ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ජූනි 32 පි.
  • ඔයාට විශ්වාසයක් තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාට විශ්වාසයක් තියෙනවාද?
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය - නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබට සැබවින්ම ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තිබේද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ජූනි 32 පි.

බයිබලෙන් අදහසක්!

ඔයාට විශ්වාසයක් තියෙනවාද?

යෙහෝවාව සතුටු කරන්න නම් විශ්වාසය තියෙන්නම ඕනේ. හැබැයි බයිබලේ කියනවා “සියලුදෙනා තුළ විශ්වාසය නැත” කියලා. (2 තෙස. 3:2) පාවුල් එතන කතා කළේ එයාට විරුද්ධවාදිකම් ගෙනාපු “හිංසාකාරී දුෂ්ට” මිනිස්සු ගැන. හැබැයි එයා කියපු දේ තවත් අයට අදාළයි. සමහර මිනිස්සු හැම දෙයක්ම හදපු දෙවි කෙනෙක් ඉන්නවා කියන්න පැහැදිලි සාක්ෂි දැකදැකත් ඒක විශ්වාස කරන්නේ නැහැ. (රෝම 1:20) තවත් අය අපිට වඩා බලවත් කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා. හැබැයි නිකම්ම ඒක පිළිගන්න එකෙන් එයාලට දෙවියන් ගැන විශ්වාසය තියනවා කියන්න බැහැ.

යෙහෝවා ඉන්නවා කියලත් ඔහුගේ මඟ පෙන්වීම් පතන අයට ඔහු ආශීර්වාද කරනවා කියලත් අපි 100%ක් විශ්වාස කරන්න ඕනේ. (හෙබ්‍රෙ. 11:6) විශ්වාසය කියන්නේ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. ඒ නිසා අපි යාච්ඤා කරලා දෙවියන්ගෙන් බලය ඉල්ලන්න ඕනේ. (ලූක් 11:9, 10, 13) යෙහෝවාගේ බලය ලබාගන්න පුළුවන් තව විදිහක් තමයි බයිබලේ අධ්‍යයනය කරන එක. හැබැයි අධ්‍යයනය කරලා විතරක් මදි, අපි ඒ තොරතුරු ගැන ගැඹුරින් හිතලා ඒවා ජීවිතේට අදාළ කරගන්නත් ඕනේ. එහෙම කරද්දී අපිට විශ්වාසයක් තියෙනවා කියලා පැහැදිලි වෙන විදිහට ජීවත් වෙන්න අපිට උදව් කරන්න අපි යෙහෝවාගේ බලයට ඉඩ දෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න