙන්නලා දෙන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න. ඔයාගේ ප්‍රශ්නේ ඔයාට විසඳගන්න බැරි එකක් නම් ඒ ගැන ඕනෑවට වඩා ළත නොවී ඉන්න උදව් කරන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න. හිතේ තියෙන හැම දෙයක්ම ඔයා නිශ්චිතව කියද්දී යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන විදිහ පැහැදිලිව දකින්න ඔයාට පුළුවන් වෙනවා. ඔයා හිතන තරම් ඉක්මනින් ඔයාගේ යාච්ඤාවට උත්තර ලැබුණේ නැත්නම් අධෛර්යය වෙලා යාච්ඤා කරන එක නතර කරන්න එපා. මොකද ඔයාගේ හිතේ තියෙන හැම දෙයක් ගැනම නිශ්චිතව කියයි කියලත් ඒ ගැන ඔයා දිගටම යාච්ඤා කරයි කියලත් යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙනවා.—ලූක් 11:8-10.

8. යාච්ඤා කරද්දී අපි අමතක කරන්න හොඳ නැත්තේ මොකක්ද?

8 ඔයාගේ ප්‍රශ්න ගැන යාච්ඤා කරද්දී යෙහෝවා දෙවියන් කරලා තියෙන දේවල් ගැන ස්තුති කරන්න අමතක කරන්නත් එපා. අපි ප්‍රශ්නවලට මුහුණ දෙද්දී අපිට සතුටු වෙන්න තියෙන දේවල් ගැන හිතන එක හරිම වැදගත්. සමහර වෙලාවට ඔයාට හිතුණොත් ‘මගේ හිතේ තියෙන දේ හරියටම යෙහෝවා දෙවියන්ට කියාගන්න බැහැනේ’ කියලා මොකද කරන්නේ? ‘අනේ දෙවියනි, මට උදව් කරන්න’ කියලා කිව්වත් යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාගේ යාච්ඤාවට උත්තර දෙනවා කියලා මතක තියාගන්න.—2 ලේක. 18:31; රෝම 8:26.

ඒ සහෝදරිය වැඩපොළේ කෑම පැයේදී එයාගේ ටැබ් එකෙන් පෞද්ගලික අධ්‍යයනය කරනවා.

9 ඡේදය බලන්නd

9. හිතට බයක් දැනෙද්දී අපි කරන්න ඕනෙ මොනවාද?

9 (2) යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. යෙසායා ජීවත් වුණු කාලෙදී යුදෙව්වන්ට ලොකු බයක් දැනුණා ඇසිරියානු හමුදාව එයාලව විනාශ කරයි කියලා. ඒ නිසා එයාලා ඊජිප්තුවරුන්ගෙන් උදව් ගත්තා. (යෙසා. 30:1, 2) හැබැයි ඊජිප්තුවරුන්ගෙන් උදව් ගත්තොත් ගොඩක් නරක ප්‍රතිඵල අද්දකින්න වෙනවා කියලා යෙහෝවා දෙවියන් එයාලට අනතුරු ඇඟෙව්වා. (යෙසා. 30:7, 12, 13) හිතට බයක් දැනුණොත් කරන්න ඕනෙ මොනවාද කියලා යෙහෝවා දෙවියන් යෙසායා මාර්ගයෙන් එයාලට මෙහෙම කිව්වා. “කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ ශක්තිමත් වන්නහුය.”—යෙසා. 30:15ආ.

10. අපි යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

10 යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න අපිට පුළුවන් කොහොමද? ටිකකට මෙහෙම හිතන්න. හොඳ පඩියක් ලැබෙන රස්සාවක් ඔයාට ලැබෙනවා. හැබැයි ඔයා ඒක භාරගත්තොත් වැඩි වෙලාවක් රස්සාවට දෙන්න වෙන නිසා, දැන් ඔයා යෙහෝවා දෙවියන්ට කරනවා තරම් සේවයක් කරන්න ඔයාට බැරි වෙනවා. යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණේ නැති කෙනෙක් වැඩපොළේදී ඔයාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්න හදනවා. පවුලේ කෙනෙක් ඔයාට කියනවා එක්කෝ යෙහෝවා දෙවියන්ව හරි එක්කෝ එයාව හරි තෝරගන්න කියලා. ඒ හැම අවස්ථාවකම හරි දේ කරන එක ලේසි නැති වුණත් හරි තීරණයක් ගන්න ඔයාට මඟ පෙන්නන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. (මතෙ. 6:33; 10:37; 1කොරි. 7:39) හැබැයි එහෙම වෙද්දී යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා ඔහුට කීකරු වෙන්න ඔයා පෙලඹෙයිද?

