ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 පෙබරවාරි 26-27 පි.
  • යෙහෝවා පියවර ගන්න කල් සතුට රැකගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා පියවර ගන්න කල් සතුට රැකගන්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඇයි එහෙම බලාපොරොත්තු වෙන්නේ?
  • සතුට රැකගන්නේ කොහොමද?
  • ප්‍රීතියෙන් යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයා ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක්ද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බලා සිටීමට සිදු වන විට
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් පියවර ගන්න කල් ඉවසීමෙන් බලන් ඉන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 පෙබරවාරි 26-27 පි.

යෙහෝවා පියවර ගන්න කල් සතුට රැකගන්න

මාලිගාවේ ජනේලයකින් දාවිත් රජ ආසාවෙන් ඈත බලාගෙන ඉන්නවා.

යෙහෝවා දෙවියන් දුෂ්ටකම් නැති කරලා හොඳ කාලයක් ගේන කල් ඔයාත් ආසාවෙන් බලන් ඉන්නවාද? (එළි. 21:1-5) හැබැයි එක පිට එක ප්‍රශ්න එද්දී දැන් නම් බලන් හිටියා හොඳටම ඇති කියලා හිතෙන්න පුළුවන්.—හිතෝ. 13:12.

ඒ දවස එන කල් අපි ඉවසීමෙන් ඉඳියි කියලා යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඇයි ඔහු එහෙම බලාපොරොත්තු වෙන්නේ? ඒ දවස එන කල් සතුට රැකගන්න උදව් වෙන්නේ මොනවාද?

ඇයි එහෙම බලාපොරොත්තු වෙන්නේ?

බයිබලේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි. මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි. ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම සන්තෝෂවත්ය.” (යෙසා. 30:18) ඒක කිව්වේ මුරණ්ඩු යුදෙව්වන්ට. (යෙසා. 30:1) හැබැයි එයාලා අතර හිටිය විශ්වාසවන්ත අයට ඒකෙන් බලාපොරොත්තුවක් ලැබුණා. අද ඉන්න විශ්වාසවන්ත සේවකයන්ටත් ඒකෙන් බලාපොරොත්තුවක් ලැබෙනවා.

ඒ නිසා අපිත් දිගටම ඉවසිල්ලෙන් බලන් ඉන්න ඕනේ. මොකද මේ දුෂ්ට සමාජය විනාශ කරන දවසයි, වෙලාවයි එන කල් දෙවියනුත් ඉවසීමෙන් ඉන්නවා. (මතෙ. 24:36) එදාට දෙවියන්ටයි, ඔහුගේ සෙනඟටයි සාතන් කරලා තියෙන චෝදනා බොරුයි කියලා ඔප්පු වෙනවා. සාතන්වයි, සාතන්ගේ පැත්ත ගන්න හැමෝවමයි සම්පූර්ණෙන්ම විනාශ කරනවා. හැබැයි අපිට යෙහෝවා “දයාව පෙන්නනවා.”

ඒ දවස එන කල් අපිට එන ප්‍රශ්න අයින් කරනවා කියලා යෙහෝවා පොරොන්දු වෙන්නේ නැහැ. හැබැයි ඔහු සහතික වෙනවා සතුටින් බලන් ඉන්න අපිට පුළුවන් කියලා. යෙසායාත් කිව්වා යෙහෝවා ගැන බලාපොරොත්තු තිබ්බොත් කවදාවත් සතුට නැති වෙන්නේ නැහැ කියලා. (යෙසා. 30:18)a සතුට දිගටම රැකගන්න උදව් වෙන පියවර හතරක් දැන් අපි බලමු.

සතුට රැකගන්නේ කොහොමද?

හොඳ දේට අවධානය දෙන්න. දාවිත්ගේ ජීවිත කාලේ පුරාම එයා හුඟක් නරක දේවල් සිද්ධ වෙනවා දැක්කා. (ගීතා. 37:35) ඒත් එයා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව, ඉවසිලිවන්තව බලා සිටින්න. කෙනෙකු හිතුමතේට ක්‍රියා කර ජීවිතය සාර්ථක කරගත්තත් ඒ ගැන කෝප නොවන්න.” (ගීතා. 37:7) දාවිතුත් ඒක අදාළ කරගත්තා. යෙහෝවා එයාට උදව් කරනවා කියලා දීපු පොරොන්දු ගැන, ඔහුගේ ආශීර්වාද ගැන එයා හිතුවා. (ගීතා. 40:5) කොච්චර නරක දේවල් වුණත් අපිත් ඒවාවලට වඩා හොඳ දේවල්වලට අවධානය දෙනවා නම් යෙහෝවා පියවර ගන්න කල් බලන් ඉන්න ලේසියි.

