ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 ඔක්තෝබර් 30-31 පි.
  • පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයන් දෙන්නෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයන් දෙන්නෙක්
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයන් දෙන්නෙක්!
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය කියන්නේ මොකක්ද?
    නිතර අසන ප්‍රශ්න
  • පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයෙක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 ඔක්තෝබර් 30-31 පි.

පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයන් දෙන්නෙක්

2024 ඔක්තෝබර් 5වෙනිදා තිබුණ වාර්ෂික රැස්වීමේදී විශේෂ නිවේදනයක් කළා. ඒ, සහෝදර ජෝඩි ජේඩ්ලි සහ ජේකබ් රම්ෆ් පාලක මණ්ඩලයේ සාමාජිකයන් විදිහට පත් කළා කියන නිවේදනය. ඒ දෙන්නාම යෙහෝවාට කාලයක් තිස්සේ විශ්වාසවන්තව සේවේ කරන සහෝදරයන් දෙන්නෙක්.

ජෝඩි ජේඩ්ලි සහ එයාගේ බිරිඳ ඩමාරිස්

සහෝදර ජේඩ්ලි ඉපදුණේ ඇමරිකා එක්සත් ජනපදයේ මිසූරිවල. එයාගේ දෙමාපියන් සාක්ෂිකරුවන්. එයාලා පදිංචි වෙලා හිටියේ ප්‍රචාරකයන් අඩු පැත්තක. ඒ නිසා එක එක පැතිවලින් සේවේ කරන්න සහෝදරයන් හුඟදෙනෙක් ඒ පැත්තට ආවා. එයාලා අතරේ තිබුණ ආදරේ, එක්සත්කම සහෝදර ජේඩ්ලිගේ හිතට දැනුණා. එයා යෞවන වයසේදීම, ඒ කියන්නේ 1983 ඔක්තෝබර් 15වෙනිදා බව්තීස්ම වුණා. එයා සේවේ යන්නත් හරිම ආසයි. ඉතින් ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන්ම, 1989 සැප්තැම්බර් මාසේ ඉඳන් එයා ස්ථාවර පුරෝගාමි කරන්න පටන්ගත්තා.

පොඩි කාලේදී සහෝදර ජේඩ්ලිගේ අම්මලා එයාවයි, එයාගේ නංගිවයි නිතරම වගේ බෙතෙල් එක බලන්න එක්කන් යනවා. ඒක එයාලට උදව් වුණා බෙතෙල් සේවේ ගැන ආසාවක් ඇති කරගන්න. පස්සේ ඒ දෙන්නාම ඒ ඉලක්කයට ගියා. සහෝදර ජේඩ්ලි 1990 සැප්තැම්බර්වල වෝල්කිල් බෙතෙල් එකේ සේවේ පටන්ගත්තා. එයා මුලින්ම වැඩ කළේ පිරිසිදු කිරීමේ අංශයේ. පස්සේ වෛද්‍ය කාරණා සම්බන්ධයෙන් පැවරුමක් එයාට ලැබුණා.

ඔය කාලේදී ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවල ලොකු වර්ධනයක් තිබුණා. ඉතින් ඒ සභාවල සේවේ කරන්න සහෝදරයනුත් ඕන වුණා. ඒ නිසා සහෝදර ජේඩ්ලි ඒ එක සභාවක සේවේ කරන අතරේ ස්පාඤ්ඤ භාෂාවත් ඉගෙනගන්න පටන්ගත්තා. ටික කාලයක් යද්දී ඒ චාරිකාවෙම පුරෝගාමි සේවේ කරපු සහෝදරි ඩමාරිස්ව එයාට හම්බ වුණා. ඒ දෙන්නා බැන්දාට පස්සේ එයාත් බෙතෙල් සේවේ කරන්න ආවා.

2005දී එයාලා බෙතෙල් සේවේ නවත්තලා එයාලාගේ දෙමාපියන්ව බලාගන්න ගියා. ඔය කාලේදී දෙන්නාම ස්ථාවර පුරෝගාමි සේවේ කළා. සහෝදර ජේඩ්ලි පුරෝගාමි පාසැලේ උපදේශකයෙක් විදිහටත් රෝහල් සබඳතා කමිටුවෙත් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ කමිටුවෙත් සේවේ කළා.

2013දී ජේඩ්ලි යුවළ වෝර්වික් බෙතෙල් එකේ ඉදි කිරීම් වැඩවලට හවුල් වුණා. පස්සේ එයාලා පැටර්සන්වලත් වෝල්කිල්වලත් සේවේ කළා. සහෝදර ජේඩ්ලි LDC අංශයෙත් රෝහල් තොරතුරු සැපයුම් අංශයෙත් සේවේ කළා. 2023 මාර්තුවල එයාව සේවා කමිටුවට උපකාර කරන්නෙක් විදිහට පත් කළා. ඒ පැවරුම් ගැන එයා මෙහෙම කියනවා. “අලුත් පැවරුම් ලැබෙද්දී හිතට බයක් දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි අපි යෙහෝවා මතම රැඳිලා ඉන්න ඕනේ. මොකද ඔහු දෙන ඕනම පැවරුමක් කරන්න අපිට ඕන කරන හැකියාව දෙන්නේ ඔහුයි.”

