ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 ජූනි 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ‘මරියා වැදගත් දේ සිතේ තබාගත්තා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔහු දිව්‍ය මඟ පෙන්වීම පිළිගත්තේය
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇය ගැඹුරින් කල්පනා කළා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවිවාහකව සිටිද්දී ගැබ්ගත් මරියා
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 ජූනි 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යේසුස් ඉපදුණාට පස්සේ යෝසෙප් සහ මරියා නාසරෙත්වලට යන්නේ නැතුව බෙත්ලෙහෙමේ නතර වුණේ ඇයි?

බයිබලේ ඒකට කෙළින්ම උත්තරයක් නැහැ. ඒත් එයාලා එහෙම කරන්න ඇත්තේ ඇයි කියලා තේරුම්ගන්න උදව් වෙන තොරතුරු ටිකක් අපි බලමු.

දේවදූතයෙක් ඇවිත් මරියාට කතා කරද්දී යෝසෙප් සහ මරියා දෙන්නාම හිටියේ ගලීලයේ නාසරෙත් නුවරේ. (ලූක් 1:26-31; 2:4) පස්සේ කාලෙක එයාලා ඊජිප්තුවේ ඉඳලා ආයේ ආවෙත් ඒ නුවරටමයි. එහේ තමයි යේසුස් හැදී වැඩුණේ. ඒ නිසයි ඔහුට මිනිස්සු කිව්වේ නාසරෙත්වල කෙනෙක් කියලා. (මතෙ. 2:19-23) ඉතින් යේසුස්, යෝසෙප්, මරියා ගැන කතා කරද්දී නාසරෙත් නුවර මතක් වෙන එක පුදුමයක්ද!

දවසක් මරියා එයාගේ නෑයෙක් වුණ එලිසබෙත්ව බලන්න යුදයට ගියා. (ලූක් 1:5, 9, 13, 36) එයා එහේ මාස තුනක්ම නැවතිලා හිටියා. (ලූක් 1:39, 40, 56) ඒ නිසා යුදය කියන පළාත මරියාට හුඟක් හුරුපුරුදු තැනක් වෙන්න ඇති.

“ලියාපදිංචි වෙන්න” කියලා නිකුත් කරපු රාජ නියෝගයට කීකරු වුණ නිසා යෝසෙප් නාසරෙත් නුවරේ ඉඳලා “දාවිත්ගේ නුවර” විදිහට හඳුන්වපු බෙත්ලෙහෙමට ආවා. අනාවැකිවලත් කියලා තිබුණා ගැලවුම්කරු ඉපදෙන්නේ එහේ කියලා. (ලූක් 2:3, 4; 1 සාමු. 17:15; 20:6; මීකා 5:2) යේසුස් ඉපදුණ ගමන්ම ලොකු දුරක් ගෙවාගෙන ආයෙත් නාසරෙත්වලට යන එකෙන් අම්මාටයි, දරුවාටයි අනතුරක් වෙන්න පුළුවන් කියලා යෝසෙප් හිතන්න ඇති. ඒ නිසා එයාලා යෙරුසලමට කිලෝමීටර් නවයක් (හැතැප්ම 6ක්) විතර දුරින් තිබුණ බෙත්ලෙහෙමේ කාලයක් නතර වෙන්න තීරණය කරන්න ඇති. අලුත උපන් පුතාවත් අරගෙන නීතියේ කියලා තිබුණ විදිහට පූජාවන් ඔප්පු කරන්න දේවමාලිගාවට යන්නත් ඒකෙන් ලේසි වෙන්න ඇති.—ලෙවී. 12:2, 6-8; ලූක් 2:22-24.

දේවදූතයා මරියාට කිව්වා එයාගේ පුතා “දාවිත්ගේ සිංහාසනයේ” ඉඳගෙන “රජකම් කරනවා” කියලා. ඒ නිසා යේසුස් දාවිත්ගේ නුවරේම ඉපදුණ එක යෝසෙප් සහ මරියා විශේෂ දෙයක් විදිහට සලකන්න ඇති. (ලූක් 1:32, 33; 2:11, 17) එහෙදී දෙවියන් එයාලට තව මඟ පෙන්වීම් දෙයි කියලා හිතපු නිසා බෙත්ලෙහෙමේ නතර වුණොත් හොඳයි කියලා එයාලට හිතෙන්නත් ඇති.

යේසුස් ඉපදිලා කොච්චර කාලෙකට පස්සෙද ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් ඔහුව බලන්න ආවේ කියලා අපි හරියටම දන්නේ නැහැ. හැබැයි ඒ වෙද්දී එයාලා හිටියේ පුංචි ගේක. එතකොට යේසුස් අලුත උපන් බිලිඳෙක් නෙවෙයි “කුඩා දරුවෙක්.” (මතෙ. 2:11) ඒ දේවල්වලින් තේරෙනවා එයාලා නාසරෙත්වලට යන්නේ නැතුව බෙත්ලෙහෙමේ ටික කාලයක් පදිංචි වෙලා හිටියා කියලා.

වැඩි කල් යන්න කලින් හෙරොද් නියෝග කළා බෙත්ලෙහෙමේ ඉන්න “අවුරුදු දෙකක් හෝ ඊට වඩා බාල සියලුම පිරිමි දරුවන්ව මරන්න” කියලා. (මතෙ. 2:16) දෙවියන් ඒ ගැන කලින්ම අනතුරු අඟවපු නිසා යෝසෙප් සහ මරියා යේසුස්වත් අරන් ඊජිප්තුවට ගියා. හෙරොද් මැරෙන කල්ම එයාලා හිටියේ එහේ. හැබැයි හෙරොද් මැරුණාට පස්සේ ඇයි එයාලා බෙත්ලෙහෙමට ආවේ නැත්තේ? මොකද ඊටපස්සේ රජකම ලැබුණේ හෙරොද්ගේ පුතා ආකෙලාවුස්ට. එයා හරිම දරුණු පාලකයෙක්. බෙත්ලෙහෙමට යන්න එපා කියලා යෙහෝවාත් අනතුරු ඇඟවලා තිබ්බා. ඒ නිසයි යෝසෙප් එයාගේ පුංචි පවුලත් අරන් නාසරෙත්වලට ගියේ. එහේ යේසුස්ව ඇතිදැඩි කරන්න හොඳ වාතාවරණයක් තිබුණා.—මතෙ. 2:19-22; 13:55; ලූක් 2:39, 52.

පේන විදිහට යෝසෙප් මැරුණේ යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කරන්න කලින්. ඒ නිසා එයා මේ පොළොවේ නැවත නැඟිටියි. ඉතින් එයා නැඟිටලා ආවාම හරියටම මොකද වුණේ කියලා අපිට එයාගෙන්ම අහලා දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න