ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 පෙබරවාරි 8-13 පි.
  • යෙහෝවා දෙන සමාව වටින්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙන සමාව වටින්නේ ඇයි?
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා අපේ පව් අයින් කරලා දානවා
  • යෙහෝවා අපේ පව් මකලා දානවා
  • යෙහෝවා ආයෙත් අපිව හොඳ යාළුවන් විදිහට භාරගන්නවා
  • අපේ ජීවිතේට බලපාන්නේ කොහොමද?
  • යෙහෝවා සමාව දෙනවා කියලා විශ්වාස කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “සමාව දීමට සූදානම්” දෙවි කෙනෙක්
    යෙහෝවාට ළං වන්න
  • යෙහෝවා “කමාවෙන්ට සූදානම්” දෙවිකෙනෙක්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාව දුන්නාට පස්සේ යෙහෝවා දෙවි ඒ වරද අමතක කරනවාද?
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 පෙබරවාරි 8-13 පි.

පාඩම් ලිපිය 7

ගීතිකාව 15 දෙවිගේ කුලුඳුල් පුත්‍රයාට ප්‍රශංසාව දෙන්න!

යෙහෝවා දෙන සමාව වටින්නේ ඇයි?

“ඇත්තටම සමාව දෙන්නේ ඔබයි.”—ගීතා. 130:4.

ලිපියේ අරමුණ

යෙහෝවා සමාව දෙන විදිහේ තියෙන විශේෂත්වය විස්තර කරන්න බයිබලේ විවිධ උදාහරණ පාවිච්චි කරලා තියෙනවා. ඒවා ගැන බලන එකෙන් ඔහු සමාව දෙන විදිහ ගැන අපේ හිතේ තියෙන අගය වැඩි කරගන්න පුළුවන්.

1. කෙනෙක් සමාව දුන්නා කියලා කිව්වාම ඒකෙන් එයා අදහස් කරන දේ තේරුම්ගන්න අමාරු ඇයි?

හිතන්න, ඔයා කෙනෙක්ගේ හිත රිදෙන දෙයක් කිව්වා එහෙම නැත්නම් කළා කියලා. ඒත් ඒ කෙනා ඔයාට කියනවා “මං ඔයාට සමාව දෙනවා” කියලා. ඒ වචන ඇහෙද්දීත් ලොකු සැනසීමක් දැනෙනවා නේද? ඒත් සමාව දෙනවා කියලා කියද්දී මොකක්ද ඇත්තටම එයා අදහස් කරන්නේ? ඒ කියන්නේ කලින් වගේ ආයෙත් යාළුවෝ විදිහට ඉන්න පුළුවන් කියන එකද? නැත්නම් “ඒ ප්‍රශ්නේ ගැන තවත් මං කතා කරන්න කැමති නෑ” කියන එකද? මිනිස්සු සමාව දෙනවා කියද්දී ඒකෙන් අදහස් කරන දේ හරියටම තේරුම්ගන්න අමාරුයි.

2. යෙහෝවා සමාව දෙන විදිහ බයිබලේ විස්තර කරලා තියෙන්නේ කොහොමද? (පාදසටහනත් බලන්න.)

2 යෙහෝවා පව්කාරයන් වුණ අපිට සමාව දෙන විදිහ මිනිස්සු අනිත් අයට සමාව දෙන විදිහට වඩා හාත්පසින්ම වෙනස්. යෙහෝවා සමාව දෙන විදිහට සමාව දෙන්න කිසිම කෙනෙක්ට බැහැ. ඒකයි ගීතිකාකරුත් කිව්වේ “ඇත්තටම සමාව දෙන්නේ ඔබයි. මිනිසුන්ට ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ ඒ නිසයි” කියලා.a (ගීතා. 130:4) යෙහෝවා දෙන සමාව තමයි ‘ඇත්තම සමාව.’ සමාව දෙනවා කියන්නේ මොකක්ද කියලා අපිට පෙන්නුවේ ඔහුයි. යෙහෝවා දෙන සමාව ගැන කතා කරද්දී සමහර බයිබල් ලේඛකයන් පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනේ මිනිස්සු සමාව දෙන විදිහ ගැන කතා කරද්දී පාවිච්චි කරලා නැහැ.

