ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 ඔක්තෝබර් 29-31 පි.
  • සියවසකට පෙර - 1921

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සියවසකට පෙර - 1921
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නිර්භීතව සාක්ෂි දරන්නන්
  • බයිබලය අධ්‍යයනය කරන්න අත්වැලක්
  • අලුත් පොතක්!
  • කරන්න තව ලොකු වැඩ කොටසක් තියෙනවා
  • දෙවි අපෙන් ඉල්ලන දේ කරද්දී ආශීර්වාදවලින් අඩුවක් නෑ
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සියවසකට පෙර - 1922
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සතුට ගෙන දෙන තීරණ
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පරම්පරා හතකට ලැබුණු දායාදයක්!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 ඔක්තෝබර් 29-31 පි.

සියවසකට පෙර 1921

1921 ජනවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ මේ වගේ ප්‍රශ්නයක් බයිබල් ශිෂ්‍යයන්ගෙන් අහලා තිබුණා. “මේ අවුරුද්දේ අපි ආසාවෙන් ඉන්නේ මොන වැඩේ කරන්නද?” ඒ ප්‍රශ්නෙට උත්තරේ විදිහට සඟරාවේ යෙසායා 61:1, 2 කියන දේ සඳහන් කරලා තිබුණා. එතන මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචිය ප්‍රකාශ කරන පිණිස මාව අභිෂේක කළේය. යෙහෝවා දෙවි කරුණාව දක්වන අවුරුද්ද ගැන ප්‍රකාශ කරන්නත් ඔහු තම සතුරන්ට දඬුවම් කිරීමට නියම කර ඇති දවස ගැන ප්‍රකාශ කරන්නත් ඔහු මාව එව්වේය.’ ඒ පද දැක්කාම බයිබල් ශිෂ්‍යයන්ට ශුභාරංචිය දේශනා කරන එක කොච්චර වැදගත්ද කියලා මතක් වුණා.

නිර්භීතව සාක්ෂි දරන්නන්

ශුභාරංචිය දේශනා කරන්න නම් බයිබල් ශිෂ්‍යයන්ට ලොකු නිර්භීතකමක් ඕනෙ වුණා. මොකද එයාලට මෘදු ගුණැති අයට ‘ශුභාරංචිය’ කියන්න විතරක් නෙවෙයි දුෂ්ටයන්ට දෙවියන් “තම සතුරන්ට දඬුවම් කිරීමට නියම කර ඇති දවස” ගැන දැනුම් දෙන්නත් සිද්ධ වුණා.

සහෝදර ජේ. එච් හොස්කින් හිටියේ කැනඩාවේ. කොච්චර විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නත් එයා බය නැතුව දේශනා කළා. 1921දී දවසක් එයාට මෙතෝදිස්ත පූජකයෙක්ව හම්බ වුණා. “අපි බයිබලේ තියන දේවල් ගැන ටිකක් කතා කරමු. සමහර කාරණාවලදී අපි දෙන්නාට එකඟ වෙන්න බැරි වෙයි. හැබැයි අපි තරහ ගන්නේ නැතුව සාමකාමීව මේ සාකච්ඡාව කරමු” කියලා එයා ඒ පූජකයාට කිව්වා. ඊටපස්සේ වුණ දේ ගැන සහෝදර හොස්කින් මෙහෙම කියනවා. “අපිට වැඩි වෙලා කතා කරන්න හම්බ වුණේ නෑ. පූජකයාට කොච්චර තරහ ගියාද කියනවා නම් එයා හයියෙන් දොරට ගැහුවා. මං හිතුවේ ගහපු පාරට ඒ දොරේ තිබුණ වීදුරුවක් කඩාගෙන වැටෙයි කියලා.”

අන්තිමේදී “ඔයා ඕවා ගිහින් දෙවියන් ගැන දන්නේ නැති අයට කියන්න” කියලා ඒ පූජකයා කෑගැහුවා. ඒ වෙලාවේ සහෝදර හොස්කින් මුකුත්ම නොකියා එතනින් ආවා. හැබැයි එන ගමන් එයා එයාටම කියාගත්තා ‘මං කතා කළේ ඒ වගේ කෙනෙක් එක්ක තමයිනෙ’ කියලා.

