ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 දෙසැම්බර් 30 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • “මහජන සේවය සඳහා වූ” දේවදූතයන්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයන් කියන්නේ කාටද?
    බයිබලයෙන් උත්තර
  • ඔබට උපකාර කරන්න දේවදූතයන්ට හැකි අන්දම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයෝ සහ අපි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 දෙසැම්බර් 30 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

1 තිමෝති 5:21 කියන “තෝරගෙන තියෙන දේවදූතයන්” කවුද?

පාවුල් තවත් වැඩිමහල්ලෙක් වුණ තිමෝතිට මෙහෙම කිව්වා. “කාගෙවත් පැත්තක් ගන්නේ නැතුව, තමන්ගෙම මතේ එල්ලීගෙන ඉන්නේ නැතුව ඔයාට දුන්න මඟ පෙන්වීම් ඒ විදිහටම පිළිපදින්න. දෙවියන්, ක්‍රිස්තුස් යේසුස් සහ දෙවියන් තෝරගෙන තියෙන දේවදූතයන් ඉස්සරහා ඒ දේ කරන්න කියලා මං ඔයාට අණ කරනවා.”—1 තිමෝ. 5:21.

ඒ දේවදූතයන්ට ඇතුළත් වෙන්නේ නැත්තේ කවුද? එයාලට 1,44,000දෙනා ඇතුළත් වෙන්න බැහැ. මොකද පාවුල් මේ දේ තිමෝතිට ලියද්දී අභිෂේක ලත් අයව නැවත නැඟිට්ටවන්න පටන් අරන් තිබ්බේ නැහැ. ඒ නිසා “තෝරගෙන තියෙන දේවදූතයන්ට” ඒ අය අයිති වෙන්න බැහැ.—1 කොරි. 15:50-54; 1 තෙස. 4:13-17; 1 යොහ. 3:2.

එයාලා ජලගැල්ම කාලේදී දෙවියන්ට අකීකරු වුණ දේවදූතයන් වෙන්නත් බැහැ. මොකද ඒ දේවදූතයන් සාතන්ගේ පැත්ත ගත්ත නිසා භූතයන් වුණා. එයාලා යේසුස්ගේ හතුරෝ. (උත්. 6:2; ලූක් 8:30, 31; 2 පේතෘ. 2:4) අනාගතේදී එයාලව අගාධයේ අවුරුදු 1,000කට බැඳලා තියනවා. ඊටපස්සේ යක්ෂයා එක්කම එයාලව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.—යූද් 6; එළි. 20:1-3, 10.

පාවුල් කතා කරන “තෝරගෙන තියෙන දේවදූතයන්” අනිවාර්යයෙන්ම ‘දෙවියන්ටයි, යේසුස්ටයි’ විශ්වාසවන්තව ඉන්න අය වෙන්න ඕනේ.

දසදහස් ගණන් විශ්වාසවන්ත දේවදූතයන් ඉන්නවා. (හෙබ්‍රෙ. 12:22, 23) ඒ හැමෝටම තියෙන්නේ එකම පැවරුම කියලා හිතන්න බැහැ. (එළි. 14:17, 18) මතකද, ඇසිරියානු හමුදාවේ 1,85,000දෙනෙක්ව මරලා දාන්න යෙහෝවා භාර දුන්නේ එක දේවදූතයෙක්ට. (2 රාජා. 19:35) ‘අනිත් අයව වරදට පොලඹවන හැමෝවමත් දිගටම දෙවියන්ගේ නීති කඩන අයවත් යේසුස්ගේ රාජ්‍යයෙන් එළියට දාන’ පැවරුම යෙහෝවා දේවදූතයන් පිරිසකට භාර දීලා ඇති. (මතෙ. 13:39-41) තවත් දේවදූතයන්ට ‘තෝරගත්ත අයව ස්වර්ගයට රැස් කරන’ පැවරුම දීලා ඇති. (මතෙ. 24:31) ‘අපි තියන හැම පියවරකදීම අපිව ආරක්ෂා කරන්න’ පත් කරපු දේවදූතයොත් ඉන්නවා.—ගීතා. 91:11; මතෙ. 18:10; 4:11; ලූක් 22:43.

දේවදූතයෙක් සේවේදී යුවළකට ගෙදරකට යන්න මඟ පෙන්නනවා. ගේ ඇතුළේ ඉන්න කෙනෙක් යාච්ඤා කරනවා.

පේන විදිහට 1 තිමෝති 5:21 කතා කරන “තෝරගෙන තියෙන දේවදූතයන්” සභාවේ වැඩ බලන්න පත් කරපු අය වෙන්න ඇති. මොකද ඒ පරිච්ඡේදයේ පාවුල් කියන්නේ වැඩිමහල්ලන් වගකීම් ඉටු කරන්න ඕන විදිහ සහ සභාවේ අය වැඩිමහල්ලන්ට ගෞරවේ පෙන්නන්න ඕන විදිහ ගැනයි. පාවුල් කිව්වා වැඩිමහල්ලන් “කාගෙවත් පැත්තක් ගන්නේ නැතුව, තමන්ගෙම මතේ එල්ලීගෙන ඉන්නේ නැතුව” වගකීම් ඉටු කරන්න ඕනෙ කියලා. එයාලා තීරණ ගද්දී හැම පැත්තක් ගැනම හොඳට හිතන්නත් ඕනේ. ඒ මඟ පෙන්වීම් හිතට ගන්න එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන්න පාවුල් කිව්වා වැඩිමහල්ලන් වගකීම් ඉටු කරන්නේ ‘දෙවියන්, යේසුස් සහ දෙවියන් තෝරගෙන තියෙන දේවදූතයන් ඉස්සරහා’ කියලා. ඒ කියන්නේ එයාලා කරන හැම දේම දෙවියන්, යේසුස් සහ තෝරගෙන තියෙන දේවදූතයන් බලාගෙන ඉන්නවා. ඒකෙන් පැහැදිලියි සමහර දේවදූතයන්ව යෙහෝවා සභාවේ දේවල් බලාගන්න පත් කරලා තියෙනවා කියලා. ඒවාට සභාව ආරක්ෂා කරන එක, දේශනා සේවේ වැඩ අධීක්ෂණය කරන එක සහ සභාවේ එයාලා දකින දේවල් යෙහෝවාට ගිහින් කියන එක ඇතුළත්.—මතෙ. 18:10; එළි. 14:6

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න