ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 මැයි 8-13 පි.
  • දෙවියන් උත්තර දෙන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් උත්තර දෙන්නේ කොහොමද?
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උත්තර දෙන්නේ අපි හිතන විදිහටම නෙවෙයි
  • අද අපේ යාච්ඤාවලට උත්තර දෙන විදි
  • ඉල්ලන්න වගේම පිළිගන්නත් විශ්වාසය ඕනෙමයි
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • හැඳින්වීම
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • යෙහෝවා දෙවියන් මගේ යාච්ඤා අහනවාද?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 මැයි 8-13 පි.

පාඩම් ලිපිය 21

දෙවියන් උත්තර දෙන්නේ කොහොමද?

“අප කුමක් ඉල්ලුවත් ඔහු අපට සවන් දෙන බව අප දන්නවා නම් අප ඔහුගෙන් ඒ දේවල් ඉල්ලූ නිසා ඒවා අපට ලැබෙන බව අපි දනිමු.”—1 යොහ. 5:15.

ගීතිකාව 41 අසනු මැන මාගේ යාච්ඤාව

මේ ලිපියෙන්a

1-2. සමහරවිට අපිට හිතෙන්න පුළුවන් මොකක්ද?

‘දෙවියන් ඇත්තටම මගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද’ කියලා ඔයාටත් කවදා හරි හිතිලා තියෙනවාද? ඔයාට විතරක් නෙවෙයි ප්‍රශ්නත් එක්ක ඔට්ටු වෙලා හෙම්බත් වුණ හුඟක් සහෝදරයන්ට එහෙම හිතිලා තියෙනවා. ඒ වගේ වෙලාවට යෙහෝවා උත්තර දෙන විදිහ අඳුරගන්න අපි ඕනම කෙනෙක්ට අමාරු වෙන්න පුළුවන්.

2 යෙහෝවා දෙවියන් තමන්ගේ සේවකයන්ට අනිවාර්යයෙන්ම උත්තර දෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි? (1 යොහ. 5:15) සමහර වෙලාවට යෙහෝවා අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා අපිට හිතෙන්නේ ඇයි? දෙවියන් අද අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ මොන විදිවලින්ද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

උත්තර දෙන්නේ අපි හිතන විදිහටම නෙවෙයි

3. යාච්ඤා කරන්න කියලා යෙහෝවා අපිට කියන්නේ ඇයි?

3 දෙවියන් අපිට ගොඩක් ආදරෙයි. ඔහුට අපිව හුඟක් වටිනවා. (හග්. 2:7; 1 යොහ. 4:10) ඒ නිසයි හිතේ තියෙන ඕනම දෙයක් ඔහුට කියන්න කියලා ඔහු අපෙන් ඉල්ලන්නේ. (1 පේතෘ. 5:6, 7) මොකද ඔහුට ඕනෙ අපි ඔහුට කිට්ටුවෙන් ඉන්නවා දකින්න. එහෙම කරද්දී ඕනම බාධාවක් ජය ගන්න අපිට උදව් කරන්න ඔහුට පුළුවන්.

දාවිත් වීණාව තියාගෙන ඉන්නවා. එයාගේ ළඟම බිත්තියේ හෙල්ලයක් ඇනිලා තියෙනවා.

දෙවියන් දාවිත්ට ඇහුම්කන් දීලා එයාව සතුරන්ගෙන් ආරක්ෂා කළා (4 ඡේදය බලන්න)

4. දෙවියන් ඔහුගේ සේවකයන්ගේ යාච්ඤාවලට උත්තර දෙනවා කියලා අපි දන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

