ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 දෙසැම්බර් 28-30 පි.
  • ඔයා හොඳ හවුල් සේවකයෙක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා හොඳ හවුල් සේවකයෙක්ද?
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1වෙනි ප්‍රතිපත්තිය: ‘එකිනෙකාට ගෞරවය කරන්න’
  • 2වෙනි ප්‍රතිපත්තිය: ‘සාධාරණව කටයුතු කරන්න’
  • 3වෙනි ප්‍රතිපත්තිය: ‘අනිත් අයත් එක්ක බෙදාගන්න’
  • හොඳ හවුල් සේවකයෙක් වෙන්න ඔයාටත් පුළුවන්
  • අනිත් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සේවයේ හම්බ වෙන අයට අනුකම්පාව පෙන්නන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සාධාරණකම වගා කරන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපේ සතුට ගැන හිතන වැඩිමහල්ලන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 දෙසැම්බර් 28-30 පි.

ඔයා හොඳ හවුල් සේවකයෙක්ද?

“මම ඔහු ළඟින්ම සිට ඔහුගේ ප්‍රධාන සේවකයා ලෙස කටයුතු කළෙමි. මම නිතරම ඔහු ඉදිරියේ සතුටින් සිටියෙමි.” (හිතෝ. 8:30) යේසුස් පොළොවට එන්න කලින් අවුරුදු බිලියන ගාණක් තිස්සේ යෙහෝවාත් එක්ක හවුලේ වැඩ කළා. දෙවියන් එක්ක වැඩ කරද්දී ඔහුට හැඟුණ විදිහ තමයි ඒ පදයේ තියෙන්නේ. එතන කියන්නේ දෙවියන් එක්ක ඔහු ගොඩක් “සතුටින්” වැඩ කළා කියලා.

යෙහෝවා දෙවියන් විශ්වය නිර්මාණය කරද්දී යේසුස් ඔහුත් එක්ක හිටියා.

යේසුස් යෙහෝවා දෙවියන් එක්ක වැඩ කරද්දී දෙවියන්ගේ ලස්සන ගුණාංග ඉගෙනගත්තා. පස්සේ යේසුස් පොළොවට ආවාම අනිත් මිනිස්සුත් එක්ක වැඩ කරද්දී ඒ ලස්සන ගුණාංග පෙන්නන්න ඔහුට පුළුවන් වුණා. ඒ නිසා යේසුස් අනිත් අයත් එක්ක හරිම සහයෝගයෙන් වැඩ කළා. යේසුස් වගේ හොඳ හවුල් සේවකයෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? යේසුස්ගේ ආදර්ශය දිහා බලද්දී ඒක කරන්න උදව් වෙන ප්‍රතිපත්ති 3ක් ගැන අපිට ඉගෙනගන්න පුළුවන්. ඒවා ඔයාට උදව් වෙයි අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන හොඳ හවුල් සේවකයෙක් වෙන්න.

යේසුස් ඔහුගේ ගෝලයන් දෙන්නෙක්ව දේශනා සේවෙට පිටත් කරලා යවනවා.

යෙහෝවා සහ යේසුස් වගේ අපිත් අපි දන්න දේවල්, අපේ අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්නේ හරිම සතුටින්

1වෙනි ප්‍රතිපත්තිය: ‘එකිනෙකාට ගෞරවය කරන්න’