ජේකබ් රම්ෆ් සහ එයාගේ බිරිඳ ඉංගා

සහෝදර රම්ෆ් ඉපදුණේ කැලිෆෝර්නියාවල. එයා පොඩි කාලේදී එයාගේ අම්මා අක්‍රියාශීලී ප්‍රචාරකයෙක්. ඒත් එයා පුතාට බයිබලේ තියෙන සත්‍යයන් ඉගැන්නුවා. හැම අවුරුද්දකම රම්ෆ් එයාගේ ආච්චිව බලන්න ගියා. ආච්චි විශ්වාසවන්ත සාක්ෂිකරුවෙක්. සත්‍යය ගැන හිතේ ආසාවක් ඇති කරගන්න ආච්චි රම්ෆ්ට ගොඩක් උදව් කළා. ඉතින් අවුරුදු 13දී රම්ෆ් බයිබල් පාඩමක් කළා. ඒ නිසා යෞවන වයසේදීම, ඒ කියන්නේ 1992 සැප්තැම්බර් 27වෙනිදා එයා බව්තීස්ම වුණා. එයාගේ අම්මාත් ආයේ රැස්වීම්, සේවේ යන්න පටන්ගත්තා. එයාගේ තාත්තායි, නංගියි, මල්ලියි සත්‍යයේ දියුණු වෙලා බව්තීස්ම වුණා.

යෞවන කාලේදී සහෝදර රම්ෆ් දැක්කා පුරෝගාමීන් කොච්චර සතුටින් ඉන්නවාද කියලා. ඉතින් ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන්, ඒ කියන්නේ 1995 සැප්තැම්බර්වල එයා පුරෝගාමි පටන්ගත්තා. 2000දී එයා ප්‍රචාරකයන් අඩු රටක් වුණ ඉක්වදෝරයට සේවේ කරන්න ගියා. එහෙදී කැනඩාවේ ඉඳන් ආපු ඉංගා කියන පුරෝගාමි සහෝදරියව එයාට හම්බ වුණා. එයාලා බැන්දාට පස්සේ ඉක්වදෝරයේ ප්‍රචාරකයන් කීපදෙනෙක් හිටපු පොඩි කණ්ඩායමක සේවේ කරන්න පටන්ගත්තා. අද ඒ කණ්ඩායම දියුණු වෙලා ලොකු සභාවක් වෙලා.

කාලයක් යද්දී රම්ෆ් යුවළව විශේෂ පුරෝගාමීන් විදිහට පත් කළා. එයාලා චාරිකා සේවෙත් කළා. 2011දී එයාලා ගිලියද් පාසැලේ 132වෙනි පන්තියට ගියා. ඒකෙන් පස්සේ එයාලට අවස්ථාව ලැබුණා ලෝකේ එක එක පැතිවල සේවේ කරන්න. ඒ වගේම බෙතෙල් සේවේ, මිෂනාරි සේවේ, චාරිකා සේවේ වගේ විවිධ පැවරුමුත් එයාලා කළා. සහෝදර රම්ෆ් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලේ උපදේශකයෙක් විදිහටත් සේවේ කළා.

කොරෝනා වසංගතය නිසා රම්ෆ් යුවළට ආයේ එක්සත් ජනපදයට එන්න වුණා. එයාලට වෝල්කිල්වල සේවේ කරන්න ආරාධනාවක් ලැබුණා. එහෙදී සහෝදර රම්ෆ්ට සේවා අංශයේ වැඩ කරන්න පුහුණුවක් ලැබුණා. පස්සේ එයාලව ආයේ ඉක්වදෝරයේ ශාඛා කාර්යාලයට යැව්වා. එහෙදී සහෝදර රම්ෆ් ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට සේවේ කළා. 2023දී එයාලා ආයේ වෝර්වික්වල සේවෙට ආවා. 2024 ජනවාරිවල සහෝදර රම්ෆ් සේවා කමිටුවට උපකාර කරන්නෙක් විදිහට පත් වුණා. සහෝදර රම්ෆ් මෙහෙම කියනවා. “පැවරුමක් විශේෂ වෙන්නේ ඒක කරන තැන නිසා නෙවෙයි, ඔයාත් එක්ක ඒ පැවරුම කරන අය නිසයි.”

මේ සහෝදරයන් වෙහෙස මහන්සි වෙලා කරන සේවේ අපි ගොඩක් අගය කරනවා. ‘ඒ වගේ පුරුෂයන්ව අපිට ගොඩක් වටිනවා.’—ෆිලි. 2:29.

පාලක මණ්ඩලයේ දැන් අභිෂේක ලත් සහෝදරයන් 11දෙනෙක් සේවේ කරනවා. කෙනත් කුක්; ගෙරිට් ලෝෂ්; ගේජ් ෆ්ලීගල්; ජෙෆ්රි ජැක්සන්; ජෙෆ්රි වින්ඩ; ජේකබ් රම්ෆ්; ජෝඩි ජේඩ්ලි; ඩේවිඩ් ස්ප්ලේන්; මාක් සැන්ඩසන්; සැමුවෙල් හර්ඩ් සහ ස්ටීවන් ලෙට්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න