ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb15 118-119 පි.
  • “සිංහයෙක් වගේ සටන් කළා”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සිංහයෙක් වගේ සටන් කළා”
  • 2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • සත්‍යය ජීවිත පරිවර්තනය කරයි
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි කාටත් සහනය ඕනේ
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දරුවන්ට අවශ්‍ය වන්නේ කෙබඳු ආකාරයේ පියෙක්ද?
    2004 පිබිදෙව්!
  • පෙනුම ගැන ලතවීම
    2005 පිබිදෙව්!
තව තොරතුරු
2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb15 118-119 පි.

ඩොමිනිකන් ජනරජය

“සිංහයෙක් වගේ සටන් කළා”

ලුයිස් එඩ්වාඩෝ මොන්ටාස්

  • ඉපදුණේ 1906

  • බව්තීස්ම වුණේ 1947

  • තොරතුරු ටෘජිලෝගේ දේශපාලන පක්ෂයේ නිලයක් දරපු කෙනෙක්. සත්‍යය ඉගෙනගත් ඔහු 2000දී මිය යන තුරුම දෙවිට විශ්වාසවන්තව සේවය කළා.

118වන පිටුවේ පින්තූරය

ලුයිස්, ටෘජිලෝගේ නෑදෑයෙක්. ඒ වගේම ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික විදිහටත් ලුයිස් වැඩ කළා. ටෘජිලෝගේ දේශපාලන ක්‍රියාකලාපය ගැන එතරම් පැහැදීමක් තිබුණේ නැති නිසා ඔහු කිහිප වතාවක්ම තනතුරෙන් අයින් වෙන්න උත්සාහ කළා. ඒත් ටෘජිලෝ ඒකට ඉඩ දුන්නේ නැහැ.

ටෘජිලෝ, ලුයිස්ගේ අයියලා දෙන්නව මරපු නිසා ලුයිස් දෙපාරක්ම ඔහුව මරන්න උත්සාහ කළා. ලුයිස්ගේ උත්සාහයන් වැරදුණු අවස්ථාවලදී ඒ වගේ දෙයක් කළේ ඔහුයි කියලා ටෘජිලෝ දැනගෙන හිටියේ නැහැ. ලුයිස් ඔහුව මරන්න භූතවාදී දේවල් කරන අයගෙන් පවා උදව් ඉල්ලුවා. ඔහු ටෘජිලෝ ගැන කිව්වේ මෙහෙමයි. “ටෘජිලෝ හරියට සතෙක් වගෙයි. හැම තිස්සෙම හිතුවේ ඔහුට වඩා උසස් කෙනෙක් නැහැ කියලයි.” දවසක් ලුයිස් භූතවාදී දේවල් කරන කෙනෙක්ව හම්බ වෙන්න ගිය වෙලාවේ ඒ ගෙදර මේසයක් උඩ තිබුණු සාක්ෂිකරුවන්ගේ පොතක් (The Truth Shall Make You Free) කියවන්න පටන්ගත්තා. ඒ පොතට ආස හිතුණු නිසා ඔහු ඒක ගෙදර අරන් ගියා. දෙවියන් ගැන කාලයක් තිස්සේ හොයපු තොරතුරු ඒ පොතේ තියෙනවා කියලා ඔහු තේරුම්ගත්තා.

සැන්ටො ඩොමින්ගෝවලට ලුයිස් ගිය වෙලාවක සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියා. එදා පොත් පත් කීපයකුත් ලබාගත් ඔහු මුළු රෑම ඒවා කියෙව්වා. ඊටපස්සේ ඔහු බයිබල් පාඩමක් කරන්න කැමතියි කියලා සහෝදරයන්ට කිව්වා. බයිබලයේ තියෙන සත්‍යයන් ටික ටික තේරුම්ගනිද්දී ඔහු ටෘජිලෝගේ පක්ෂයෙන් අයින් වෙන්න තීරණය කළා. ඔහුව පක්ෂයේ දිගටම තියාගන්න ඕන නිසා පෝටෝ රිකෝවල තානාපති හැටියට ඔහුව පත් කරන්න ටෘජිලෝ කැමති වුණා. ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි කියලා දැනගෙන හිටියත් ලුයිස් ඒකත් ප්‍රතික්ෂේප කළා.

ඒ ගැන ලුයිස් මෙහෙම කියනවා. “ඒ ගොල්ලො මට ගොඩක් පැතිවලින් පීඩා කළා. මාව අල්ලගන්න හැම පැත්තෙන්ම දැල් දැම්මා. ඒත් මේ ලෝකයේ ධන සම්පත් රැස් කරන්න මට ඕන වුණේ නැහැ.” ලුයිස් යන යන හැම තැනම ශුභාරංචිය ගැන කතා කළ නිසා කතෝලික පූජකයන් ඔහුට “දේශනාකාරයා” කියලා නමකුත් දැම්මා. මුලින්ම රැස්වීමකට ගිය දවසේ ඉඳන් හරියටම මාස 6කට පස්සේ ඔහු බව්තීස්ම වුණා. ඒ 1947 ඔක්තෝබර් 5වෙනිදායි.

බව්තීස්ම වුණාට පස්සේ පොලීසියෙන් ඔහුව අත්අඩංගුවට අරගෙන හුදෙකලා සිරකුටියකට දැම්මා. ජීවිතයට තර්ජනයක් තිබුණත් උසාවියට ඉදිරිපත් කරපු හැම වෙලාවකම ඔහු ඒක සාක්ෂි දරන්න අවස්ථාවක් කරගත්තා. “මං මගේ විශ්වාසය වෙනුවෙන් සිංහයෙක් වගේ සටන් කළා. මම ඒ අතීතය මතක් කරන්නේ හරිම සතුටින්” කියලා ලුයිස් කිව්වා.

ඔහු දෙවිට විශ්වාසවන්තව හිටපු කෙනෙක් හැටියට ප්‍රසිද්ධ වුණා. 1994දී ඩොමිනිකානු පුවත්පතක ඔහු ගැන මෙහෙම කියලා තිබුණා. “සැන් ක්‍රිස්ටොබල් නගරයේ අය අතරේ ලුයිස් මොන්ටාස් මහත්මයා ප්‍රසිද්ධ වෙලා තිබුණේ හොඳ ගතිගුණ තිබුණු කෙනෙක් හැටියටයි. ඔහු සමාජයට ලැබුණු දායාදයක්. ඔහු අනිත් අයගේ හැඟීම් තේරුම්ගත්ත මෘදු කෙනෙක්. එහෙම වුණේ ඔහු හොඳ ක්‍රිස්තියානියෙක් හැටියට ජීවත් වුණු නිසයි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න