ඒ සහෝදරිය බයිබලයත් ඒ මත පදනම් ප්‍රකාශනයකුත් කියවනවා.

11 ඡේදය බලන්නe

11. දරුණු විරුද්ධවාදීකම් මැද වුණත් සන්සුන්ව ඉන්න අපිට උදව් වෙන්නේ බයිබලේ තියෙන මොන සිද්ධීන්ද?

11 (3) බයිබලේ තියෙන ආදර්ශ සහ අවාදර්ශවලින් පාඩම් ඉගෙනගන්න. යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න උදව් වෙන සිද්ධීන් බයිබලේ ඕන තරම් තියෙනවා. ඔයා ඒ සිද්ධීන් අධ්‍යයනය කරද්දී දරුණු විරුද්ධවාදිකම් මැද වුණත් සන්සුන්ව ඉන්න දෙවියන්ගේ සේවකයන්ට උදව් වුණේ මොනවාද කියලා හොඳට හිතන්න. උදාහරණෙකට ශුභාරංචිය දේශනා කරන එක නතර කරන්න කියලා යුදෙව් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝජිතයන්ට අණ කළාම එයාලා බය වුණේ නැහැ. එයාලා නිර්භීතව කිව්වා ‘අපි කීකරු වෙන්න ඕනෙ මිනිසුන්ට නෙවෙයි දෙවියන්ට’ කියලා. (ක්‍රියා 5:29) මිනිසුන්ගෙන් ගුටි කෑවත් එයාලා කලබල වුණේ නැහැ. මොකද එයාලා දැනන් හිටියා යෙහෝවා දෙවියන් එයාලගේ පැත්තේ ඉන්නවා කියලා. ඒ නිසා එයාලා දිගටම ශුභාරංචිය දේශනා කළා. (ක්‍රියා 5:40-42) ස්තේපන්ටත් ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණා. බොරු චෝදනා නඟලා එයාව මරන්න කලින් එයා කොච්චර සන්සුන්ව හිටියාද කිව්වොත් බයිබලේ කියන්නේ එයාගේ මුහුණ “දේවදූතයෙකුගේ මුහුණ” වගේ පෙනුණා කියලයි. (ක්‍රියා 6:12-15) යෙහෝවා දෙවියන් එයා ගැන සතුටු වෙනවා කියන එක ගැන ස්තේපන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ.

12. 1 පේතෘස් 3:14 සහ 4:14 කියන විදිහට පීඩාවලට මුහුණ දෙන්න වෙද්දී අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන් ඇයි?

12 යෙහෝවා දෙවියන් තමන් එක්ක ඉන්නවා කියන එක ගැන නියෝජිතයන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. මොකද ආශ්චර්යයන් කරන්න ඔහු එයාලට බලය දීලා තිබුණා. (ක්‍රියා 5:12-16; 6:8) ඒ වගේ දේවල් කරන්න ඔහු අපිට බලය දෙන්නේ නැහැ. හැබැයි විශ්වාසය නිසා මුහුණ දෙන්න වෙන පීඩා අපි විඳදරාගද්දී ඔහු ඒ ගැන සතුටු වෙනවා කියලත් අපිට බලය දෙනවා කියලත් බයිබලය මාර්ගයෙන් ඔහු අපිට සහතික කරලා තියෙනවා. (1 පේතෘස් 3:14; 4:14 කියවන්න.) ඒ නිසා අපිට මොන වගේ දරුණු පීඩාවලට මුහුණ දෙන්න වෙයිද කියලා හිතහිත අපි ළත වෙන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට අපිට උදව් කරන්නත් අපිව ගලවගන්නත් යෙහෝවා දෙවියන්ට පුළුවන් කියන එක ගැන අපිට තියෙන නිසැකකම තව වැඩි කරගන්න අපි අපේ උපරිමයෙන් වෑයම් කරමු. ඒ වගේම නියෝජිතයන් කළා වගේ යේසුස් දීපු මේ පොරොන්දුව අපි විශ්වාස කරමු. “මම ඔබට ප්‍රඥාවන්තව කතා කරන්න හැකියාව ලබා දෙනවා. ඒ නිසා ඔබ පවසන දේවලට විරුද්ධව දේවල් කියන්න ඔබට විරුද්ධව නැඟී සිටින අයට කොහොමටවත් බැරි වෙයි.” ඒ වගේම ‘විඳදරාගෙන හිටියොත් ගැලවීම ලැබෙයි’ කියලා ඔහු දීපු පොරොන්දුව ගැනත් අපිට කිසිම සැකයක් නැහැ. (ලූක් 21:12-19) ඒ විතරක් නෙවෙයි දිගටම විශ්වාසවන්තව ඉඳලා මැරුණු තමන්ගේ සේවකයන් ගැන හැම පුංචි තොරතුරක්ම යෙහෝවා දෙවියන් මතක තියාගන්නවා කියලත් අමතක කරන්න එපා. ඔහු අනිවාර්යයෙන්ම ඒ අයට ආයෙත් ජීවිතය දෙනවා.

13. යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා සන්සුන්ව වැඩ කළේ නැති අයගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

13 යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා සන්සුන්ව වැඩ කළේ නැති අයගෙනුත් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. එයාලා ගැන අධ්‍යයනය කරන එක අපිට උදව් වෙනවා එයාලා වැටුණු වළේ නොවැටී ඉන්න. උදාහරණෙකට ඉතියෝපියානු හමුදාව යූදා දේශයට විරුද්ධව ආවාම ආසා යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කළා. ඒ නිසා ඒ යුද්ධය දිනන්න යෙහෝවා දෙවියන් උදව් කළා. (2 ලේක. 14:9-12) හැබැයි පස්සේ කාලෙක ඊට වඩා පොඩි හමුදාවක් බාෂා රජ එක්ක යූදා දේශයට විරුද්ධව ආවාම එයා යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා වෙනුවට සිරියානුවන්ගෙන් උදව් ගත්තා. (2 ලේක. 16:1-3) ඒ විතරක් නෙවෙයි මහලු වයසේදී ආසා රජ හුඟක් අසනීප වුණාමත් යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරනවා වෙනුවට ලෙඩ සුව කරන්නන්ගෙන් එයා උදව් ගත්තා.—2 ලේක. 16:12.

14. ආසා කරපු වරදින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

14 මුලදී ආසා රජ යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කළත් පස්සේ එයා එයාට හරියි කියලා හිතෙන විදිහට දේවල් කළා. ආසා සිරියානුවන්ගෙන් උදව් ගත්ත එක කොච්චර හොඳ දෙයක්ද කියලා මුලදී හිතෙන්න ඇති. හැබැයි එයා ගත්ත ඒ තීරණය නිසා පස්සේ යූදා දේශයේ අයට ගොඩක් දුක් විඳින්න සිද්ධ වුණා. යෙහෝවා දෙවියන් අනාගතවක්තෘවරයෙක් මාර්ගයෙන් ආසාට මෙහෙම කිව්වා. “ඔබ ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය නොතබා සිරියාවේ රජුගෙන් උදව් ඉල්ලූ නිසා සිරියානු රජුගේ හමුදාව තවදුරටත් ඔබේ පාලනය යටතේ තබාගැනීමට ඔබට හැකි වෙන්නේ නැහැ.” (2 ලේක. 16:7) මොකක්ද පාඩම? අපිට හරියි කියලා හිතෙන විදිහට අපේ ප්‍රශ්න විසඳගන්නවා වෙනුවට බයිබලය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම් ගැන අපි හොයලා බලන්න ඕනේ. ඉක්මනින් තීරණයක් ගන්න වෙන අවස්ථාවලදීත් අපි සන්සුන්ව ඉඳලා යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න ඕනේ. එතකොට ඔහු අනිවාර්යයෙන්ම අපිට උදව් කරයි.

ඒ සහෝදරිය යෙසායා 30:15 කොළයක ලියලා ඒක ෆ්‍රිජ් එකේ අලවනවා.

15 ඡේදය බලන්නf

15. බයිබලය කියවද්දී අපි කරන්න ඕනෙ මොකක්ද?