හොඳ හවුල් සේවකයෙක් කවදාවත් හිතන්නේ නැහැ එයා අනිත් අයට වඩා උසස් කියලා. එයා හැම වෙලේම එයාත් එක්ක වැඩ කරන අයව අගය කරනවා. යේසුස් දැක්කා ඔහුගේ තාත්තා ඒ වගේ කෙනෙක් කියලා. යෙහෝවා තමයි විශ්වයේ ඉන්න බලවත්ම කෙනා. අපේ නිර්මාතෘ ඔහුයි. හැබැයි යේසුස් දෙවියන් එක්ක හවුල් වෙලා කරපු දේවල් යෙහෝවා ගොඩක් අගය කළා. උත්පත්ති 1:26 කියනවා “අප හා සමාන ගතිලක්ෂණ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු” කියලා. ඒකෙන් තේරෙන්නේ යේසුස් මොන වගේ වැඩ කොටසක් කළාද කියලා අනිත් අය දැනගන්නවාට යෙහෝවා කැමති වුණා කියලයි. ඒ වචන කියද්දී යේසුස්ට දැනෙන්න ඇති යෙහෝවා කොච්චර නිහතමානී කෙනෙක්ද කියලා.—ගීතා. 18:35.

වැඩිමහල්ලෙක් තරුණ සහෝදරයෙක්ට සභාවේ පැවරුමක් කරන්න පුහුණු කරනවා.

යේසුත් මේ පොළොවේ ඉද්දී ඔහුගේ තාත්තා වගේ නිහතමානීව වැඩ කළා. සමහර අවස්ථාවල මිනිස්සු ඔහුට ප්‍රශංසා කරද්දී යේසුස් ඒ ගෞරවය යෙහෝවාට දුන්නා. (මාක් 10:17, 18; යොහ. 7:15, 16) යේසුස් ඔහුගේ ගෝලයන්ව සැලකුවේ සේවකයන් විදිහට නෙවෙයි, යාළුවන් විදිහට. ඒ නිසා එයාලත් එක්ක එකමුතුව වැඩ කරන්න යේසුස්ට පුළුවන් වුණා. (යොහ. 15:15) එක අවස්ථාවක නිහතමානිකම කොච්චර වැදගත්ද කියලා උගන්වන්න යේසුස් ඔහුගේ ගෝලයන්ගේ පාදත් හේදුවා. (යොහ. 13:5, 12-14) අපිත් එක්ක වැඩ කරන අයට අපි යේසුස් වගේ ගෞරව කරනවා නම් එයාලව වටිනා අය විදිහට සලකනවා නම් ‘මං තමයි මේක කළේ. මට තමයි ප්‍රශංසාව ලැබෙන්න ඕනෙ’ කියලා කවදාවත් හිතන්නේ නැහැ. අපි ‘එකිනෙකාට ගෞරවය පෙන්නලා’ හැමෝමත් එක්කම එකමුතුව වැඩ කරනවා නම් වැඩේ සාර්ථකව කරන්න අපිට පුළුවන් වෙයි.—රෝම 12:10.

නිහතමානී කෙනෙක් තේරුම්ගන්නවා “උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි” කියලා. (හිතෝ. 15:22) අපි කොච්චර දක්ෂ, අද්දැකීම් තියෙන අය වුණත් අපි මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි කිසිම කෙනෙක් හැම දේම දන්නේ නැහැ කියන දේ. යේසුස් කිව්වා ඔහුත් නොදන්න දේවල් තියෙනවා කියලා. (මතෙ. 24:36) ඔහුගේ ගෝලයන් පාපය උරුම කරගෙන හිටපු අය වුණත් එයාලා දන්න දේවල්, හිතපු දේවල් දැනගන්න යේසුස් ගොඩක් ආස වුණා. (මතෙ. 16:13-16) ඉතින් යේසුස් එක්ක වැඩ කරපු අය ඔහුත් එක්ක කාලය ගත කරන්න කැමති වුණ එක පුදුමයක්ද! අපිත් යේසුස් වගේ අනිත් අයගේ අදහස්වලට හොඳින් ඇහුම්කන් දෙනවා නම් අනිත් අයත් එක්ක එකතු වෙලා “සැලසුම් සාර්ථක” කරගන්න අපිට පුළුවන්.