3. යෙහෝවා සමාව දෙන විදිහ අපි සමාව දෙන විදිහට වඩා වෙනස් වෙන්නේ කොහොමද? (යෙසායා 55:6, 7)

3 යෙහෝවා කෙනෙක්ට සමාව දුන්නාම ඒ වරද සම්පූර්ණෙන්ම ඔහු අයින් කරලා දානවා. ඊටපස්සේ දෙන්නා අතර තිබුණ බැඳීම ආයේ කලින් වගේම ශක්තිමත්. අපි වැරදි කරද්දී හිතේ කොනකවත් කහටක් තියාගන්නේ නැතුව යෙහෝවා ආයේ ආයේ සමාව දෙනවා.—යෙසායා 55:6, 7 කියවන්න.

4. සමාව දෙනවා කියද්දී ඇත්තටම ඒකෙන් අදහස් කරන දේ තේරුම්ගන්න යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?

4 යෙහෝවා සමාව දෙන විදිහ අපි සමාව දෙන විදිහට වඩා වෙනස් නම් සමාව දෙනවා කියද්දී ඇත්තටම අදහස් කරන දේ අපි තේරුම්ගන්නේ කොහොමද? බයිබලේ තියෙන ලස්සන උදාහරණවලින් ඔහු සමාව දෙන විදිහ තේරුම්ගන්න ඔහු අපිට උදව් කරනවා. මේ ලිපියෙන් අපි ඒ වගේ උදාහරණ කීපයක් ගැන බලනවා. ඒවා බලද්දී යෙහෝවා අපේ පව් අයින් කරන විදිහත් ආයෙත් ඔහුගේ යාළුවන් වෙන්න ඔහු අපිට ඉඩ දෙන විදිහත් දැනගන්න පුළුවන්. එතකොට අපිට තේරෙයි යෙහෝවා කොච්චර කාරුණික, දයාවන්ත කෙනෙක්ද කියලා. ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ, අගයත් තව වැඩි වෙයි.

යෙහෝවා අපේ පව් අයින් කරලා දානවා

5. යෙහෝවා අපේ වැරදිවලට සමාව දෙද්දී වෙන්නේ මොකක්ද?

5 බයිබලේ අපේ පාප ලොකු බරකට සමාන කරලා තියෙනවා. ඒ ගැන දාවිත් රජ මෙහෙම කිව්වා. “මං කරපු වැරදි ගොඩගැහුවොත් ඒවා මගේ හිසටත් ඉහළින් තියෙයි. ඒවා මං පිට පටවලා තියෙන ලොකු බරක් වගේ. මට ඒ බර දරාගන්න බැහැ.” (ගීතා. 38:4) ඒත් කෙනෙක් අවංකවම පසුතැවිලි වෙද්දී යෙහෝවා එයාට සමාව දෙනවා. (ගීතා. 25:18; 32:5) “සමාව දෙනවා” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනේ අදහස “උස්සනවා, උස්සලා අයින් කරනවා” කියන එකයි. කර උඩ තියාගෙන යන බරක් ශක්තිමත් මනුස්සයෙක් ඇවිල්ලා අයින් කරනවා වගේ යෙහෝවාත් ලොකු බරක් වගේ අපි උස්සන් යන පාප අපෙන් අයින් කරනවා.

අතක් ඇවිත් සහෝදරයෙක්ගේ කරේ තියෙන ලොකු මල්ලක් උස්සලා අයින් කරනවා.

“සමාව දුන්නා” (ගීතා. 32:5)


6. යෙහෝවා අපේ පව් අපෙන් කොච්චර දුරකට ඈත් කරනවාද?