4 දෙවියන් තමන්ගේ සේවකයන්ගේ යාච්ඤාවලට උත්තර දීපු අවස්ථා ඕන තරම් බයිබලේ තියෙනවා. එහෙම කියද්දී සමහරවිට ඔයාට දාවිත්ව මතක් වෙන්න ඇති. දාවිත්ට සතුරුකම් කරපු අය ගොඩක් බලවත්. ඒ නිසා එයාට හුඟක් භයානක දේවල්වලට මුහුණ දෙන්න වුණා. දවසක් එයා දෙවියන්ට කන්නලව් කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, මාගේ යාච්ඤාවට සවන් දෙන්න. මාගේ කන්නලව්වට ඔබේ දෙසවන් යොමු කරන්න. ඔබ විශ්වාසවන්ත නිසාත් ධර්මිෂ්ඨ නිසාත් මට පිළිතුරු දෙන්න.” (ගීතා. 143:1) දෙවියන් දාවිත්ගේ යාච්ඤාවට ඇහුම්කන් දුන්නාද? ඔව්. ඔහු දාවිත්ට සතුරන්ගෙන් ගැලවෙන්න උදව් කළා. (1 සාමු. 19:10, 18-20; 2 සාමු. 5:17-25) ඒ නිසයි දාවිත් ලොකු විශ්වාසයකින් කිව්වේ “යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි” කියලා. දෙවියන් ගැන ඒ වගේ විශ්වාසයක් තියන්න අපිටත් පුළුවන්ද?—ගීතා. 145:18.

පාවුල් යෙහෝවා දෙවියන්ට ගොඩක් ඕනෑකමින් යාච්ඤා කරනවා.

දෙවියන් පාවුල්ට ඇහුම්කන් දීලා එයාට විඳදරාගන්න ශක්තිය දුන්නා (5 ඡේදය බලන්න)

5. අතීතයේ හිටපු අයගේ යාච්ඤාවලට උත්තර ලැබුණේ එයාලා හිතපු විදිහටමද? උදාහරණයක් දෙන්න. (පින්තූරයත් බලන්න.)

5 සමහර වෙලාවට යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ අපි හිතන විදිහටම නෙවෙයි. ඒ වගේ දෙයක් තමයි පාවුල්ටත් වුණේ. පාවුල් දෙවියන්ට යාච්ඤා කරලා ඉල්ලුවා එයාගේ “ශරීරයට ඇනිලා තියෙන කටුවක් හා සමාන පීඩාව” අයින් කරන්න කියලා. එයා ඒ ගැන නිශ්චිතවම සඳහන් කරලා තුන් සැරයක්ම යාච්ඤා කළා. ඉතින් යෙහෝවා එයාගේ යාච්ඤාවලට උත්තර දුන්නාද? ඔව්. හැබැයි ඒ පාවුල් හිතපු විදිහට නෙවෙයි. ප්‍රශ්නේ අයින් කරනවා වෙනුවට ඒක දරාගෙන දිගටම දෙවියන්ට සේවේ කරන්න ඔහු පාවුල්ට බලය දුන්නා.—2 කොරි. 12:7-10.

6. සමහර වෙලාවට යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ නැහැ කියලා අපිට දැනෙන්නේ ඇයි?

6 සමහර වෙලාවට අපිට ලැබෙන්නේ අපි බලාපොරොත්තු වෙන උත්තරේම නෙවෙයි. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ අපිට ඕන හොඳම දේ දන්නේ යෙහෝවා දෙවියන් කියලා. ඒ නිසයි බයිබලේ කියන්නේ “අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කිරීමේ හැකියාව දෙවි සතුය” කියලා. (එෆී. 3:20) මොකක්ද පාඩම? සමහර යාච්ඤාවලට උත්තර ලැබෙන්නේ ඔයා නොහිතපු වෙලාවක නොහිතපු විදිහටයි.

7. සමහරවිට යාච්ඤාවෙන් අපි ඉල්ලන දේවල් වෙනස් කරන්න වෙන්නේ ඇයි? උදාහරණයක් දෙන්න.

