ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 16 පි.-17 පි. 4 ¶
  • නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම වේගවත් කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම වේගවත් කරයි
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • ජාත්‍යන්තර ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශය
    2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන ඉදි කිරීම් කටයුතු
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • ඔයාගේ කාලය සහ ශක්තිය දෙන්න පුළුවන්ද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • විශිෂ්ට වර්ධනයක් සමඟම කඩිනම් ව්‍යාප්ත කිරීමක අවශ්‍යතාවක්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 16 පි.-17 පි. 4 ¶
අලුත් නමස්කාර මධ්‍යස්ථානයක් හදමින්

පසුගිය වසරෙන්

නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම වේගවත් කරයි

යෙහෝවා දෙවි ලොව වටා සැබෑ නමස්කාරය වේගයෙන් ව්‍යාප්ත වෙන්න සලස්වලා තියෙන විදිහ දැක්කම අපිට දැනෙන්නේ ලොකු සතුටක්. (යෙසා. 60:22) ඒ වර්ධනය නිසා නමස්කාර මධ්‍යස්ථානවලත් ලොකු අවශ්‍යතාවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ලෝකෙ පුරාම නමස්කාර මධ්‍යස්ථාන 13,000කට වඩා ඉදි කරන්න හෝ අලුත්වැඩියා කරන්න නියමිතයි.

ඉදි කිරීමේ වැඩ අඩු වියදමකින් කරන්න ඕන නිසා පාලක මණ්ඩලයෙන් ඉදි කිරීම් පිළිබඳ විවිධ අංශවල වෙනස්කම් කරලා තියෙනවා. ඒ නිසා මෑතකදී බෘක්ලින්වල තියෙන ලෝක මූලස්ථානයේ ලෝක ව්‍යාප්ත නිර්මාණ/ඉදි කිරීම් අංශය (WDC) පිහිටෙව්වා. ඒකෙන් කරන්නේ ඉදි කිරීම්, අලුත්වැඩියා කීරීම් කරන්න ඕන අනුපිළිවෙළ සහ ඒවා කඩිනමින් නිම කරන්න අවශ්‍ය සැලසුම් හදන එකයි. ඔස්ට්‍රලේසියාවේ, මධ්‍යම යුරෝපයේ, දකුණු අප්‍රිකාවේ සහ එක්සත් ජනපදයේ ශාඛා කාර්යාලවල තියෙන කලාපීය නිර්මාණ/ඉදි කිරීම් අංශවලින් (RDC) ඒවා යටතේ තියෙන රටවල්වල නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ වැඩකටයුතු කාර්යක්ෂමව සහ අඩු වියදමකින් කරන්න මඟ පෙන්වීම් ලබා දෙනවා. ඒ වගේම නඩත්තු වැඩකටයුතුවලට ශාඛා කාර්යාලවල ඉන්න අයව පුහුණු කරන්නෙත් මේ අංශයෙන්. මීට අමතරව හැම ශාඛා කාර්යාලයේම ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශයක් (LDC) තියෙනවා. ඒකෙන් කරන්නේ නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා ඉදි කිරීම් සහ නඩත්තු කිරීම් අධීක්ෂණය කරන එකයි.

2015 ජනවාරි මාසයේදී එක්සත් ජනපදයේ ඉන්න වැඩිමහල්ලන් හැමෝම වීඩියෝ මගින් විශේෂ රැස්වීමකට හවුල් වුණා. ඒ රැස්වීමේදී පැහැදිලි කළේ නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීම් කටයුතු සංවිධානය කරන විදිහ, ඉදි කරන විදිහ සහ නඩත්තු කරන විදිහයි. ඒ ගැන තොරතුරු කිහිපයක් දැන් බලමු.

  • ඉදි කිරීම: ප්‍රකාශන කමිටුවේ මඟ පෙන්වීම්වලට අනුව එකම සැලැස්මකට අනුව ඉදි කරන්න සහ අදාළ ප්‍රදේශයන්වලට ගැළපෙන අමුද්‍රව්‍ය යොදාගන්න අවශ්‍යයි. ඒ ගොඩනැඟිලි අඩු වියදමකින් හැදුවත් හරිම ලස්සනයි. ඒවා හරිම ශක්තිමත්. නඩත්තු කරන්නත් ලේසියි.

  • නඩත්තු කිරීම: නමස්කාර මධ්‍යස්ථාන දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට නඩත්තු කරන්න සභාවන්වල ඉන්න අයව පුහුණු කරන්න සැලසුම් කරලා තියෙනවා.

ලෝකෙ පුරාම සිද්ධ වෙන ඉදි කිරීමේ සහ නඩත්තු කිරීමේ වැඩකටයුතු සුළු පටු කාර්යයන් නෙමෙයි. ලැබෙන සම්මාදම් ඥානවන්තව පාවිච්චි කරද්දී මේ වැඩ කාර්යක්ෂමව කරන්න පුළුවන් වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න