6 අපි කරන වැරදි අපෙන් කොච්චර ඈතකට යෙහෝවා ගෙනියනවාද කියලා පෙන්නන්න බයිබලේ තව උදාහරණයක් පාවිච්චි කරලා තියෙනවා. ගීතාවලිය 103:12 කියනවා “බස්නාහිර නැඟෙනහිරෙන් හුඟක් දුරස්ව තියෙනවා වගේ ඔහු අපේ වැරදි අපෙන් ඈත් කරනවා” කියලා. බස්නාහිර ඉන්න කෙනෙක්ට ඈතින්ම තියෙන තැන තමයි නැඟෙනහිර. කවදාවත් ඒ දෙක එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ යෙහෝවා අපේ වැරදි අපෙන් හිතාගන්න බැරි තරම් දුරකට ගෙනියනවා. ඇත්තටම ඔහු සමාව දෙන විදිහ කොයි තරම් ශ්‍රේෂ්ඨද!

හිරු බැස යනවා.

“බස්නාහිර නැඟෙනහිරෙන් හුඟක් දුරස්ව තියෙනවා වගේ” (ගීතා. 103:12)


7. අපේ පව්වලට යෙහෝවා කරන දේ විස්තර කරලා තියෙන්නේ කොහොමද? (මීකා 7:18, 19)

7 යෙහෝවා අපේ වැරදි අපෙන් ඈත් කරලා ඒවා ඔහු ළඟ තියාගෙන ඉන්නවාද? නැහැ. හෙසකියා රජ මෙහෙම ලිව්වා. “ඔබ මගේ හැම වරදක්ම ඔබ පිටුපසට වීසි කළා.” (යෙසා. 38:9, 17) ඔහු ආයේ ඒවා දිහා හැරිලාවත් බලන්නේ නැහැ. ඒ පදේ “ඔබ මාගේ වැරදි සලකන්නේ කවදාවත් මගේ අතින් නොවුණු ඒවා හැටියටයි” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම අදහසක් දෙන උදාහරණයක් මීකා 7:18, 19 තියෙනවා. (කියවන්න.) එතන කියනවා යෙහෝවා අපේ වැරදි මුහුදු පතුලටම වීසි කරනවා කියලා. ඉස්සර කාලේ මුහුදු පතුලට දෙයක් වැටුණාම ඒක ආයේ ගන්නවා බොරු!

පින්තූරවල අදහස: 1. ලොකු මල්ලක් යෙහෝවාගේ සිංහාසනයෙන් පිටිපස්සට වීසි කරනවා. 2. ලොකු මල්ලක් මුහුදු පතුලට ගිලෙනවා.

“ඔබ මගේ හැම වරදක්ම ඔබ පිටුපසට වීසි කළා” (යෙසා. 38:17)

“ඔබ අපේ හැම වරදක්ම මුහුදු පත්ලටම වීසි කරනවා” (මීකා 7:19)


8. මේ වෙන කල් අපි ඉගෙනගත්තේ මොනවාද?

8 ඒ උදාහරණවලින් පැහැදිලියි යෙහෝවා සමාව දුන්නාම අපේ වැරදි ඔහු අපෙන් සම්පූර්ණෙන්ම අයින් කරනවා කියලා. ඒ නිසා ඒ වැරදි ඔළුවේ තියාගෙන අපි තවත් වධ වෙවී ඉන්න ඕනෙ නැහැ. ඒකයි දාවිත් මෙහෙම කිව්වේ. “තමන් කරපු වැරදිවලට සමාව ලැබුණ අය සන්තෝෂවත්. වැරදි මකලා දාලා තියෙන නිසා එයාලා ඉන්නේ සතුටින්. කෙනෙක් කරපු වැරදි යෙහෝවා අමතක කරලා දැම්මාම ඒ කෙනාට දැනෙන්නේ සතුටක්.” (රෝම 4:7, 8) අන්න ඒක තමයි සමාව දෙන හරිම විදිහ.