7 යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත තේරුම්ගන්න තරමටම ඔහුගෙන් ඉල්ලන දේවලුත් වෙනස් කරගන්න අපිට සිද්ධ වෙයි. ඒක තේරුම්ගන්න අපි සහෝදර මාටින් පෝට්සිංගර්ගේ අද්දැකීම බලමු. විවාහ වෙලා වැඩි කල් යන්න කලින් එයාව අත්අඩංගුවට අරන් ගාල් කඳවුරකට දැම්මා. ඉතින් එයා යෙහෝවාට කිව්වා “මාව මෙතනින් නිදහස් කරන්න. එතකොට මට මගේ නෝනාව බලාගන්න පුළුවන්. මට ආයේ සේවේ පටන්ගන්නත් පුළුවන්” කියලා. සති දෙකකුත් ගියා, යෙහෝවාගෙන් කිසි සද්දයක් නැහැ වගෙයි පේන්න තිබුණේ. ඊටපස්සේ එයා ආයෙත් යාච්ඤා කරලා කිව්වා “අනේ යෙහෝවා, මං මොකක්ද කරන්න ඕනෙ කියලා මට පෙන්නන්න” කියලා. ඒත් එක්කම එයා කඳවුරේ ඉන්න අනිත් සහෝදරයෝ ගැනත් හිතන්න පටන්ගත්තා. එතකොට එයාට තේරුණා එයාලත් එයාලාගේ භාර්යාවන් ගැන, දරුවෝ ගැන හුඟක් වධ වෙනවා කියලා. ඊටපස්සේ එයා යෙහෝවාට කිව්වා “යෙහෝවා, මේ අලුත් පැවරුම දුන්නාට ගොඩක් ස්තුතියි! මගේ සහෝදරයන්ව ශක්තිමත් කරන්න මට උදව් කරන්න” කියලා. ඊළඟට ගෙවුණ අවුරුදු නවය පුරාම සහෝදර මාටින් ඒ පැවරුම සතුටින් කළා.

8. යාච්ඤා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ වැදගත් දේ මොකක්ද?

8 දෙවියන්ගේ අරමුණට ඇතුළත් වෙන එක දෙයක් තමයි ස්වාභාවික විපත්, අසනීප, මරණය ඇතුළු අපි අද මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන්ම නැති කරන එක. ඔහු ඒක කරන්නේ දේවරාජ්‍යයෙන්. (දානි. 2:44; එළි. 21:3, 4) හැබැයි අපි මතක තියාගන්න ඕනෙ ඒක කරන්න ඔහුට නියමිත කාලයක් තියෙනවා කියලා. එතකල් දෙවියන් මේ පොළොව පාලනය කරන්න සාතන්ට ඉඩ දීලා තියෙනවා.b (යොහ. 12:31; එළි. 12:9) ඉතින් දෙවියන් දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා ඒවා විසඳුවොත් මිනිස්සු හිතයි සාතන්ගේ පාලනය සාර්ථකයි කියලා. ඒ නිසයි මේ හැම දේම විසඳෙන දවස එන කල් අපි ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා යෙහෝවා අපිට ඕන දෙයක් වුණාවේ කියලා අපිව පැත්තකට දාලා නැහැ. ඔහු දැන් වුණත් අපිට උදව් කරනවා. ඒ කොහොමද කියලා අපි බලමු.

අද අපේ යාච්ඤාවලට උත්තර දෙන විදි

9. තීරණ ගන්න වෙද්දී යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

9 ප්‍රඥාව දෙනවා. යෙහෝවා දෙවියන් අපිට පොරොන්දු වෙනවා ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් කරනවා කියලා. (යාකො. 1:5) උදාහරණෙකට විවාහ වෙනවාද නැද්ද කියන තීරණය ගැන හිතන්න. ඒ වගේ තීරණ අපේ මුළු ජීවිතේටම බලපානවා. සහෝදරි මරියාත්c ජීවිතේ ඒ මංසන්ධියට ආවා. එයා පුරෝගාමියෙක්. කාලයක් තිස්සේ සතුටින් සේවේ කරකර ඉද්දී එයාට සහෝදරයෙක්ව හම්බ වුණා. ඒ ගැන මරියා කියන දේ බලන්න. “අපි හොඳ යාළුවෝ වුණා. කාලයක් යද්දී අපි දෙන්නාගෙම හිතේ දෙන්නා ගැන කැමැත්තක් ඇති වුණා. මං දැනං හිටියා මට තීරණයක් ගන්න වෙනවා කියලා. ඒ නිසා මං යෙහෝවාට ගොඩක් යාච්ඤා කළා. යෙහෝවා මං වෙනුවෙන් තීරණයක් ගන්නේ නෑ, මංම තමයි ඒක කරන්න ඕනේ.” යෙහෝවා දෙවියන් මරියාගේ යාච්ඤාවට ඇහුම්කන් දීලා එයාට ප්‍රඥාව දුන්නා. ඒ කොහොමද? එයා අපේ ප්‍රකාශන හොඳට අධ්‍යයනය කළා. එයාගේ හිතේ තිබුණ දහසකුත් ප්‍රශ්නවලට උත්තර ඒවාවල තිබුණා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා හිතන විදිහට හිතන්න එයාගේ අම්මාත් එයාට ගොඩක් උදව් කළා. ඊටපස්සේ මරියා එයාවම හොඳට සෝදිසි කරලා බැලුවා. අන්තිමේදී හරි තීරණය ගන්න එයාට පුළුවන් වුණා.