ඊළඟ දවසේ පූජාවේදී ඒ පූජකයා කියපු දේ ගැන සහෝදර හොස්කින් මෙහෙම කිව්වා. “මං තරම් මිනිසුන්ව රවට්ටන කෙනෙක් මේ නගරේ නෑ,හරි නම් මාව වෙඩි තියලා මරන්න ඕනෙ කියලා එයා කිව්වා.” ඒ මොන දේ වුණත් හොස්කින් බය නැතුව ශුභාරංචිය දේශනා කළා. ඒ වගේම එයාට හුඟක් අය අහුම්කන් දුන්නා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ඒ කාලේ කරපු සේවය මට කවදාවත් අමතක වෙන්නේ නෑ. සමහර අය මං ළඟටම ඇවිත් කිව්වා ‘ඔයා සේවය කරන්නේ දෙවියන් වෙනුවෙන් කියලා අපි දන්නවා. ඔයාට ඕනෙ කරන මොනවා හරි තියෙනවා නම් කියන්න. අපි ඒවා ගෙනල්ලා දෙන්නම්’ කියලා.”

බයිබලය අධ්‍යයනය කරන්න අත්වැලක්

උනන්දුව දක්වන අයට තවත් දියුණු වෙන්න උදව් කරන්න ‘රන්වන් යුගය’a කියන සඟරාවේ බයිබලය අධ්‍යයනය කරන්න වැඩසටහනක් පළ වුණා. ඒකේ දරුවන්ට තිබුණ කොටසේ දෙමව්පියන්ට එයාලගේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න ප්‍රශ්න තිබුණා. ඉතින් “දෙමව්පියන් ඒ සඟරාවේ තිබුණු ප්‍රශ්න දරුවන්ගෙන් අහලා ඒවාට බයිබලෙන්ම උත්තර හොයාගන්න එයාලට උදව් කළා.” “බයිබලේ පොත් කීයක් තියෙනවාද?” වගේ ප්‍රශ්නවලින් දරුවන්ට බයිබලය ගැන මූලික දැනුමක් ලැබුණා. අනිත් අතට “යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් හැමෝටම විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවාද?” වගේ ප්‍රශ්නවලින් බය නැතුව සාක්ෂි දරන අය වෙන්න දරුවන්ව සූදානම් කළා.

යුග පිළිබඳ දිව්‍ය සැලැස්ම කියන කොටස හදලා තිබුණේ ‘ශුද්ධ ලියවිලි පිළිබඳ අධ්‍යයනය’ කියන පොතේ 1වෙනි වෙළුමෙන් ගත්ත තොරතුරුවලිනුයි. ඒ කොටසේ අද්දැකීම් තියෙන බයිබල් ශිෂ්‍යයන්ව තවත් හිතන්න පොලඹවන විදිහේ ප්‍රශ්න තිබුණා. ඒ වැඩසටහන්වලින් හුඟදෙනෙක් ප්‍රයෝජන ගත්තා. හැබැයි 1921 දෙසැම්බර් 21 ‘රන්වන් යුගය’ සඟරාවේ ඒ වැඩසටහන් දෙකම නවත්තනවා කියලා දැනුම් දුන්නා. එකපාරටම ඒ වගේ වෙනසක් කළේ ඇයි?

අලුත් පොතක්!

‘දෙවිගේ වීණාව’ කියන පොත

කියවන්න ඕනෙ කොටස ලකුණු කරලා තියෙන කාඩ් එකක්

ප්‍රශ්න ඇතුළත් කාඩ්

ඒ කාලේ පෙරමුණ ගත්ත සහෝදරයන්ට තේරුණා අලුතෙන් සත්‍යයට එන අයට බයිබලේ තියෙන දේවල් පිළිවෙලකට ඉගෙනගන්න උදව් ඕනෙ කියලා. ඒ නිසා 1921 නොවැම්බර් මාසේදී ‘දෙවිගේ වීණාව’ කියන පොත මුදාහැරියා. ඒ පොත ගන්න කැමති වුණ අයට ඒක අධ්‍යයනය කරන්න තිබුණ වැඩසටහනකට හවුල් වෙන්න කියලා දිරිගැන්නුවා. ඒකෙන් “දෙවියන් මිනිසුන්ට දෙන්න යන සදාකාල ජීවිතය” ගැන තනියම අධ්‍යයනය කරලා දැනගන්න මිනිසුන්ට පුළුවන් වුණා. ඒ වැඩසටහන සිද්ධ වුණේ කොහොමද?