වැඩිමහල්ලන් අනිත් වැඩිමහල්ලන් එක්ක වැඩ කරද්දී යේසුස් වගේ නිහතමානී වෙන්න ඕනේ. එයාලා තේරුම්ගන්න ඕනෙ වැඩිමහල් රැස්වීම්වලදී හරි තීරණයක් ගන්න උදව් වෙන අදහසක් කියන්න ඕනම වැඩිමහල්ලෙක්ව පොලඹවන්න යෙහෝවාට පුළුවන් කියන දේ. ඒ නිසා ඒ වගේ රැස්වීම්වලදී ඕනම වැඩිමහල්ලෙක්ට නිදහසේ අදහස් කියන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕනේ. එහෙම කරනවා නම් වැඩිමහල් මණ්ඩලයක් විදිහට මුළු සභාවටම ප්‍රයෝජනවත් වෙන හොඳ තීරණ ගන්න එයාලට පුළුවන්.

2වෙනි ප්‍රතිපත්තිය: ‘සාධාරණව කටයුතු කරන්න’

හොඳ හවුල් සේවකයෙක් හැම වෙලාවෙම සාධාරණව වැඩ කරනවා. එයා හිතන්නේ නැහැ හැම දේම එයා කියන විදිහටයි වෙන්න ඕනෙ කියලා. ඒ වෙනුවට එයා අනිත් අයගේ අදහස් අරන් වෙනස්කම් කරනවා. තමන්ගේ තාත්තා සාධාරණව වැඩ කරන කෙනෙක් කියලා යේසුස් දැක්කා. උදාහරණෙකට පාපය උරුම කරගත්ත මිනිස්සු විදිහට අපිට ලැබෙන්න ඕනෙ දඬුවම මරණයයි. හැබැයි ඒකෙන් අපිව බේරගන්න යේසුස්ව එව්වේ යෙහෝවා දෙවියන් සාධාරණ කෙනෙක් නිසයි.—යොහ. 3:16.

යේසුස් යෙහෝවා වගේ සාධාරණ කෙනෙක්. ඔහු අනිත් අයට ඇහුම්කන් දීලා ඒ අනුව වැඩ කරපු අවස්ථා ගැන බයිබලේ සඳහන් වෙනවා. උදාහරණෙකට ෆිනීෂියානු ස්ත්‍රියගේ සිද්ධිය බලන්න. යේසුස් ඔහුගේ සේවයේ මූලික අවධානය දුන්නේ යුදෙව්වන්ට උදව් කරන්න කියලා අපි දන්නවා. හැබැයි වෙනත් ජාතික ස්ත්‍රියක් ඇවිල්ලා යේසුස්ගෙන් උදව් ඉල්ලද්දී එයාට ඇහුම්කන් දීලා උදව් කරන්න පෙලඹුණේ යේසුස් සාධාරණ කෙනෙක් නිසයි. (මතෙ. 15:22-28) යේසුස් ඔහුගේ ගෝලයන්ගෙනුත් කරන්න බැරි දේවල් බලාපොරොත්තු වුණේ නැහැ. එයාලා අතිනුත් වැරදි වෙනවා කියලා යේසුස් තේරුම්ගත්තා. පේතෘස් හැමෝම ඉස්සරහා ඔහුව අඳුරන්නේ නැහැ කියලා කිව්වත් යේසුස් එයාට සමාව දුන්නා. සමාව දුන්නා විතරක් නෙවෙයි පේතෘස්ව විශ්වාස කරලා ලොකු වගකීමුත් භාර දුන්නා. යේසුස් එහෙම කළේ ඔහු සාධාරණ කෙනෙක් නිසා. (ලූක් 22:32; යොහ. 21:17; ක්‍රියා 2:14; 8:14-17; 10:44, 45) අපිට මොකක්ද ඉගෙනගන්න පුළුවන්? අපිත් යේසුස් වගේ “සාධාරණව වැඩ කරන කෙනෙක් කියලා සියලුදෙනාටම පැහැදිලිව පේන්න ඕනේ.”—ෆිලි. 4:5.