යෙහෝවා අපේ පව් මකලා දානවා

9. යෙහෝවා සම්පූර්ණෙන්ම සමාව දෙනවා කියන දේ තේරුම්ගන්න බයිබලේ අපිට උදව් කරන්නේ කොහොමද?

9 ජීවිත පූජාව නිසා අවංකවම පසුතැවිලි වෙන අයට සමාව දෙන්න යෙහෝවාට පුළුවන්. බලන්න බයිබලේ ඒ ගැන විස්තර කරලා තියෙන විදිහ. ඒකේ කියනවා ඔහු අපේ පව් හෝදලා අයින් කරනවා කියලා. ඒ කියන්නේ පව්කාරයන් වන අපිව ඔහු පවිත්‍ර කරනවා. (ගීතා. 51:7; යෙසා. 4:4; යෙරෙ. 33:8) ඒත් ඒ කොච්චර දුරටද? බයිබලේ මෙහෙම කියනවා. “ඔබ කරපු වැරදි රතට රතේ තිබුණත් ඒවා හිම වගේ සුදු වෙයි. ඒ වැරදි තද රතු පාට රෙද්දක් වගේ තිබුණත් ඒවා සුදු ලොම් වගේ වෙයි.” (යෙසා. 1:18) ඇඳුමක තද රතු පාට පැල්ලමක් වැදුණාම ඒක යවන්න ලේසි නැහැ. අපේ පාප ඒ විදිහට තදට වැදිලා තිබුණත් ඒකේ කහටක්වත් ඉතුරු නොවෙන්න හෝදලා අයින් කරන්න යෙහෝවාට පුළුවන්. ඒ උදාහරණෙන් ඒක පැහැදිලියි.

සහෝදරියක් රතු පාට ලොකු පැල්ලමක් තියෙන ටීෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. පස්සේ එයා ඒ ටීෂර්ට් එකම ඇඳගෙන හිටියත් ඒකේ පැල්ලමක් තිබුණාද කියලවත් පේන්නේ නැහැ.

“ඔබ කරපු වැරදි රතට රතේ තිබුණත් ඒවා හිම වගේ සුදු වෙයි” (යෙසා. 1:18)


10. යෙහෝවා ලෝභ නැතුව සමාව දෙනවා කියලා කියන්න පාවිච්චි කරලා තියෙන උදාහරණේ මොකක්ද?

10 කලින් ලිපියේ කිව්වා වගේ අපේ පව් හරියට ණයක් වගේ. (මතෙ. 6:12; ලූක් 11:4) අපි යෙහෝවාට විරුද්ධව පව් කරන වාරයක් ගාණේ ඒ ණය ගොඩගැහෙනවා. එහෙම බලද්දී අපි ඔහුට බර ගාණක් ණයයි. ඒත් ඔහු අපිට සමාව දෙද්දී ඒ ගොඩගැහිලා තියෙන හැම ණයක්ම ඔහු කපලා දානවා. ඒක කපලා දැම්මාට පස්සේ ආයේ ඒක ගෙවන්න කියලා ඔහු අපෙන් ඉල්ලන්නේ නැහැ. ලොකු ණයකින් නිදහස් වෙද්දී කෙනෙක්ට දැනෙනවා වගේම සහනයක් යෙහෝවා සමාව දෙද්දීත් අපිට දැනෙනවා.

සහෝදරයෙක් එයාගේ හිතේ තියෙන දේවල් කියද්දී අත් දෙකකින් කොළයක් ඉරන විදිහ පෙන්නනවා.

