ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 72 ලිපිය
  • සත්‍යය එච්චරටම වැදගත්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සත්‍යය එච්චරටම වැදගත්ද?
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සත්‍යය කියලා දෙයක් ඇත්තටම තියෙනවාද?
  • සත්‍යය හොයාගන්න පුළුවන් කොහොමද?
  • බොරුවේ සුලමුල මොකක්ද?
  • අද බොරුව සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ ඇයි?
  • සත්‍යය ඒ තරම්ම වැදගත් ඇයි?
  • ඔයා සත්‍යය දැනගන්නවාට දෙවියන් කැමති ඇයි?
  • දෙවියන් කවදා හරි බොරුව නැති කරලාම දායිද?
  • සත්‍යතාවේ දෙවිව අනුකරණය කිරීම
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තියානීන් නමස්කාර කරන්නේ ආත්මයෙන් සහ සත්‍යතාවෙන්ය
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සත්‍යය සෙවිය යුත්තේ මන්ද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
තවත් ලිපි
mrt 72 ලිපිය
රැලියකදී මිනිස්සුන්ට ලොකු ලොකු බලාපොරොත්තු ඇති වෙන විදිහට කතාවක් දෙන දේශපාලඥයෙක්.

සත්‍යය එච්චරටම වැදගත්ද?

ඇත්තයි, බොරුවයි අතර තියෙන වෙනස අඳුරගන්න බැරි තරමට ඒක බොඳ වෙලා කියලා ඔයාටත් හිතිලා තියෙනවාද? අද හුඟක් මිනිස්සු දෙයක් විශ්වාස කරන්නේ ඒක ගැන ඇත්ත නැත්ත හොයලා බලලා නෙවෙයි. ඒ වෙනුවට එයාලා වැඩ කරන්නේ හැඟීම්වලට වහල් වෙලා. ඒ වෙලාවට එයාලට හරියි කියලා හිතෙන්නේ මොකක්ද, එයාලා ඒ දේ තමයි පිළිගන්නේ. ඒ විදිහට බලද්දී ඇත්ත කියන දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා කියලයි හුඟක් අය හිතන්නේ. ඒ නිසා සමහරු කියනවා මේ ලෝකේ සත්‍යය කියලා දෙයක් නැහැ කියලා.

මීට අවුරුදු 2,000කට කලින් රෝම ආණ්ඩුකාරයා වුණ පොන්තියුස් පිලාතුත් යේසුස්ගෙන් ඇහුවා “සත්‍යය? ඒ මොකක්ද” කියලා. (යොහන් 18:38) පිලාත් ඒක ඇහුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන් නොවුණාට ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට බයිබලේ හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඒ උත්තරේ ඔයාට උදව් වෙයි ඇත්ත මොකක්ද, බොරුව මොකක්ද කියලා පැහැදිලිව වෙන් කරලා අඳුරගන්න.

සත්‍යය කියලා දෙයක් ඇත්තටම තියෙනවාද?

ඔව්. බයිබලේ “සත්‍යය” කියලා කියන්නේ සාක්ෂි මත පදනම් වෙලා තියෙන මූලික සත්‍යයන්වලට සහ දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිතිවලට. ඒ වගේම යෙහෝවාa දෙවියන්ව බයිබලේ හඳුන්වන්නේ සත්‍යයේ උල්පත කියලා. ඒකයි ඔහුට “සත්‍යතාවේ දෙවි” කියලා කියන්නේ. (ගීතාවලිය 31:5) බයිබලේ තියෙන්නේ දෙවියන් හෙළි කරලා තියෙන සත්‍යය. ඒ සත්‍යය හරියට දීප්තිමත් ආලෝකයක් වගේ. ඒ ආලෝකය අපිට උදව් වෙනවා ඝන අන්ධකාරයෙන් වෙළිලා තියෙන වියවුල් වුණ මේ ලෝකේ, හරි මාර්ගයේ පරෙස්සමින් ගමන් කරන්න.—ගීතාවලිය 43:3; යොහන් 17:17.

සත්‍යය හොයාගන්න පුළුවන් කොහොමද?

කෙනෙක් දෙයක් කියපු ගමන් “ෂා! මේක නං නියමයි” කියලා ඔහේ අන්ධ විදිහට දේවල් විශ්වාස කරන එක දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුට ඕනෙ සාක්ෂි හොයලා බලලා අපි දෙයක් පිළිගන්නවා දකින්න. (රෝම 12:1) ඒ නිසයි ඔහු අපෙන් ඉල්ලන්නේ අපේ “මනස” හොඳට යොමු කරලා ඒ කියන්නේ සිතීමේ හැකියාව හොඳට පාවිච්චි කරලා දෙවියන්ව දැන අඳුරගෙන ඔහුට ආදරේ කරන්න කියලා. ඒ වගේම ඉගෙනගන්න සත්‍යයන් හොඳට හොයලා බලලා තමන්ටම තහවුරු කරගන්න කියලත් ඔහු අපෙන් ඉල්ලනවා.—මතෙව් 22:37, 38; ක්‍රියා 17:11.