සහෝදරියෙක් තවත් සහෝදරියක්ව වැඩ කරන්න පුහුණු කරනවා.

සාධාරණ කෙනෙක් අනිත් අයව තේරුම් අරන් එයාලගේ තත්වයට අනුව හැඩගැහිලා වැඩ කරනවා. යේසුත් ඒ වගේ කෙනෙක්. ඕනම තරාතිරමක කෙනෙක් එක්ක යේසුස් පෑහිලා වැඩ කළා. ඒකයි යේසුස්ට ඊර්ෂ්‍යා කරපු සතුරන් ඔහු “බදු එකතු කරන්නන්ගේද පව්කාරයන්ගේද මිත්‍රයෙක්” කියලා යේසුස්ට චෝදනා කළේ. (මතෙ. 11:19) යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? චාරිකා සේවය කරපු සහ බෙතෙල් එකේ ගොඩක් සහෝදරයන් එක්ක වැඩ කරපු සහෝදර ලුවිස් මෙහෙම කියනවා. “අපිට හැම වෙලාවෙම වැඩ කරන්න වෙන්නේ පාපය උරුම කරගත්ත අයත් එක්ක. ඒක හරියට එක එක හැඩවල, එක එක ප්‍රමාණයේ ගල් පාවිච්චි කරලා බිත්තියක් බඳිනවා වගේ වැඩක්. ඒ ගල් ඒ ඒ තැන්වලට ගැළපෙන විදිහට තියලා බිත්තිය බඳින්න සෑහෙන මහන්සියක් ගන්න වෙයි. හැබැයි ඒකෙන් ශක්තිමත්, හරි කෙළින් තියෙන බිත්තියක් බඳින්න පුළුවන්. ඒ වගේ පාපය උරුම කරගත්ත මිනිස්සුත් එක්ක වැඩ කරද්දී මගේ පැත්තෙන් ලොකු මහන්සියක් ගන්න වෙනවා කියලා මං තේරුම්ගත්තා. හැබැයි මං ඒ වෙනස්කම් කරගද්දී කරන වැඩේ සාර්ථකව ඉවර කරන්න පුළුවන් වෙනවා.”

හොඳ හවුල් සේවකයෙක් අනිත් අයව තමන්ගේ යටතේ තියාගන්න ඕනෙ නිසා එයාලා දැනගන්න ඕනෙ තොරතුරු කියන්නේ නැතුව හංගගෙන ඉන්නේ නැහැ

සභාවේ අයත් එක්ක වැඩ කරද්දී අපි සාධාරණයි කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? අනිත් අයත් එක්ක සේවය කරද්දී අපිට ඒක පෙන්නන්න පුළුවන්. අපිට විවිධ ප්‍රචාරකයන් එක්ක සේවේ යන්න වෙනවා. එයාලා ජීවිතේ විවිධ වගකීම් තියෙන එක එක වයස්වල අය. එයාලගේ සීමාවන් තේරුම් අරන් එයාලට පහසු විදිහට අපි සේවේ හවුල් වෙනවා නම් සේවෙන් වැඩි සතුටක් ලබන්න ඒ සහෝදර සහෝදරියන්ටත් පුළුවන් වෙයි.

3වෙනි ප්‍රතිපත්තිය: ‘අනිත් අයත් එක්ක බෙදාගන්න’