“අපේ ණයවලට සමාව දෙන්න” (මතෙ. 6:​12, පාදසටහන)


11. අපේ පව් ‘මකලා දානවා’ කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? (ක්‍රියා 3:19)

11 යෙහෝවා අපේ ණය නිකම්ම කපලා දානවා විතරක් නෙවෙයි ඒවා මකලාම දානවා. (ක්‍රියා 3:19 සහ පාදසටහන කියවන්න.) ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. කෙනෙක්ගේ ණයක් කපනවා කියන්නේ හරියට ඒක උඩ ලොකු කතිරයක් ගහනවා වගේ. හැබැයි ඒ ගහපු කතිරෙට යටින් ණය වෙච්ච ගාණ පේනවා. ණය මකලා දානවා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ කාලේ තිබුණ තීන්තවලින් දෙයක් ලිව්වාම තෙත ස්පොන්ජ් කෑල්ලකින් ඒක ලේසියෙන්ම මකන්න පුළුවන්. ඒ කියන්නේ ණයක් ‘මකලා දැම්මාට’ පස්සේ එතන මොනවාද ලියලා තිබ්බේ කියලවත් පේන්නේ නැහැ. හරියට ණයක් තිබ්බේ නැහැ වගේ. යෙහෝවා අපේ වැරදිවලට සමාව දුන්නාම ඔහු ඒවා සලකන්නේ කවදාවත් නොවුණ ඒවා හැටියට. ඒ ගැන අපි ඔහුට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!—ගීතා. 51:9.

කොළයක ලියලා තියෙන දෙයක් ස්පොන්ජ් එකකින් මකනවා.

“වැරදි මකලා දාන්න” (ක්‍රියා 3:​19, පාදසටහන)


12. ගන වලාකුළේ උදාහරණෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

12 යෙහෝවා අපේ වැරදිවලට සම්පූර්ණයෙන්ම සමාව දෙන විදිහ පෙන්නන්න තව උදාහරණයක් පාවිච්චි කරලා තියෙනවා. ඔහු මෙහෙම කියනවා. “ඔබේ වැරදි මම මකලා දානවා. ඒවා වලාකුළකින් වහලා දානවා. මම ඔබේ පව් ගන වලාකුළකින් වහලා දානවා.” (යෙසා. 44:22) යෙහෝවා සමාව දෙද්දී අපි කරපු වැරදි අපිටවත් ඔහුටවත් පේන්නේ නැති වෙන්න ගන වලාකුළකින් ඒවා වහනවා.

ගන වලාකුළු

“ඔබේ වැරදි මම මකලා දානවා. ඒවා වලාකුළකින් වහලා දානවා” (යෙසා. 44:22)


13. යෙහෝවා අපේ වැරදිවලට සමාව දෙද්දී අපිට දැනෙන්නේ කොහොමද?

13 මොනවාද අපි මේ උදාහරණවලින් ඉගෙනගත්තේ? යෙහෝවා අපේ වැරදිවලට සමාව දෙද්දී අපි ඒවා ගැන තවත් හිතහිත වධ වෙන්න ඕනෙ නැහැ. යේසුස්ගේ රුධිරය මාර්ගෙන් යෙහෝවා අපේ ණය සම්පූර්ණෙන්ම කපලා දානවා. එහෙම ණයක් තිබ්බාද කියලවත් සඳහනක් නැති වෙන්න ඔහු ඒවා මකලා දානවා. අපි අවංකවම පසුතැවිලි වෙද්දී යෙහෝවා සමාව දෙන්නේ අන්න ඒ විදිහටයි.

යෙහෝවා ආයෙත් අපිව හොඳ යාළුවන් විදිහට භාරගන්නවා

සහෝදරියක් එළිමහනක නිදහසේ කල්පනා කරනවා.

යෙහෝවා දෙන සමාව නිසා අපිට ඔහුත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන් (14 ඡේදය බලන්න)


14. යෙහෝවා අපිට සම්පූර්ණෙන්ම සමාව දෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි? (පින්තූර බලන්න.)