සරණාගත කඳවුරක ඉන්න සහෝදරයෙක් බයිබලේ කියවනවා.

දෙවියන් විඳදරාගන්න ශක්තිය දෙන්නේ කොහොමද? (10 ඡේදය බලන්න)

10. ෆිලිප්පි 4:13 කියන විදිහට යෙහෝවා ඔහුගේ සේවකයන්ට උදව් කරන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න. (පින්තූරයත් බලන්න.)

10 විඳදරාගන්න ශක්තිය දෙනවා. පාවුල්ට වගේ යෙහෝවා දෙවියන් අපිටත් පීඩා විඳදරාගන්න දිගටම උදව් කරනවා. (ෆිලිප්පි 4:13 කියවන්න.) සහෝදර බෙන්ජමින්ටත් ඔහු උදව් කළා. එයායි, එයාගේ පවුලේ අයයි ජීවිතේ වැඩි කාලයක්ම හිටියේ අප්‍රිකාවේ සරණාගත කඳවුරුවල. සහෝදර බෙන්ජමින් මෙහෙම කියනවා. “මං යෙහෝවාට දිගටම යාච්ඤා කළා. මං ඔහුගෙන් ඉල්ලුවා ඔහු ඉස්සරහා හැම වෙලේම හරි දේ කරන්න මට උදව් කරන්න කියලා. යෙහෝවා මගේ යාච්ඤාව අහක දැම්මේ නෑ. ඔහු මගේ හිතට සැනසීම දුන්නා. බය නැතුව සේවේ කරන්න උදව් කළා. ඒ විතරක් නෙවෙයි සංවිධානයෙන් දෙන ප්‍රකාශන මට උදව් වුණා යෙහෝවාට කිට්ටුවෙන් ඉන්න. මට වැඩියෙන්ම උදව් වුණේ සහෝදරයන්ගේ අද්දැකීම්. ඒවා කියවද්දී මට තේරුණා යෙහෝවා එයාලට වගේම මටත් දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් කරනවා කියලා.”

සහෝදරයන්ව පාවිච්චි කරලා යෙහෝවා ඔයාට උදව් කරන විදිහ ඔයා අද්දැකලා තියෙනවාද? (11-12 ඡේද බලන්න)d

11-12. අපේ යාච්ඤාවලට උත්තර දෙන්න යෙහෝවා සභාවේ අයව පාවිච්චි කරන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

11 සහෝදර සහෝදරියන්ව පාවිච්චි කරනවා. මැරෙන්න කලින් රාත්‍රියේදී යේසුස් යෙහෝවා දෙවියන්ට බැගෑපත්ව කන්නලව් කළා. මොකද ඔහු දැනන් හිටියා ඔහුට මැරෙන්න වෙන්නේ දෙවියන්ට අපහාස කරන්නෙක් විදිහට කියලා. ඉතින් යේසුස් ඉල්ලුවා පුළුවන් නම් ඒක අයින් කරන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කරනවා වෙනුවට දෙවියන් යේසුස්ව ශක්තිමත් කරන්න ඔහුගේ සහෝදරයෙක්ව ඒ කියන්නේ දේවදූතයෙක්ව එව්වා. (ලූක් 22:42, 43) යෙහෝවා අපිව ශක්තිමත් කරන්න අදත් සහෝදර සහෝදරියන්ව පාවිච්චි කරනවා. එයාලා කෝල් එකක් දීලා නැත්නම් හම්බ වෙන්න ඇවිල්ලා අපිට කියන පුංචි වචනයක් ඇති අපිව දිරිගැන්වෙන්න. අපිටත් පුළුවන් “දිරිගන්වනසුලු වචනයක්” කියලා අනිත් අයවත් ශක්තිමත් කරන්න මහන්සි වෙන්න.—හිතෝ. 12:25.

