ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w21 දෙසැම්බර් 15 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • හැම වෙලේම යෙහෝවා දෙවියන් මත රඳලා ඉන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාතන්ගේ බොරුවලින් අපිව බේරන යෙහෝවාගේ නොසැලෙන ආදරේ!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න විදි තුනක්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w21 දෙසැම්බර් 15 පි.

ඔබට මතකද?

ළඟදී පළ වුණ මුරටැඹ ලිපි ඔයා කියෙව්වාද? එහෙනම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔයාට පුළුවන්ද?

යාකොබ් 5:11 කියනවා “යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක්” කියලා. ඒ නිසා අපිට සහතික වෙන්න පුළුවන් මොනවා ගැනද?

යෙහෝවා අපේ වැරදිවලට සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම ඔහු අපිට උදව් කරන්නත් කැමතියි. අපිටත් පුළුවන් ඔහුව ආදර්ශයට ගන්න.—w21.01, 21 පිටුව.

දෙවියන් මූලිකත්වය ගැන සැලැස්මක් ඇති කළේ ඇයි?

ඒ ඔහු අපිට ආදරේ නිසයි. ඒ සැලැස්ම නිසා දේවල් පිළිවෙළකට කරන්න, සතුටින් ඉන්න අපිට පුළුවන්. ඒ වගේම තීරණ ගන්න ඕනෙ කවුද, ඒවා ක්‍රියාත්මක කරන්න ඕනෙ කවුද කියලා පවුලේ ඉන්න හැමෝම දන්නවා.—w21.02, 3 පිටුව.

ක්‍රිස්තියානීන් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් හරහා පණිවිඩ හුවමාරු කරන එක ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

මොකද ඒ හරහා අදහස් හුවමාරු කරන්නේ කා එක්කද කියලා හරියටම අඳුරගන්න බැහැ. විශේෂයෙන්ම ලොකු කණ්ඩායමක් එක්ක අදහස් හුවමාරු කරගද්දී ඒක තවත් අමාරුයි. (1 තිමෝ. 5:13) ඒ වගේම සමහරු බොරු තොරතුරු පතුරුවන්න වගේම ව්‍යාපාර කටයුතු සඳහාත් ඒ විදිහට අදහස් හුවමාරු කරගන්නවා.—w21.03, 31 පිටුව.

යේසුස්ට ඒ තරම් වේදනාකාරී මරණයක් අද්දකින්න දෙවියන් ඉඩ හැරියේ ඇයි?

(1) යුදෙව්වන් පිටට ඇවිල්ලා තිබුණු ශාපයකින් ඒ අයව ගලවගන්න ඕනෙ වුණ නිසා. (ගලා. 3:10, 13) (2) අනාගතයේ උත්තම පූජකයා විදිහට වැඩ කරන්න ඔහු යේසුස්ව පුහුණු කරමින් හිටපු නිසා. (3) දරුණු පීඩාවලට මුහුණ දෙද්දී වුණත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මිනිසුන්ට පුළුවන් කියලා ඔප්පු කරන්න ඕනෙ නිසා. (යෝබ් 1:9-11)—w21.04, 16-17 පිටු.

ගොඩක් අයව ගෙවල්වලදී මුණගැහෙන්නේ නැත්නම් කරන්න පුළුවන් මොනවාද?

සේවේ යන වෙලාව වෙනස් කරන්න. සේවේ කරන තැන් වෙනස් කරන්න. ලියුම් ලියලා සාක්ෂි දරන එක වගේ විවිධ ක්‍රම අත්හදා බලන්න.—w21.05, 15-16 පිටු.

“මා නීතිය සම්බන්ධයෙන් මිය ගොස් එයින් නිදහස්” වුණා කියලා පාවුල් කිව්වේ ඇයි? (ගලා. 2:19)

පව්කාර මිනිසුන්ට කවදාවත් මෝසෙස්ගේ නීතිය 100%ක්ම පිළිපදින්න බැහැ කියලත් එයාලට යේසුස්ගේ ජීවිත පූජාව අවශ්‍යයි කියලත් තේරුම්ගන්න නීතිය උදව් වුණා. (ගලා. 3:19, 24) පාවුල් යේසුස්ගේ ජීවිත පූජාව පිළි අරන් ඒක විශ්වාස කරපු නිසා “නීතිය සම්බන්ධයෙන් මිය ගොස් එයින් නිදහස්” වෙන්න එයාට පුළුවන් වුණා.—w21.06, 31 පිටුව.

යෙහෝවා ඉවසීමෙන් විඳදරාගන්න කෙනෙක් කියලා පෙන්නලා තියෙන්නේ කොහොමද?

සාතන් දෙවියන්ගේ නමට කැළැලක් ඇති කරලා පාලනය කරන්න ඔහුට තියෙන අයිතිය ගැන ප්‍රශ්නයක් මතු කළා. ස්වර්ගයේ සහ පොළොවේ ඉන්න ඔහුගේ සමහර දරුවන් කැරලිගැහුවා. සාතන් යෙහෝවාට නින්දා අපහාස කළා. ඒ වගේම තමන්ගේ සෙනඟ දුක් විඳින විදිහ, තමන්ගේ යාළුවන් මිය යන විදිහ, අසරණ අයට නපුරු මිනිස්සු සලකන විදිහ, මිනිස්සු පොළොව විනාශ කරන විදිහ බලන් ඉන්නත් දෙවියන්ට සිද්ධ වෙනවා. මේ හැම දේම යෙහෝවා ඉවසීමෙන් විඳදරාගන්නවා.—w21.07, 9-12 පිටු.

ඉවසන එක ගැන යෝසෙප් අපිට හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද?

යොසෙප්ගේ අයියලා එයාට අසාධාරණ විදිහට සැලකුවා. බොරු චෝදනාවක් නිසා එයාට අවුරුදු ගාණක්ම ඊජිප්තුවේ හිරගෙයක ඉන්න වුණා. ඒ හැම දෙයක්ම යෝසෙප් විඳදරාගත්තා.—w21.08, 12 පිටුව.

හග්ගයි 2:6-9, 20-22 සඳහන් අනාවැකිවල කියන ‘සෙලවීමෙන්’ අදහස් කරන්නේ මොකක්ද?

හුඟක් අය දේවරාජ්‍යය ගැන පණිවිඩය ප්‍රතික්ෂේප කළත් සමහර අය ඒකට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. අන්තිම සෙලවීමේදී දෙවියන්ව ප්‍රතික්ෂේප කරන අයව ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.—w21.09, 15-19 පිටු.

අපි අත්හරින්නේ නැතුව දිගටම සේවේ කරන්න ඕනෙ ඇයි?

සේවේ කරන්න අපි ගන්න වෑයම යෙහෝවා ගොඩක් අගය කරනවා. අපි අත්හරින්නේ නැතුව දිගටම සේවේ කළොත් ඔහු අපිට සදාකාල ජීවිතය දෙනවා.—w21.10, 25-26 පිටු.

“ශුද්ධව සිටින්න. එය ඔබේ මුළු ජීවිතය තුළින්ම පිළිබිඹු විය යුතුයි” කියලා පේතෘස් කියපු දේට කීකරු වෙන්න ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදය අපිට උදව් වෙන්නේ කොහොමද? (1 පේතෘ. 1:15)

පේතෘස් ඒ දේ කියද්දී ලෙවී කතාව 19:2 කියන දේ එයාගේ මනසේ තියෙන්න ඇති. එයා කියපු දේ අදාළ කරගන්න පුළුවන් ගොඩක් පැති ගැන ලෙවී කතාව 19වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා.—w21.12, 3-4 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න