14 යෙහෝවා අපිට සමාව දුන්නාට පස්සේ ඔහු අපිව ආයෙත් ඔහුගේ හොඳ යාළුවන් විදිහට භාරගන්නවා. ඒ නිසා අපිට අපි ගැනම හොඳ හැඟීමක් ඇති කරගන්න පුළුවන්. යෙහෝවා මූණිච්චාවට සමාව දෙන්නේ නැහැ. ඔහු ඒක හිතේ තියාගෙන ඉඳලා අවස්ථාවක් හම්බ වුණාම දඬුවම් කරයි කියලා අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද යෙහෝවා ඒ වගේ කෙනෙක් නෙවෙයි. ඔහු අපිට සමාව දුන්නා කියලා කිව්වාම අපිට ඒ ගැන විශ්වාස කරන්න පුළුවන් ඇයි? යෙහෝවා යෙරෙමියා මාර්ගයෙන් මෙහෙම කිව්වා. “මම ඔවුන් කරපු වැරදිවලට සමාව දෙනවා. ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ.” (යෙරෙ. 31:34) පාවුලුත් ඒ දේම කිව්වා. (හෙබ්‍රෙ. 8:12) ඇත්තටම මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ?

සහෝදරයෙක් ස්වර්ගය දිහා බලාගෙන ඉන්නවා.

“ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ” (යෙරෙ. 31:34)


15. යෙහෝවා අපේ වැරදි සිහි කරන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

15 බයිබලේ “සිහි කරනවා, මතක් කරනවා” කියලා කියද්දී ඒකෙන් හැම තිස්සේම අදහස් කරන්නේ වෙච්ච දෙයක් ගැන හිතනවා කියන එක නෙවෙයි. යම් පියවරක් ගන්නවා කියන එකත් ඒකට ඇතුළත්. ඒක තේරුම්ගන්න මේ සිද්ධිය බලන්න. වධකණුවේ ඉද්දී යේසුස්ට එහා පැත්තේ හිටපු අපරාධකාරයා ඔහුට මෙහෙම කිව්වා. “යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වෙද්දී මාව අමතක කරන්න එපා.” (ලූක් 23:42, 43) එයා යේසුස්ගෙන් ඉල්ලුවේ නිකම්ම ඒ කාලේදී එයාව මතක් කරන්න කියලද? නැහැ. මොකද යේසුස් දීපු උත්තරෙන් තේරෙනවා යේසුස් එයා වෙනුවෙන් දෙයක් කරනවා, එයාව නැවත නැඟිට්ටවනවා කියලා. එතකොට යෙහෝවා අපේ වැරදි කවදාවත් සිහි කරන්නේ නැහැ කියද්දී ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔහු ඒ වෙනුවෙන් කිසිම පියවරක් ගන්නේ නැහැ කියන එකයි. දැනටමත් සමාව දීලා තියෙන වැරදිවලට ඔහු අනාගතේ දවසක අපිට දඬුවම් කරන්නේ නැහැ.

16. සමාව ලැබුණාම ලැබෙන නිදහස ගැන බයිබලේ විස්තර කරලා තියෙන්නේ කොහොමද?

16 යෙහෝවා සමාව දුන්නාට පස්සේ ලැබෙන නිදහස ගැන විස්තර කරන්න බයිබලේ තව උදාහරණයක් පාවිච්චි කරලා තියෙනවා. අපිට උරුම වෙලා තියෙන පාපය නිසා අපි ඉන්නේ “පව්කාරකමට දාසයන් වෙලා.” ඒත් යෙහෝවා අපිට සමාව දීලා තියෙන නිසා ‘පව්කාරකමෙන් නිදහස් වෙන්න’ අපිට පුළුවන් වෙලා තියෙනවා. (රෝම 6:17, 18; එළි. 1:5) ඒ නිසා යෙහෝවාගෙන් සමාව ලැබුණාම නිදහස් වෙන වහලෙක්ට දැනෙන සතුටට සමාන සතුටක් අපිටත් දැනෙනවා.

අතකින් මාංචු කැඩිලා යනවා.