12 සහෝදරි මීරියම් කියන්නේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දීපු කෙනෙක්. එයාගේ මහත්තයා නැති වෙලා සති කීපයකට පස්සේ දවසක් එයා ගෙදර තනියම ඉද්දී එයාට ලොකු දුකක්, තනිකමක් දැනුණා. කොච්චරද කියනවා නම් ඇස්වලින් කදුළු වැටෙන එක එයාටම නවත්තගන්න බැරි වුණා. එයාට ඕන වුණා කාත් එක්ක හරි දුක බෙදාගන්න. බලන්න එයා කියන දේ. “මට කෝල් එකක් ගන්න තරම්වත් ශක්තියක් තිබුණේ නෑ. ඒ නිසා මං දිගටම අඬඅඬ යෙහෝවාට යාච්ඤා කළා. ඔහොම යාච්ඤා කරකර ඉද්දී එක පාරටම ෆෝන් එක රිං වුණා. ඒ කතා කළේ මට ගොඩක් හිතවත් වැඩිමහල්ලෙක්.” එයායි, එයාගේ බිරිඳයි සහෝදරි මීරියම්ව ගොඩක් ශක්තිමත් කළා. මීරියම් කියනවා එදා ඒ කෝල් එක ගන්න ඒ වැඩිමහල්ලාව පෙලඹුවේ යෙහෝවාම තමයි කියලා.

දොස්තර කෙනෙක් යුවළකට වැදගත් තොරතුරු තියෙන ලියවිල්ලක් පෙන්නනවා.

අපිට උදව් කරන්න සත්‍යයේ නැති අයව වුණත් පොලඹවන්න යෙහෝවාට පුළුවන් (13-14 ඡේද බලන්න)

13. අපේ යාච්ඤාවලට උත්තර දෙන්න සත්‍යයේ නැති කෙනෙක්ව වුණත් පාවිච්චි කරන්න යෙහෝවාට පුළුවන්. උදාහරණයක් දෙන්න.

13 සත්‍යයේ නැති අයව පවා පාවිච්චි කරනවා. (හිතෝ. 21:1) සමහර අවස්ථාවලදී යෙහෝවාට නමස්කාර කරන අයගේ යාච්ඤාවලට උත්තර දෙන්න ඔහු ඔහුට නමස්කාර කරන්නේ නැති අයව පාවිච්චි කරනවා. උදාහරණෙකට නෙහෙමියා ගැන හිතන්න. එයා යාච්ඤා කළා යෙරුසලමට ගිහිල්ලා දේවමාලිගාවේ පවුරු ආයේ ගොඩනඟන්න එයාට උදව් කරන්න කියලා. ඒ යාච්ඤාවට උත්තර දෙන්න යෙහෝවා පාවිච්චි කළේ කාවද? ඒ යෙහෝවාට නමස්කාර කරපු නැති අර්තක්ෂස්තා රජුව. (නෙහෙ. 2:3-6) අදත් ප්‍රශ්න ගැටලු මැද හිර වෙලා ඉන්න දෙවියන්ගේ සෙනඟව ගලවගන්න සත්‍යයේ නැති අයව පවා පාවිච්චි කරන්න ඔහුට පුළුවන්.

14. සූ හිංගේ අද්දැකීමෙන් ඔයාගේ හිතට වැඩියෙන්ම දැනුණේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)

14 සහෝදරි සූ හිංගේ පුතාට හුඟක් මානසික අසනීප තිබ්බා. දවසක් පුතාට ලොකු අනතුරකුත් වුණා. ඒ නිසා සහෝදරි සූටයි, එයාගේ මහත්තයාටයි සිද්ධ වුණා රස්සාවෙන් අස් වෙලා පුතාව බලාගන්න. ඊටපස්සේ එයාලා ගොඩක් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නා. සහෝදරි සූට දැනුණේ එයා කැඩෙන්න ඔන්න මෙන්න තියෙන හොඳටම ඇදපු රබර් පටියක් වගේ කියලා. මීට වඩා නම් දරාගන්න බැහැ කියලා එයාට හිතුණා. ඒ නිසා එයා යෙහෝවාට ගොඩක් යාච්ඤා කරලා උදව් ඉල්ලුවා. දෙවියන් එයාලට උදව් කරන්න පුතාගේ දොස්තරව පාවිච්චි කළා. දොස්තරගේ උදව්වෙන් රජයේ සහනාධාර ගන්න, අඩු ගාණකට ඉන්න තැනක් හොයාගන්න එයාලට පුළුවන් වුණා. ඒ ගැන සූ මෙහෙම කියනවා. “ඒ කාලේ පුරාම යෙහෝවා අපිට උදව් කරපු විදිහ අපි දැක්කා. ඇත්තටම ඔහු තමයි ‘යාච්ඤා අසන තැනැත්තාණන්.’”—ගීතා. 65:2.