කෙනෙක් පොතක් ගත්තාම එයාට ඒත් එක්කම පුංචි කාඩ් එකක් හම්බ වුණා. එයා පළවෙනි සතියේ කියවන්න ඕනෙ පොතෙන් මොන කොටසද කියලා ඒ කාඩ් එකේ ලකුණු කරලා තිබුණා. ඊළඟ සතියේ එයාට තවත් කාඩ් එකක් හම්බ වුණා. ඒ කාඩ් එකේ එයා කලින් කියවපු කොටසට අදාළ ප්‍රශ්න තිබුණා. ඒකේ අන්තිමට එයා ඊළඟ සතියේ කියවන්න ඕනෙ කොටසත් ලකුණු කරලා තිබුණා.

මේ විදිහට සති 12ක් යන කල්ම අලුත් බයිබල් ශිෂ්‍යයාට කාඩ් හම්බ වෙනවා. ඒක එයාට යවන්නේ එයා ඉන්න ප්‍රදේශයේ ළඟම තියෙන සභාවෙන්. සාමාන්‍යයෙන් ඒ කාඩ් යවන්න පැවරුණේ වයසට ගිහින් ඉන්න නිසා හරි වෙන මොකක් හරි හේතුවක් නිසා හරි ගෙදරටම කොටු වෙලා ඉන්න සහෝදර සහෝදරියන්ටයි. උදාහරණෙකට ඇමරිකාවේ මිල්වේල්වල හිටපු සහෝදරි ඇනා කේ. ගාඩ්නර් මෙහෙම කියනවා. “‘දෙවිගේ වීණාව’ පොත මුදාහැරියාට පස්සේ රෝද පුටුවේ හිටපු මගේ අක්කා තේල්ට කරන්න ගොඩක් වැඩ තිබුණා. එයා හැම සතියකම පොත ගත්ත අයට ප්‍රශ්න ලියලා තිබුණ කාඩ් යැව්වා.” කෙනෙක් ඒ වැඩසටහන ඉවර කළාට පස්සේ සභාවේ කෙනෙක් එයාව බලන්න ගිහින් බයිබලය ගැන තවත් දේවල් කියලා දුන්නා.

රෝද පුටුවක ඉන්න සහෝදරි තේල් ගාඩ්නර්

කරන්න තව ලොකු වැඩ කොටසක් තියෙනවා

ඒ අවුරුද්ද අවසානයේදී සහෝදර ජේ. එෆ්. රදෆර්ඩ් හැම සභාවකටම ලියුමක් එව්වා. ඒ ලියුමේ එයා මෙහෙම සඳහන් කරලා තිබුණා. “මේ අවුරුද්දේ අපි කලින් අවුරුදුවලටත් වඩා වැඩියෙන් මිනිසුන්ට දෙවියන්ගේ රාජ්‍යය ගැන දේශනා කරලා දෙවියන්ට ළං වෙන්න උදව් කරලා තියෙනවා. හැබැයි තව කරන්න ගොඩක් වැඩ තියෙනවා. ඒ නිසා දෙවියන් වෙනුවෙන් කරන ඒ වැදගත් වැඩේට හවුල් වෙන්න කියලා පුළුවන් තරම් දෙනෙක්ව දිරිගන්වන්න.” බයිබල් ශිෂ්‍යයන් ඒකට කීකරු වුණ නිසා 1922දී හරිම නිර්භීතව ලොකු සාක්ෂියක් දරන්න එයාලට පුළුවන් වුණා.

ජීවිතය පරදුවට තියපු යාළුවෝ

බයිබල් ශිෂ්‍යයන් හිටියේ ආදරෙන් බැඳුණු පවුලක් වගේ. එයාලා අතර කොච්චර ආදරයක් තිබුණාද කියනවා නම් අනිත් කෙනා වෙනුවෙන් ජීවිතේ දෙන්න වුණත් එයාලා සූදානම් වෙලා හිටියා. මේ ලිපියේ තියෙන අද්දැකීමෙන් පේනවා වගේ එයාලා “විපතකදී උපකාර කරන්න ඉපදුණු” සහෝදරයන් කියලා හැමෝටම පැහැදිලි වුණා.—හිතෝ. 17:17.