“පව්කාරකමෙන් නිදහස් කරනවා” (රෝම 6:18)


17. සමාව ලැබුණාම අපි සුව වෙන්නේ කොහොමද? (යෙසායා 53:5)

17 යෙසායා 53:5 කියවන්න. බයිබලේ කියනවා අපි පව්කාරයන් නිසා අපි හරියට මාරාන්තික රෝගයක් වැලඳුණ අය වගේ කියලා. ඒත් යෙහෝවා යේසුස්ගේ ජීවිත පූජාව දීලා අපිව සුව කරලා තියෙනවා. (1 පේතෘ. 2:24) අපි වැරදි කරද්දී යෙහෝවාත් එක්ක අපිට තියෙන බැඳීම කැඩෙනවා. ඒත් ජීවිත පූජාව නිසා යෙහෝවාට පුළුවන් අපිට සමාව දීලා කැඩුණ බැඳීම කලින් තිබුණා වගේ ශක්තිමත් කරගන්න උදව් කරන්න. බරපතළ අසනීපයක් තිබුණ කෙනෙක් සනීප වුණාම එයාගේ හිතට ලොකු සහනයක්, සුවයක් දැනෙනවා. යෙහෝවා අපිට සමාව දුන්නාම ඔහුත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන්. ඔහු අපි ගැන සතුටු වෙනවා කියලත් අපි දන්නවා. ඒ නිසා අපේ හිතටත් ලොකු සුවයක් දැනෙනවා.

පින්තූරවල අදහස: යේසුස්ගේ ජීවිත පූජාව නිසා යෙහෝවාත් එක්ක තිබුණ බැඳීම ආයෙත් ඇති කරගන්න පුළුවන් වුණා. 1. වධකණුවේ ඉන්න යේසුස්. 2. සහෝදරයෙක් පාක් එකක ඉඳන් නිදහසේ යාච්ඤා කරනවා.

“ඔහුගේ තුවාල නිසා අපිට සුවය ලැබුණා” (යෙසා. 53:5)


අපේ ජීවිතේට බලපාන්නේ කොහොමද?

18. යෙහෝවා සමාව දෙන විදිහ විස්තර කරලා තියෙන උදාහරණවලින් අපි ඉගෙනගත්තේ මොනවාද? (“යෙහෝවා සමාව දෙන විදිහ” කියන කොටුවත් බලන්න.)

18 යෙහෝවා සමාව දෙන විදිහ විස්තර කරන්න පාවිච්චි කරලා තියෙන උදාහරණවලින් අපි ඉගෙනගන්නේ මොනවාද? යෙහෝවා අපිට සමාව දෙද්දී ඔහු සම්පූර්ණෙන්ම ඒක කරනවා. අපේ වැරදි මතක් කරකර ඉස්සරහට අපිට දඬුවම් කරන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් අපේ තාත්තා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න. ඒ වගේම අපි මතක තියාගන්න ඕනෙ යෙහෝවා දෙන සමාව අපිට ලැබෙන තෑග්ගක් කියලා. පව්කාර අපිට ඒක ලැබෙන්නේ යෙහෝවාගේ ආදරේ, මහත් කරුණාව නිසයි. එහෙම නැතුව ඒක ලබන්න අපිට අයිතියක් තියෙන නිසා නෙවෙයි.—රෝම 3:24.