හැම වෙලාවකම යෙහෝවාට ප්‍රශංසා කරන්න. පේන විදිහට දාවිත් තමයි 71වෙනි ගීතිකාවත් ලිව්වේ. එයා දෙවියන්ට කිව්වා “මා නිතරම බලා සිටින්නේ ඔබ දෙසය. මම තව තවත් වැඩියෙන් ඔබට ප්‍රශංසා කරමි” කියලා. (ගීතා. 71:14) දාවිත් දෙවියන් ගැන අනිත් අයට කිව්වා. ඔහුට ප්‍රශංසා ගීතිකා ගායනා කළා. (ගීතා. 71:16, 23) අපිටත් පුළුවන් සේවේදී, අනිත් අයත් එක්ක කතාබහ කරද්දී, ගීතිකා කියද්දී යෙහෝවාට ප්‍රශංසා කරන්න. ඒ නිසා ඊළඟ සැරේ ගීතිකා කියද්දී ඒ පදවලට හොඳ අවධානයක් දෙන්න. ඒක ඔයාගේ සතුට තව වැඩි කරයි.

සහෝදර සහෝදරියන්ගෙන් දිරිගැන්වීම් ලබන්න. අභියෝගවලට මුහුණ දෙද්දී දාවිත් මෙහෙම කිව්වා. “මම දෙවිගේ නාමය කෙරෙහි බලාපොරොත්තු තබන්නෙමි. ඔහුගේ විශ්වාසවන්ත තැනැත්තන් ඉදිරියේ එසේ කරන්නෙමි.” (ගීතා. 52:9) අපිටත් පුළුවන් දෙවියන්ට විශ්වාසවන්ත තැනැත්තන්ගෙන් ඒ කියන්නේ අපේ සහෝදරයන්ගෙන් දිරිගැන්වීම් ගන්න. රැස්වීම්වලදී, සේවේදී වගේම එයාලත් එක්ක විනෝදෙන් ඉද්දීත් අපිට ඒක කරන්න පුළුවන්.—රෝම 1:11, 12.

බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න. ගීතාවලිය 62:5 මෙහෙම කියනවා. “මම නිහඬව දෙවි කෙරෙහි බලා සිටින්නෙමි. මන්ද ඔහු මා තුළ බලාපොරොත්තුවක් ඇති කළේය.” ඒත් හිතපු තරම් ඉක්මනට ඒ දවස ආවේ නැත්නම්? ඒ වෙලාවට තමයි බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්නම ඕනේ. මොකද ඒක ශක්තිමත් නම් අපි දන්නවා කොච්චර කාලයක් ගියත් යෙහෝවාගේ පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා. ඒ නිසා බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න දිගටම බයිබලේ අධ්‍යයනය කරන්න. යෙහෝවා ගැන, අනාවැකි ගැන, බයිබලේ තොරතුරු එකිනෙකට සම්බන්ධ වෙන විදිහ ගැන අධ්‍යයනය කරන්න. (ගීතා. 1:2, 3) දෙවියන්ගේ දවස එන කල් ඔහුත් එක්ක ශක්තිමත් බැඳීමක් තියාගන්න යාච්ඤාවත් හරිම වැදගත්.—යූද් 20, 21.

පින්තූරවල අදහස: වයසක සහෝදරියක් බයිබලේ කියවලා ඒ ගැන කල්පනා කරනවා. එයා ළඟ තියෙන මේසේ උඩ බෙහෙත් ගොඩක් තියෙනවා. 1. එයා රෝද පුටුවේ වාඩි වෙලා පොදු සේවයේ හවුල් වෙන ගමන් කාන්තාවක් එක්ක කතා කරනවා. 2. එයා සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා ටිකක් විනෝද වෙනවා. 3. එයා යාච්ඤා කරනවා.

ඉවසීමෙන් බලන් ඉන්න අය ගැන යෙහෝවා අවධානයෙන් ඉන්නවා කියලත් ඔහු එයාලට විශේෂ ආදරයක් පෙන්නනවා කියලත් අපිට සහතිකයි. (ගීතා. 33:18, 22) ඒ නිසා දිගටම හොඳ දේවල්වලට අවධානය දෙන්න. යෙහෝවාට ප්‍රශංසා කරන්න. අනිත් අයගෙන් දිරිගැන්වීම් ලබන්න. බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්න. එතකොට යෙහෝවා පියවර ගන්න කල් සතුට රැකගන්න ඔයාටත් පුළුවන්.

a මුල් භාෂාවට අනුව “බලාපොරොත්තු තබන” කියන යෙදුමට “මහත් ආසාවකින් බලන් ඉන්නවා” කියන අදහසත් ඇතුළත්. ඒකෙන් පැහැදිලියි අපිට ගැලවීම ලැබෙන දවස එන කල් ඇඟිලි ගැනගැන බලන් ඉන්න එකේ වරදක් නැහැ කියලා.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න