ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w22 ජූනි 30-31 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • B15 හෙබ්‍රෙව් දිනදර්ශනය
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w22 ජූනි 30-31 පි.

ඔබ දැන සිටියාද?

බයිබල් කාලවලදී මාස සහ අවුරුදු ගණනය කළේ කොහොමද?

ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයේ ඉන්න කාලේදී සාමාන්‍යයෙන් එයාලගේ අවුරුද්දක් පටන්ගත්තේ එයාලා සීසාන සහ වපුරන කාලේදී. අද ඒක වැටෙන්නේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලෙට.

සාමාන්‍යයෙන් චන්ද්‍ර වර්ෂයකට දවස් 29ක නැත්නම් දවස් 30ක මාස 12ක් ඇතුළත් වුණා. හැබැයි චන්ද්‍ර වර්ෂයක් සූර්ය වර්ෂයකට වඩා කෙටියි. ඒ නිසා අතීතයේදී මේ දිනදර්ශන දෙක එක සමාන කරන්න විවිධ ක්‍රම පාවිච්චි කළා. ඒකට එයාලා සමහරවිට දවස් කීපයක් දිනදර්ශනයට එකතු කළා. එහෙම නැත්නම් වැඩිපුර මාසයක් එකතු කළා. ඒ නිසා අවුරුද්දේ නියම කාලෙට වගා කරන්න, අස්වැන්න නෙළන්න එයාලට පුළුවන් වුණා.

හැබැයි මෝසෙස්ගේ කාලේ නීසාන් (ආබීබ්) මාසෙන් අවුරුද්ද පටන්ගන්න කියලා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණා. (නික්. 12:2; 13:4) දෙවියන් ඒ වගේ ආඥාවක් දුන්නේ නමස්කාරයේ වැඩකටයුතු වෙනුවෙන්. මොකද නීසාන් මාසේදී තමයි බාර්ලි අස්වැන්නෙන් ලැබෙන පළමු පල යෙහෝවාට ඔප්පු කරන උත්සවය තිබුණේ. (නික්. 23:15, 16) ඒක වැටුණේ මාර්තු සහ අප්‍රියෙල් අතර කාලේ.

විශාරදයෙක් වන එමිල් ශූර කියන දේ බලන්න. “දිනදර්ශනයකට මාසයක් වැඩිපුර දානවාද නැද්ද කියලා තීරණය කරන්න හරිම ලේසියි. ඒක කරන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මාර්තු මාසේදී දහවල් කාලය සහ රාත්‍රී කාලය සමාන වෙන දවසක් එනවා. ඒකට කියන්නේ වසන්ත විෂුවය කියලා. නීසාන් 14 කියන පුර සඳ දවස අනිවාර්යයෙන්ම වැටෙන්න ඕනෙ ඒකෙන් පස්සේ. බැරි වෙලාවත් අවුරුද්දේ අවසානයේදී එයාලට තේරුණොත් නීසාන් 14වෙනිදා වසන්ත විෂුවයට කලින් වැටෙනවා කියලා එයාලා නීසාන් මාසයට කලින් තවත් අමතර මාසයක් ඒ කියන්නේ 13වෙනි මාසයක් දිනදර්ශනයට එකතු කළා.”—The History of the Jewish People in the Age of Jesus Christ, (175 B.C.–A.D. 135).

හෙබ්‍රෙව් දිනදර්ශනයට අනුව නීසාන් 14වෙනිදා වැටෙන්නේ කවදාද කියලා තේරුම්ගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ තොරතුරු සලකලා බලනවා. මොකද එදාට තමයි එයාලා ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වන්නේ. ඊටපස්සේ එයාලා ලෝකේ පුරාම ඉන්න සහෝදරයන්ට ඒ දිනය කලින්ම දැනුම් දෙනවා.

ඒත් අතීතේ හිටපු අය මාසයක් පටන්ගන්නේ කවදාද, ඒක ඉවර වෙන්නේ කවදාද කියලා හරියටම දැනගත්තේ කොහොමද? අද නම් ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. කැලැන්ඩරයක් බැලුවා නම් ඒක ලේසියෙන්ම දැනගන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ඒක හිතපු තරම් ලේසි දෙයක් වුණේ නැහැ.

නෝවාගේ කාලේ වෙද්දී මාසයක් විදිහට සැලකුවේ දවස් 30ක කාලයක්. (උත්. 7:11, 24; 8:3, 4) හැබැයි පස්සේ ඒක වෙනස් වුණා. මොකද හෙබ්‍රෙව් දිනදර්ශනයට අනුව හැම මාසෙකම පළවෙනි දවස විදිහට එයාලා සැලකුවේ නව සඳ පායන දවසයි. එහෙම බලද්දී එක මාසෙකට දවස් 29ක් හරි 30ක් හරි ඇතුළත් වුණා.