ඉල්ලන්න වගේම පිළිගන්නත් විශ්වාසය ඕනෙමයි

15. යෙහෝවා යාච්ඤාවලට උත්තර දෙනවා කියලා තේරුම්ගන්න සහෝදරියකට උදව් වුණේ මොකක්ද?

15 අපේ හැම යාච්ඤාවකටම දෙවියන් ආශ්චර්යවත් විදිහට උත්තර දෙන්නේ නැහැ. හැබැයි ඔහු මොන උත්තරේ දුන්නත් ඒක තමයි ඒ මොහොතේ ඔහුට විශ්වාසවන්තව ඉන්න අපිට ඕනම කරන දේ. ඒ නිසා යෙහෝවා ඔයාගේ යාච්ඤාවලට උත්තර දෙන විදිහ ගැන හොඳ අවධානයකින් ඉන්න. සහෝදරි යෝකෝටත් හිතුණා දෙවියන් එයාට උත්තර දෙන්නේ නැහැ කියලා. ඒ නිසා එයා මොකද කළේ දන්නවාද? එයා පොඩි පොතක් අරගෙන යෙහෝවාගෙන් ඉල්ලපු දේවල් ලිව්වා. කාලෙකට පස්සේ එයා ආයේ ඒ පොත අරන් බැලුවා. එතකොට එයාට තේරුණා එයා ඉල්ලපු ගොඩක් ඒවාට දෙවියන් උත්තර දීලයි තියෙන්නේ කියලා. සමහර දේවල් එයාටවත් මතක තිබ්බේ නැහැ. හැබැයි යෙහෝවා ඒවා අමතක කරලා තිබ්බේ නැහැ. ඔයාටත් පුළුවන් ටිකක් නැවතිලා හොඳට හිතන්න. එතකොට දෙවියන් ඔයාගේ යාච්ඤාවලට උත්තර දීපු විදිහ ඔයාත් දකියි.—ගීතා. 66:19, 20.

16. විශ්වාසය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද? (හෙබ්‍රෙව් 11:6)

16 යෙහෝවාට යාච්ඤා කරද්දී අපේ හිතේ ඔහු ගැන තියෙන විශ්වාසය පේනවා. හැබැයි ඔහු ඒවාට මොන විදිහට උත්තර දුන්නත් ඒක පිළිගන්න එකෙනුත් ඔහු ගැන තියෙන විශ්වාසය පෙන්නන්න පුළුවන්. (හෙබ්‍රෙව් 11:6 කියවන්න.) ඒක තේරුම්ගන්න සහෝදර මයික් සහ එයාගේ බිරිඳ ක්‍රිසීගේ අද්දැකීම බලමු. එයාලා ගොඩක් ආසාවෙන් හිටියේ බෙතෙල් සේවේ කරන්න. ඒ ගැන මයික් මෙහෙම කියනවා. “අපි අවුරුදු ගාණක් තිස්සේ එක දිගට බෙතෙල් ෆෝම් එක දැම්මා. අපේ ආසාව ගැන දිගටම යෙහෝවාට යාච්ඤා කළා. හැබැයි අපිට කවදාවත් බෙතෙල් එකට එන්න කිව්වේ නෑ.” හැබැයි එයාලා අධෛර්යය වුණේ නැහැ. මොකද එයාලට විශ්වාසයක් තිබ්බා එයාලව පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිහ දන්නේ යෙහෝවා දෙවියන් කියලා. ඒ නිසා එයාලා ප්‍රචාරකයන් අඩු පැතිවල දිගටම ස්ථාවර පුරෝගාමි කළා. ඒ වගේම සංවිධානයේ ගොඩනැඟිලි ව්‍යාපෘතිවලටත් හවුල් වුණා. දැන් එයාලා චාරිකා සේවේ කරනවා. බලන්න මයික් කියන දේ. “සමහරවිට අපිට යෙහෝවාගෙන් ලැබෙන්නේ අපි හිතන උත්තරේ නෙවෙයි. හැබැයි එක දෙයක් විශ්වාසයි. ඔහු අනිවාර්යයෙන්ම අපේ යාච්ඤාවලට උත්තර දෙනවාමයි. ඒ ලැබෙන උත්තරේ අපි හිතං හිටියාටත් වඩා හොඳ එකක්.”

