ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 පෙබරවාරි 28-29 පි.
  • පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයන් දෙන්නෙක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයන් දෙන්නෙක්!
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය කියන්නේ මොකක්ද?
    නිතර අසන ප්‍රශ්න
  • පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයන් දෙන්නෙක්
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 පෙබරවාරි 28-29 පි.

පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයන් දෙන්නෙක්!

2023 ජනවාරි 18වෙනි බදාදා jw.org වෙබ් අඩවියේ විශේෂ නිවේදනයක් පළ වුණා. ඒකේ කිව්වා සහෝදර ගේජ් ෆ්ලීගල්ව සහ සහෝදර ජෙෆ්රි වින්ඩව පාලක මණ්ඩලයේ සාමාජිකයින් විදිහට පත් කරලා තියෙනවා කියලා. ඒ දෙන්නාම අවුරුදු ගාණක් පුරා යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරපු අය.

ගේජ් ෆ්ලීගල් එයාගේ නෝනා නාඩියා එක්ක

සහෝදර ෆ්ලීගල් හැදී වැඩුණේ ඇමරිකාවේ පෙන්සිල්වේනියාවල. එයා යෞවන වයසට ආවාම වැඩි සේවයක් කරන්න ඕන නිසා එයාගේ දෙමාපියන් පවුලේ අයවත් අරන් පුංචි ගමක පදිංචියට ගියා. ඊට ටික කාලෙකට පස්සේ 1988 නොවැම්බර් 20වෙනිදා සහෝදර ෆ්ලීගල් බව්තීස්ම වුණා.

සහෝදර ෆ්ලීගල්ගේ දෙමාපියන් පූර්ණකාලීන සේවය කරන්න එයාව දිරිගැන්නුවා. ඒ වගේම එයාලා චාරිකා සේවකයන්ට, බෙතෙල් සේවකයන්ට ගෙදර නවාතැන් දුන්නා. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම සහෝදර ෆ්ලීගල් දැක්කා යෙහෝවාට සේවය කරන අයගේ ජීවිතවල තිබුණ සතුට. ඉතින් 1989 සැප්තැම්බර් 1වෙනිදා එයා ස්ථාවර පුරෝගාමි පටන්ගත්තා. අවුරුදු 12 ඉඳන්ම සහෝදර ෆ්ලීගල්ට ඉලක්කයක් තිබුණා බෙතෙල් එකට යන්න. පුරෝගාමි පටන් අරන් අවුරුදු දෙකකට පස්සේ එයා ඒ ඉලක්කයට ගියා. එයා බෙතෙල් පැවරුම පටන්ගත්තේ 1991 ඔක්තෝබර්වල බෘක්ලින් බෙතෙල් එකේ.

සහෝදර ෆ්ලීගල් අවුරුදු අටක්ම පොත් බඳින අංශයේ වැඩ කළාට පස්සේ එයාට සේවා අංශයේ පැවරුමක් ලැබුණා. අවුරුදු ගාණක්ම එයා සේවය කළේ රුසියානු භාෂාව කතා කරන සභාවක. 2006දී එයා සහෝදරි නාඩියා එක්ක විවාහ වෙලා දෙන්නාම බෙතෙල් එකේ සේවය කළා. විවාහ වුණාට පස්සේ එයාලා පෘතුගීසි භාෂාව සහ ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවල සේවය කළා. අවුරුදු ගාණක්ම සේවා අංශයේ වැඩ කළාට පස්සේ සහෝදර ෆ්ලීගල්ට ඉගැන්වීම් කමිටු කාර්යාලයෙත් සේවා කමිටු කාර්යාලයෙත් සේවය කරන්න අවස්ථාව ලැබුණා. 2022 මාර්තුවල එයාව පාලක මණ්ඩලය යටතේ තියෙන සේවා කමිටුවට උපකාර කරන්නෙක් විදිහට පත් කළා.

ජෙෆ්රි වින්ඩ එයාගේ නෝනා ඇන්ජලා එක්ක

සහෝදර වින්ඩ ඉපදුණේ කැලිෆෝර්නියාවල. එයාත් පොඩි කාලේ ඉඳන්ම සත්‍යයේ. 1986 මාර්තු 29වෙනිදා එයා බව්තීස්ම වුණා. ඊළඟ මාසෙම එයා සහයක පුරෝගාමි පටන්ගත්තා. එයා ඒ සේවේට කොච්චර ආස වුණාද කියනවා නම් මාස කීපයක් ගියාට පස්සේ ඒ කියන්නේ 1986 ඔක්තෝබර් 1වෙනිදා ස්ථාවර පුරෝගාමි කරන්න පටන්ගත්තා.

යෞවන කාලේදී සහෝදර වින්ඩ නිතරම වගේ බෙතෙල් එකට ආවා ගියා. මොකද එයාගේ අයියලා දෙන්නා සේවේ කළේ බෙතෙල් එකේ. ඉතින් ඔය දවස්වල එයා හිතුවා ‘මාත් ලොකු වුණාම බෙතෙල් එකට යනවා’ කියලා. 1990 මැයිවල සහෝදර වින්ඩට වෝල්කිල් බෙතෙල් එකේ සේවය කරන්න ආරාධනාවක් ලැබුණා.

සහෝදර වින්ඩ බෙතෙල් එකේදී පිරිසිදු කිරීමේ අංශයේ, බෙතෙල් ගොවිපොළේ සහ බෙතෙල් කාර්යාලය ඇතුළු විවිධ අංශවල සේවය කළා. 1997දී එයා සහෝදරි ඇන්ජලා එක්ක විවාහ වෙලා එදා ඉඳන් මේ වෙන කල් බෙතෙල් එකේ සේවය කරනවා. 2014දී එයාලට වෝර්වික්වල සේවය කරන්න අවස්ථාව ලැබුණා. එහෙදී සහෝදර වින්ඩ ලෝක මූලස්ථානයේ ඉදි කිරීම් අංශයේ වැඩ කළා. 2016දී එයාලා පැටර්සන්වල වොච්ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයේ සේවය කරන්න ගියා. සහෝදර වින්ඩ එහෙදී තමයි ඕඩියෝ වීඩියෝ අංශයේ වැඩ කළේ. ඊට අවුරුදු හතරකට පස්සේ එයාලා ආයෙත් වෝර්වික්වලට ආවා. එහෙදී එයා වැඩ කළේ බෙතෙල් කමිටු කාර්යාලයේ. 2022 මාර්තුවල එයාට පාලක මණ්ඩලය යටතේ තියෙන බෙතෙල් කමිටුවට උපකාර කරන්නෙක් විදිහට සේවය කරන්න අවස්ථාව ලැබුණා.

දේවරාජ්‍යයේ වැඩ වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා සේවය කරන මේ පුරුෂයන් යෙහෝවාගෙන් අපිට ලැබුණ “තෑගි.” එයාලට ඔහුගේ ආශීර්වාදය ලැබෙන්න කියලා අපි මුළු හදවතින්ම යාච්ඤා කරනවා.—එෆී. 4:8.

දැන් පාලක මණ්ඩලයේ සහෝදරයන් නවදෙනෙක් සේවය කරනවා: කෙනත් කුක්, ගේජ් ෆ්ලීගල්, සැමුවෙල් හර්ඩ්, ජෙෆ්රි ජැක්සන්, ස්ටීවන් ලෙට්, ගෙරිට් ලෝෂ්, මාක් සැන්ඩසන්, ඩේවිඩ් ස්ප්ලේන් සහ ජෙෆ්රි වින්ඩ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න