15 (4) බයිබල් පද මතක තියාගන්න. සන්සුන්ව ඉඳලා දෙවියන් ගැන විශ්වාසය තියන එකේ වැදගත්කම තේරුම්ගන්න උදව් වෙන බයිබල් පද ඔයාට හම්බ වුණොත් පුළුවන් නම් ඒවා මතක තියාගන්න. සමහරවිට ඒ පද ඔයාටම ඇහෙන්න කියවන එක නැත්නම් ඒවා ලියාගෙන ආයේ ආයේ කියවන එක, ඒවා මතක තියාගන්න ඔයාට උදව් වෙයි. යෙහෝවා දෙවියන් යොෂුවාට කිව්වා ඔහුගේ නීතිය හැම දවසකම කියවලා ඥානවන්තව වැඩ කරන්න කියලා. බය වෙන්නේ නැතුව ධෛර්යවන්තව දෙවියන්ගේ සෙනඟට මඟ පෙන්නන්නත් ඒක යොෂුවාට උදව් වුණා. (යොෂු. 1:8, 9) අපේ හිතට ලොකු බයක්, පීඩනයක් දැනෙද්දී සන්සුන්ව ඉන්න උදව් වෙන තොරතුරු අපිටත් බයිබලෙන් ඕන තරම් හොයාගන්න පුළුවන්.—ගීතා. 27:1-3; හිතෝ. 3:25, 26.

ඒ සහෝදරිය සේවේ යන ගමන් තවත් සහෝදරියක් එක්ක කතා කරනවා.

16 ඡේදය බලන්නg

16. සන්සුන්ව ඉඳලා යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන්න ඔහු සභාවේ අය මාර්ගයෙන් අපිට උදව් කරන්නේ කොහොමද?

16 (5) සහෝදර සහෝදරියන්ව ඇසුරු කරන්න. යෙහෝවා දෙවියන් සන්සුන්ව ඉන්නත් ඔහු ගැන විශ්වාසය තියලා වැඩ කරන්නත් සහෝදර සහෝදරියන් මාර්ගයෙන් අපිට උදව් කරනවා. උදාහරණෙකට රැස්වීම්වලදී ඉදිරිපත් කරන දේශනවලින්, සහෝදර සහෝදරියන් දෙන අදහස්වලින් වගේම සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන එකෙන් අපි ගොඩක් දිරිගැන්වෙනවා. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ විතරක් නෙවෙයි අපේ හිතේ තියෙන ප්‍රශ්න ගැන සභාවේ ඉන්න විශ්වාසවන්ත යාළුවන් එක්ක කියද්දී අපිට ලොකු සහනයක් දැනෙනවා. ඇත්තටම විශ්වාසවන්ත යාළුවෙක් කියන “දිරිගන්වනසුලු වචනයකින්,” අපේ හිතේ තියෙන බර අඩු කරගන්න අපිට පුළුවන් වෙනවා.—හිතෝ. 12:25.

ඒ සහෝදරිය අනාගතයේදී දේවරාජ්‍යය මාර්ගයෙන් ලැබෙන්න යන ආශීර්වාද ගැන කල්පනා කරනවා.

17 ඡේදය බලන්නh

17. හෙබ්‍රෙව් 6:19 කියන විදිහට අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී වුණත් සන්සුන්ව ඉන්න අපේ බලාපොරොත්තුව උදව් වෙන්නේ කොහොමද?

17 (6) අනාගත බලාපොරොත්තුව ස්ථිර කරගන්න. අපේ බලාපොරොත්තුව හරියට ජීවිතය කියන නැවට “නැංගුරමක්” වගෙයි. ප්‍රශ්න, අභියෝග මැද වුණත් සන්සුන්ව ඉන්න ඒක අපිට උදව් වෙනවා. (හෙබ්‍රෙව් 6:19 කියවන්න.) ටිකකට හිතන්න යෙහෝවා දෙවියන් ඉස්සරහට අපිට දෙන්න යන ඒ ලස්සන කාලය ගැන. (යෙසා. 65:17) කිසිම ප්‍රශ්නයක් අද්දකින්න වෙන්නේ නැති ඒ කාලෙදී ඔයා සතුටින් ඉන්න විදිහ හිතින් මවාගන්න පුළුවන්ද? (මීකා 4:4) ඔයාට තියෙන ඒ ලස්සන බලාපොරොත්තුව ගැන අනිත් අයට කියද්දී ඒ බලාපොරොත්තුව තවත් ශක්තිමත් වෙයි. ඒ නිසා පුළුවන් උපරිමයෙන් සේවේ හවුල් වෙන්න උත්සාහ කරන්න. ‘ඔයාගේ බලාපොරොත්තුව සැබවින්ම ඉටු වෙනවා කියලා අන්තිමය දක්වාම පූර්ණ නිසැකකමින් ඉන්න’ ඒක ඔයාට උදව් වෙයි.—හෙබ්‍රෙ. 6:11.

“කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ ශක්තිමත් වන්නහුය.”—යෙසා. 30:15

පින්තූරවල අදහස: සන්සුන්ව ඉන්න සහෝදරියකට උදව් වුණු දේවල් හයක්. ඒ දේවල් ගැන මේ ලිපියෙන් සලකලා බැලුවා.

ඒක කරන්න පුළුවන් කොහොමද?

  1. 1. දිගටම යාච්ඤා කරන්න

  2. 2. යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න

  3. 3. බයිබලේ තියෙන ආදර්ශ සහ අවාදර්ශවලින් පාඩම් ඉගෙනගන්න

  4. 4. බයිබල් පද මතක තියාගන්න

  5. 5. සහෝදර සහෝදරියන්ව ඇසුරු කරන්න

  6. 6. අනාගත බලාපොරොත්තුව ස්ථිර කරගන්න

18. අනාගතයේදී මොනවා වෙයිද? ඒවාට සාර්ථකව මුහුණ දෙන්න අපිට පුළුවන් කොහොමද?

18 අපි ජීවත් වෙන්නේ මේ දුෂ්ට සමාජයට එන්න යන විනාශය අද්දර නිසා ඉස්සරහට අපිට තවත් අභියෝගවලට මුහුණ දෙන්න වෙයි. අපි, අපි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා වෙනුවට යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කළොත් සන්සුන්ව ඉන්නත් ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නත් අපිට පුළුවන් කියලා මේ අවුරුද්දේ වාර්ෂික පදයෙන් අපිට මතක් කරලා දෙනවා. ඒ පදයේ කියන්නේ මෙහෙමයි. “කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ ශක්තිමත් වන්නහුය.” (යෙසා. 30:15) ඒ පොරොන්දුව ගැන අපිට ස්ථිර විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලිව පෙනෙන විදිහට හැම දෙයක්ම කරන්න අපි අදිටන් කරගමු.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • සමහර දේවල් ගැන පීඩනයක් දැනෙන එක වැරදි නැත්තේ ඇයි?

  • සන්සුන්ව ඉන්න උදව් වෙන දේවල් හයක් කියන්න.

  • මේ අවුරුද්දේ වාර්ෂික පදය මේ කාලෙට හොඳින්ම ගැළපෙන්නේ ඇයි?

ගීතිකාව 8 යෙහෝවා දෙවි ආරක්ෂාව දෙයි

a කනස්සල්ලක් ඇති කරන දේවලට මුහුණ දෙන්න වෙද්දී යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියන එක කොච්චර වැදගත්ද කියලා 2021 වාර්ෂික පදයෙන් අපිට මතක් කරලා දෙනවා. වාර්ෂික පදය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.

b සමහර සහෝදර සහෝදරියන්ට අසනීප තත්වයක් නිසා ලොකු පීඩනයක්, කනස්සල්ලක් දැනෙන්න පුළුවන්. හැබැයි යේසුස් කතා කළේ ඒ වගේ තත්වයක් ගැන නෙවෙයි කියලා අපි මතක තියාගන්න ඕනේ.

c පින්තූරයේ අදහස: (1) සහෝදරියක් එයාගේ හිතේ තියෙන ප්‍රශ්න ගැන දවසේ විවිධ අවස්ථාවලදී යාච්ඤා කරනවා.

d පින්තූරයේ අදහස: (2) වැඩපොළේ කෑම පැයේදී එයා බයිබලය කියවනවා.

e පින්තූරයේ අදහස: (3) දෙවියන්ට විශ්වාසවන්තව හිටපු අය ගැන සහ එහෙම කළේ නැති අය ගැන එයා බයිබලේ කියවද්දී හොඳට කල්පනා කරනවා.

f පින්තූරයේ අදහස: (4) මතක තියාගන්න කැමති බයිබල් පදයක් එයා ෆ්‍රිජ් එකේ අලවනවා.

g පින්තූරයේ අදහස: (5) එයා යාළුවෙක් එක්ක සතුටින් සේවේ හවුල් වෙනවා.

h පින්තූරයේ අදහස: (6) එයාගේ බලාපොරොත්තුව ගැන හිතලා ඒ ගැන එයාට තියෙන විශ්වාසය එයා තවත් ශක්තිමත් කරගන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න