එක අවස්ථාවකදී දාවිත් සහ යොනාතාන් කතා වුණා “හෙට නව සඳ පායන දවස” කියලා. (1 සාමු. 20:5, 18) ඒකෙන් පේනවා ක්‍රි.පූ. 11වෙනි සියවස වෙද්දී මාසයක් පටන්ගන්න දවස මිනිස්සු කලින්ම දැනන් ඉඳලා තියෙනවා කියලා. ඒත් ඒ කොහොමද? ඒකට උත්තරේ නීතිය සහ සම්ප්‍රදායන් ගැන කතා කරන “මිෂ්නා” කියන යුදෙව් ලියවිල්ලෙන් අපිට දැනගන්න පුළුවන්. ඒකේ කියන විදිහට යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවට පස්සේ මාසයක් පටන්ගන්න දවස තීරණය කරන්න මුල් වෙලා තියෙන්නේ සැන්හෙඩ්‍රිනය. ඒ කියන්නේ යුදෙව් මහාධිකරණය. ඊශ්‍රායෙල්වරු උත්සව පවත්වන මාස හත පුරාම හැම මාසෙකම 30වෙනි දවසේ සැන්හෙඩ්‍රිනය රැස් වුණා. එදාට තමයි එයාලා තීරණය කළේ ඊළඟ මාසේ පටන්ගන්නේ කවදාද කියලා. ඒත් එයාලා ඒක කළේ කොහොමද?

නව සඳ පායලා තියෙනවාද කියලා බලන්න ඒ කාලේ යෙරුසලම පුරා තිබුණ උස් කඳුවල මිනිස්සුන්ව රඳවලා තිබ්බා. හඳේ පුංචිම හරි රිදී ඉරක් දැකපු ගමන්ම එයාලා යුදෙව් මහාධිකරණයට ඒ ගැන දැනුම් දුන්නා. හැම දෙයක්ම සලකලා බලලා නව සඳ පෑව්වා කියලා කියන්න සාක්ෂි තියෙනවා නම් මාසයක් පටන්ගත්තා කියලා සැන්හෙඩ්‍රිනය හැමෝටම දැන්නුවා. හැබැයි වලාකුළු නිසා, මීදුම නිසා නව සඳ පායලා තියෙනවා කියලා පැහැදිලිව දකින්න බැරි නම් මොකද කරන්නේ? අපි කලිනුත් බලපු විදිහට සැන්හෙඩ්‍රිනය රැස් වෙන්නේ 30වෙනි දවසේ. ඒ නිසා එදාට නව සඳ පායලා තියෙනවා කියලා පැහැදිලි සාක්ෂි තිබ්බේ නැත්නම් එයාලා තීරණය කරනවා ඒ දවසත් අයිති වෙන්නේ කලින් මාසෙට කියලා. ඒ කියන්නේ ඒක දින 30ක මාසයක්. එහෙම වුණාම අලුත් මාසේ පටන්ගන්නේ ඊළඟ දවසේ කියලා එයාලා දැනුම් දෙනවා.

ඒත් ඒක හැමෝටම දැනුම් දෙන්නේ කොහොමද? “මිෂ්නා” ලියවිල්ලේ කියනවා එයාලා ඒක කරන්නේ යෙරුසලමට කිට්ටුවෙන් තියෙන ඔලීව කන්දේ ලොකු ගිනිමැලයක් පත්තු කරලා කියලා. ඒක දකින අය තවත් තැන්වල ඒ වගේ ගිනිමැල පත්තු කළා. ඒ නිසා ඊශ්‍රායෙල් දේශය පුරාම ඉන්න හැමෝම දැනගත්තා අලුත් මාසේ පටන්ගන්නේ කවදාද කියලා. ඒ නිසයි එයාලා හැමෝටම එකම දවසේ උත්සව පවත්වන්න පුළුවන් වුණේ. පස්සේ කාලෙක අලුත් මාසයක් පටන්ගන්නේ කවදාද කියලා දැනුම් දෙන්න පණිවිඩකරුවන්වත් පාවිච්චි කරලා තියෙනවා.

හෙබ්‍රෙව් දිනදර්ශනයට අනුව මාස, උත්සව, දේශගුණික තත්වයන් සහ තවත් තොරතුරු ගැන දැනගන්න මේ වගුව ඔයාට උදව් වෙයි.

හෙබ්‍රෙව් දිනදර්ශනයට අනුව මාස, උත්සව, දේශගුණික තත්වයන් සහ තවත් තොරතුරු ගැන දැනගන්න උදව් වෙන වගුවක්.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න