හොඳ හවුල් සේවකයෙක් දේවල් හංගගෙන ඉන්නේ නැහැ. ඒ වෙනුවට ‘අනිත් අයත් එක්ක ඒවා බෙදාගන්නවා.’ (1 තිමෝ. 6:18) යෙහෝවාත් ඒ වගේ කෙනෙක් කියලා යේසුස් දැක්කා. යෙහෝවා යේසුස්ව නිර්මාණය කළේ මේ හැම දෙයක්ම නිර්මාණය කරන්න කලින්. විශ්වය නිර්මාණය කරද්දී යේසුස් යෙහෝවා ළඟින්ම ‘හිටියා.’ ඒ නිසයි ඔහුගෙන් හුඟක් දේවල් ඉගෙනගන්න යේසුස්ට පුළුවන් වුණේ. (හිතෝ. 8:27) දෙවියන්ව ආදර්ශයට ගත්ත යේසුස් පොළොවට ආවාම යෙහෝවා කියලා දුන්න හැම දේම ඔහුගේ ගෝලයන්ට ‘කියලා දුන්නා.’ (යොහ. 15:15) අපිත් යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් අපි දන්න දේවල්, අපේ අද්දැකීම් අපිත් එක්ක වැඩ කරන අයට කියලා දෙන්න ආසාවෙන් ඉන්නවා. අපි කවදාවත් අනිත් අයව අපේ යටතේ තියාගන්න ඕනෙ නිසා එයාලා දැනගන්න ඕනෙ තොරතුරු කියන්නේ නැතුව හංගගෙන ඉන්නේ නැහැ.

සහෝදරයෙක් දේශනයක් දෙන්න පුරුදු වෙද්දී වැඩිමහල්ලෙක් හොඳින් අහන් ඉන්නවා. ඒ වැඩිමහල්ලා ‘උගන්වන’ සඟරාව පෙරළගෙන ඉන්නවා.

අපිත් එක්ක හවුලේ වැඩ කරන අයව දිරිගන්වන්නත් අපිට පුළුවන්. හිතන්න, කෙනෙක් අපි කරන හොඳ දෙයක් දැකලා අපිව අගය කරද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා නේද? යේසුත් අනිත් අය කරන හොඳ දේවල්වලට අවධානය දීලා එයාලව අගය කරන්න කාලය ගත්තා. (මතෙ. 25:19-23; ලූක් 10:17-20) එක සැරයක් යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වා ඔයාලා “මීටත් වඩා මහත් ක්‍රියා කරයි” කියලා. (යොහ. 14:12) මරණයට කලින් දවසේ රෑ යේසුස් එයාලට කිව්වා “විවිධ දුෂ්කරතාවලට මා මුහුණ දුන් විට මාව අත්හරින්නේ නැතුව මා සමඟම සිටියේ ඔබයි” කියලා. (ලූක් 22:28) හිතන්න ඒ වචන එයාලට කොයි තරම් දිරිගැන්වීමක් වෙන්න ඇද්ද! අපිත් අපේ හවුල් සේවකයන් කරන දේවල් අගය කරලා එයාලව දිරිගන්වනවා නම් එයාලා කරන දේ තවත් හොඳින් කරන්න ඒක එයාලට ශක්තියක් වෙයි.

හොඳ හවුල් සේවකයෙක් වෙන්න ඔයාටත් පුළුවන්

සහෝදර කයෝඩ් මෙහෙම කියනවා. “හොඳ හවුල් සේවකයෙක් කියන්නේ හැම දේම 100%ක් හරියටම කරන කෙනෙක් නෙවෙයි. වැඩේ හොඳින් කරන්න එයා අනිත් අයට සහයෝගය දෙනවා. එයා අනිත් අයව සතුටින් තියන්න පුළුවන් හැම දේම කරනවා.” ඔයාත් ඒ වගේද? ඒ ගැන හරියටම දැනගන්න නම් ඔයාත් එක්ක වැඩ කරන අයගෙන් ඒ ගැන අහන්න. යේසුස් එක්ක ඔහුගේ ගෝලයෝ වැඩ කළේ හරිම සතුටින්. ඔයාත් එක්කත් අනිත් අය වැඩ කරන්නේ සතුටින් නම් ඔයාටත් පාවුල් වගේ මෙහෙම කියන්න පුළුවන්. “අපි ඔබේ ප්‍රීතියට දායක වන ඔබ සමඟ හවුලේ සේවය කරන අය වන්නෙමු.”—2 කොරි. 1:24.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න