ලිපියේ සඳහන් වෙලා තියෙන උදාහරණවල පින්තූර. පින්තූරවල අදහස: ඔහු පව් අයින් කරනවා. 1. “සමාව දුන්නා”: අතක් ඇවිත් සහෝදරයෙක්ගේ කරේ තියෙන ලොකු මල්ලක් උස්සලා අයින් කරනවා. 2. “බස්නාහිර නැඟෙනහිරෙන් හුඟක් දුරස්ව තියෙනවා වගේ”: හිරු බැස යනවා. 3. “ඔබ මගේ හැම වරදක්ම ඔබ පිටුපසට වීසි කළා”: ලොකු මල්ලක් යෙහෝවාගේ සිංහාසනයෙන් පිටිපස්සට වීසි කරනවා. 4. “ඔබ අපේ හැම වරදක්ම මුහුදු පත්ලටම වීසි කරනවා”: ලොකු මල්ලක් මුහුදු පතුලට ගිලෙනවා. පින්තූරවල අදහස: ඔහු පව් මකලා දානවා. 1. “ඔබ කරපු වැරදි රතට රතේ තිබුණත් ඒවා හිම වගේ සුදු වෙයි”: සහෝදරියක් රතු පාට ලොකු පැල්ලමක් තියෙන ටීෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා. පස්සේ එයා ඒ ටීෂර්ට් එකම ඇඳගෙන හිටියත් ඒකේ පැල්ලමක් තිබුණාද කියලවත් පේන්නේ නැහැ. 2. “අපේ ණයවලට සමාව දෙන්න”: සහෝදරයෙක් එයාගේ හිතේ තියෙන දේවල් කියද්දී අත් දෙකකින් කොළයක් ඉරන විදිහ පෙන්නනවා. 3. “වැරදි මකලා දාන්න”: කොළයක ලියලා තියෙන දෙයක් ස්පොන්ජ් එකකින් මකනවා. 4. “ඔබේ වැරදි මම මකලා දානවා. ඒවා වලාකුළකින් වහලා දානවා”: ගන වලාකුළු. පින්තූරවල අදහස: බිඳුණු බැඳීම ඔහු ආයෙත් ශක්තිමත් කරනවා 1. “ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ”: සහෝදරයෙක් ස්වර්ගය දිහා බලාගෙන ඉන්නවා. 2. “පව්කාරකමෙන් නිදහස් කරනවා”: අතකින් මාංචු කැඩිලා යනවා. 3. “ඔහුගේ තුවාල නිසා අපිට සුවය ලැබුණා”: වධකණුවේ ඉන්න යේසුස්. අනිත් පින්තූරේ සහෝදරයෙක් පාක් එකක ඉඳන් නිදහසේ යාච්ඤා කරනවා.

19. (අ) අපි ස්තුතිවන්ත වෙන්න ඕනෙ මොකටද? (රෝම 4:8) (ආ) අපි මොනවා ගැනද ඊළඟ ලිපියෙන් බලන්නේ?

19 රෝම 4:8 කියවන්න. යෙහෝවා අපිට “ඇත්තටම සමාව දෙන” එක කොච්චර දෙයක්ද! (ගීතා. 130:4) කොහොමවුණත් යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් අපේ පැත්තෙනුත් වැදගත් දෙයක් වෙන්න ඕනේ. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “ඔයාලා අනිත් අයගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔයාලාගේ පියාණන් ඔයාලාගේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.” (මතෙ. 6:14, 15) ඒ කියන්නේ යෙහෝවා සමාව දෙන විදිහ අපිත් ආදර්ශෙට ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ සතියේ බලමු.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යෙහෝවා අපේ පව් අයින් කරන විදිහ බයිබලේ විස්තර කරලා තියෙන්නේ කොහොමද?

  • යෙහෝවා අපේ පව් මකලා දානවා කියලා අපි දන්නේ කොහොමද?

  • යෙහෝවා සමාව දෙන විදිහ ගැන ඔයාට දැනෙන්නේ කොහොමද?

ගීතිකාව 46 යෙහෝවා දෙවිට ස්තුති වෙමු

a මුල් හෙබ්‍රෙව් ලියවිලිවල මේ පදේ තියෙන වචනවලින් පැහැදිලි වෙනවා සැබැවින්ම නැත්නම් සම්පූර්ණෙන්ම සමාව දෙන්න පුළුවන් යෙහෝවාට විතරයි කියලා. හැබැයි ගොඩක් බයිබල් පරිවර්තනවල ඒ අදහස නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න