17-18. ගීතාවලිය 86:6, 7 කියන විදිහට අපිට සහතික වෙන්න පුළුවන් මොනවා ගැනද?

17 ගීතාවලිය 86:6, 7 කියවන්න. දාවිත්ට ලොකු විශ්වාසයක් තිබුණා යෙහෝවා දෙවියන් එයාගේ යාච්ඤාවලට හොඳට ඇහුම්කන් දීලා ඒවාට උත්තර දෙනවා කියලා. ඒ සහතිකයම තියාගන්න අපිටත් පුළුවන්. අපි මේ ලිපියේ තියෙන උදාහරණවලින් බලපු විදිහට යෙහෝවාට පුළුවන් අපිට ඕන කරන ප්‍රඥාව දෙන්න. ඒ වගේම ඕනම දෙයක් විඳදරාගන්න බලය දෙන්න. ඒ විතරක් නෙවෙයි අපි බැලුවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්න සත්‍යයේ ඉන්න අයව විතරක් නෙවෙයි තාමත් සත්‍යයට ඇවිල්ලා නැති අයව පවා පාවිච්චි කරනවා කියලා.

18 යෙහෝවා දෙවියන් අපි හිතන විදිහටම උත්තර දුන්නේ නැති වුණත් ඔහු කවදාවත් උත්තර නොදී ඉන්නේ නැහැ. ඔහු අපිට ඕනම දේ ඕනම වෙලාවේදී අනිවාර්යයෙන්ම දෙනවා. ඒ නිසා දිගටම විශ්වාසයෙන් ඔහුට යාච්ඤා කරන්න. එහෙම කරද්දී දැනුත් යෙහෝවා ඔයාව ආදරෙන් බලාගන්නවා. ඇත්තටම දැන් විතරක් නෙවෙයි පාරාදීසේදීත් “ජීවමාන සියල්ලන්ගේ ආශාව තෘප්තිමත් කරනවා” කියලා ඔහු පොරොන්දු වෙනවා.—ගීතා. 145:16.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන විදිහට යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ නැත්තේ ඇයි?

  • යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන විදි මොනවාද?

  • යාච්ඤාවලට උත්තර ලැබෙද්දී විශ්වාසය පෙන්නන්න පුළුවන් කොහොමද?

ගීතිකාව 46 යෙහෝවා දෙවිට ස්තුති වෙමු

a අපි දෙවියන්ගේ කැමැත්තට එකඟව දෙවියන්ට යාච්ඤා කරනවා නම් ඔහු පොරොන්දු වෙනවා අපේ යාච්ඤාවලට උත්තර දෙනවා කියලා. ප්‍රශ්න මැද්දේ ඉද්දී වුණත් දිගටම විශ්වාසවන්තව ඉන්න යෙහෝවා අපිට උදව් කරයි කියලා ඒ නිසා අපිට විශ්වාසයි. ඒත් ඔහු අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

b දෙවියන් සාතන්ට මේ ලෝකේ පාලනය කරන්න ඉඩ දුන්න හේතුව දැනගන්න 2017 ජූනි ‘මුරටැඹ’ සඟරාවේ “වැදගත් ප්‍රශ්නේ අමතක කරන්න එපා!” කියන ලිපිය බලන්න.

c සමහර නම් වෙනස් කර ඇත.

d පින්තූරේ අදහස: අම්මා කෙනෙක් එයාගේ දුවත් එක්ක සරණාගතයන් විදිහට රටකට එනවා. ඒ වෙලාවේ සහෝදරයෝ එයාලව ආදරෙන් පිළි අරන් එයාලට උදව් කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න