1921 මැයි 31වෙනි අඟහරුවාදා ටුල්සා ඔක්ලහෝමාවල කලු ජාතිකයන් සහ සුදු ජාතිකයන් අතර ගැටුමක් ඇති වුණා. ඒකට හේතු වුණේ කලු ජාතික පිරිමි කෙනෙක් සුදු ජාතික ගැහැනු කෙනෙක්ට හිරිහැර කළා කියන චෝදනාවයි. සුදු ජාතිකයන් දාහක් විතර එකතු වෙලා කලු ජාතිකයන් ටිකදෙනෙක් එක්ක ගැටුමක් ඇති කරගත්තා. ඒ ගැටුම කොච්චර දුර දිග ගියාද කියනවා නම් කලු ජාතිකයන් ජීවත් වුණ ග්‍රීන්වුඩ් නගරයට සුදු ජාතිකයන් පහර දුන්නා. එයාලා ඒ නගරේ තිබුණු ගෙවල් සහ ව්‍යාපාරික ස්ථාන 1,400කටත් වඩා වැඩියෙන් කොල්ල කාලා ගිනිබත් කළා. ඒකෙන් මැරුණේ 36දෙනෙක් විතරයි කියලා වාර්තාවලින් කිව්වත් ඇත්තටම ඒක සිය ගාණක් වුණත් වෙන්න පුළුවන්.

සහෝදර රිචඩ් ජේ. හිල් ග්‍රීන්වුඩ්වල ජීවත් වුණ කලු ජාතික සහෝදරයෙක්. එදා වුණ සිද්ධිය ගැන එයා මෙහෙම කිව්වා. “එදා රෑ අපිට සාමාන්‍ය විදිහට රැස්වීම් තිබුණා. රැස්වීම ඉවර වුණාට පස්සේ නගරේ පැත්තෙන් වෙඩි සද්ද ඇහෙන්න පටන්ගත්තා. මහ රෑ වෙන කල්ම වෙඩි සද්ද නතර වුණේ නෑ.” ඊළඟ දවසේ, ඒ කියන්නේ ජූනි 1වෙනි බදාදා උදේ වෙද්දී තත්වය තවත් දරුණු අතට හැරිලා තිබුණා. “කට්ටියක් ඇවිල්ලා අපිට කිව්වා ජීවිතේ බේරගන්න ඕනෙ නම් සම්මන්ත්‍රණ ශාලාවට දැන්මම යන්න කියලා.” ඉතින් සහෝදර හිල් එයාගේ නෝනායි දරුවෝ පස්දෙනායි එක්ක ඉක්මනින්ම ටුල්සාවල තිබුණු සම්මන්ත්‍රණ ශාලාවට ගියා. එතනට කලු ජාතික අය තුන්දාහක් විතර ඇවිල්ලා හිටියා. අරගලය පාලනය කරන්න රජයෙන් එවපු හමුදාව ඒ හැමෝටම ආරක්ෂාව දීලා තිබුණා.

ඒ වෙලාවේ සුදු ජාතිකයෙක් වුණ සහෝදර ආතර් ක්ලවුස් ගොඩක් නිර්භීත දෙයක් කළා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ග්‍රීන්වුඩ්වල ගෙවල්වලට ගිනි තියලා බඩු කොල්ල කනවා කියලා දැනගත්තාම මං මගේ යාළුවා හිල්ව බලන්න ගියා.”

ආතර් ක්ලවුස් ‘දෙවිගේ වීණාව’ පොත පාවිච්චි කරලා උගන්වපු ළමයින් 14දෙනෙක් එක්ක

එයා සහෝදර හිල්ගේ ගෙදර ළඟට එද්දීම තුවක්කුවක් අතේ තියාගෙන හිටපු සුදු ජාතිකයෙක් ඉන්නවා එයා දැක්කා. ඒ සුදු ජාතිකයා සහෝදර හිල්ගේ අසල්වැසියෙක්. එයා හිතුවේ ආතර් මැර කල්ලියේ කෙනෙක් කියලා. ඒ නිසා “ඔයා මොකද මෙහෙ කරන්නේ?” කියලා එයා කෑගැහුවා.

“’මං හිල්ගේ යාළුවෙක්. මං මීට කලිනුත් මෙහෙ ඇවිත් තියෙනවා’ කියලා මං කිව්වා. ඒ වෙලාවේ මං ඒ වගේ උත්තරයක් දුන්නේ නැත්නම් එයා අනිවාර්යයෙන්ම මට වෙඩි තියනවා“ කියලා ආතර් කියනවා. ඊටපස්සේ ආතර් ඒ අසල්වැසියාත් එක්ක එකතු වෙලා හිල්ගේ ගෙදර ආරක්ෂා කළා.

හිල් සහ එයාගේ පවුලේ අය ඉන්නේ සම්මන්ත්‍රණ ශාලාවේ කියලත් කිසිම කලු ජාතිකයෙක්ට ජෙනරාල් බැරිට්ගෙන් අවසර නැතුව එතනින් එළියට යන්න බැහැ කියලත් ආතර්ට පස්සේ දැනගන්න ලැබුණා. ඊටපස්සේ එයා කරපු දේ ගැන ආතර් මෙහෙම කියනවා. “ජෙනරාල්වරයාව හම්බ වෙලා කතා කරන්න අවසර ගන්න එක හරිම අමාරු වුණා. හැබැයි මං කොහොම හරි එයාව හම්බ වුණා. හිල්වයි එයාගේ පවුලේ අයවයි සම්මන්ත්‍රණ ශාලාවෙන් එළියට අරගන්න ඕනෙ කියලා මං එයාට කිව්වා. එතකොට එයා ඇහුවා ‘මං එයාලට යන්න දුන්නොත් ඔයා එයාලට ආරක්ෂාව දීලා එයාලට ඕනෙ කරන හැම දෙයක්ම දෙනවාද?’ කියලා. ඉතින් මං හරිම සතුටින් ඒකට එකඟ වුණා.”

ජෙනරාල්වරයාගෙන් ලැබුණු අවසර පත්‍රයත් අරගෙන ආතර් පුළුවන් තරම් ඉක්මනින් සම්මන්ත්‍රණ ශාලාවට ගියා. එතන හිටපු නිලධාරියෙක් අවසර පත්‍රය බලලා කිව්වා “මේක ජෙනරාල්ම අත්සන් කරලානේ! ඔයා දන්නවාද මෙතනින් කෙනෙක්ව එළියට අරගෙන යන පළවෙනි කෙනා ඔයා කියලා?” වැඩි වෙලා යන්න කලින් ආතර්ට හිල්වයි එයාගේ පවුලේ අයවයි ඒ සෙනඟ අතරින් හොයාගන්න පුළුවන් වුණා. ඊටපස්සේ ආතර් කොහොම හරි හත්දෙනාවම එයාගේ කාර් එකේ නග්ගගෙන හිල්ගේ ගෙදර ගියා.

“දෙවියන්ගේ සෙනඟ අතර ජාති භේද නැහැ, එයාලා හැමෝටම එක වගේ සලකනවා”

ඊටපස්සේ ආතර් සහෝදර හිල්ටයි එයාගේ පවුලේ අයටයි අවශ්‍ය ආරක්ෂාව දීලා එයාලව ආදරෙන් බලාගත්තා. ඒ දේ දැකපු අනිත් අයටත් ඒක හොඳ සාක්ෂියක් වුණා. ආතර් ඒ ගැන මෙහෙම කියනවා. “හිල්ගේ ගෙදර ආරක්ෂා කරන්න උදව් කරපු කෙනාට කලින්ට වඩා සාක්ෂිකරුවන් ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. දෙවියන්ගේ සෙනඟ අතර ජාති භේද නැහැ, එයාලා හැමෝටම එක වගේ සලකනවා කියලා දැකපු තවත් හුඟක් අය අපේ ශුභාරංචියට ඇහුම්කන් දෙන්න කැමැති වුණා.”

a ඒ සඟරාව 1937දී “කොන්සලේෂන්” කියලත් 1946දී “එවේක්!” කියලත් හැඳින්නුවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න