බොරුවේ සුලමුල මොකක්ද?

බයිබලේ කියනවා බොරුවේ මුල සාතන් කියන යක්ෂයා කියලා. ඒ නිසයි බයිබලේ සාතන්ව “බොරුවේ පියා” කියලා හඳුන්වන්නේ. (යොහන් 8:44) සාතන් මුල් මිනිස් යුවළට දෙවියන් ගැන බොරු කිව්වා. (උත්පත්ති 3:1-6, 13, 17-19; 5:5) එයා එතනින් නැවතුණෙත් නැහැ. සාතන් එදා ඉඳන් හැම තැනම බොරු පතුරුවලා දෙවියන් ගැන සත්‍යය හංගනවා.—එළිදරව් 12:9.

අද බොරුව සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ ඇයි?

අද අපි ජීවත් වෙන මේ “අවසාන කාලයේ” සාතන් වෙන කවදාටත් වඩා වැඩියෙන් බොරු පතුරුවලා මිනිස්සුන්ව නොමඟ යවනවා. අනිත් අයව රවට්ටලා අයුතු ප්‍රයෝජන ගන්න එක මිනිස්සුන්ට අද සාමාන්‍ය දෙයක්. (2 තිමෝති 3:1, 13) බොරුව කියන දේ ආගම්වලටත් රිංගලා තියෙනවා. ඒ නිසයි බයිබලේ කලින්ම කිව්වේ ‘මිනිස්සු සත්‍ය ඉගැන්වීම්වලට කන් දෙන්නේ නැහැ’ කියලා. මොකද ‘එයාලා කැමති වෙන්නේ එයාලාගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටයි.’—2 තිමෝති 4:3, 4.

බයිබලය අතේ තියාගෙන තමන් කියන දේවල් හරිම සතුටින් අහන් ඉන්න පිරිසකට කතා කරන ආගමික නායකයෙක්.

සත්‍යය ඒ තරම්ම වැදගත් ඇයි?

දෙන්නෙක් හැම වෙලේම ඇත්ත කතා කරනවා නම් ඒ දෙන්නා අතර ලොකු විශ්වාසයක් ගොඩනැඟෙනවා. හැබැයි බොරුවට පුළුවන් දෙන්නෙක් අතර තියෙන බැඳීම් කඩලා දාන්න, සමාජයේ බෙදීම් ඇති කරන්න. බයිබලෙත් කියනවා දෙවියන්ට ඕනෙ අපි සත්‍යය දැනගෙන ඔහුට නමස්කාර කරනවා දකින්න කියලා. ඒකයි ඒකේ මෙහෙම කියන්නේ. “දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.” (යොහන් 4:24) බයිබලේ තියෙන සත්‍යයට පුළුවන් ආගම්වල උගන්නන බොරු අඳුරගෙන ඒවායින් ගැලවිලා එන්න ඔයාට උදව් කරන්න. ඒ ගැන තවත් විස්තර දැනගන්න “මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන අසත්‍ය ඉගැන්වීම්” කියන ලිපි මාලාව බලන්න.

ඔයා සත්‍යය දැනගන්නවාට දෙවියන් කැමති ඇයි?

දෙවියන් කැමති ඔයා ගැලවෙනවා දකින්න. හැබැයි ඒක කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම සත්‍යය මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. (1 තිමෝති 2:4) හරි වැරැද්ද ගැන දෙවියන් දීලා තියෙන ප්‍රමිති මොනවාද කියලා දැනගෙන ඔයා ඒවාවලට අනුව ජීවත් වෙනවා නම් ඔයාට පුළුවන් දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න. (ගීතාවලිය 15:1, 2) ඒ වගේම දෙවියන් සත්‍යය මොකක්ද කියලා උගන්නන්න යේසුස්වත් මේ පොළොවට එව්වා. ඉතින් දෙවියන් බලාපොරොත්තු වෙනවා අපි යේසුස්ගේ ඉගැන්වීම් කිට්ටුවෙන් අනුගමනය කරයි කියලා.—මතෙව් 17:5; යොහන් 18:37.

දෙවියන් කවදා හරි බොරුව නැති කරලාම දායිද?

ඔව්. බොරු කියලා අනිත් අයගෙන් වාසි ප්‍රයෝජන ගන්න අයට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. හරි දේ පෙන්නද්දීත් ඒක ගණන් ගන්නේ නැතුව දිගින් දිගටම බොරු කරන අයව සදහටම මේ පොළොවෙන් අයින් කරනවා කියලා දෙවියන් කියනවා. (ගීතාවලිය 5:6) එදාට “සත්‍යය කතා කරන තැනැත්තා සදහටම පවතියි” කියලා ඔහු දීලා තියෙන පොරොන්දුවත් ඉටු වෙනවා.—හිතෝපදේශ 12:19.

සත්‍යය සහ බොරුව ගැන තියෙන බයිබල් පද

යොහන් 8:44: ‘යක්ෂයා බොරුකාරයෙක්. බොරුවේ පියායි.’

තේරුම: පළවෙනි බොරුව කිව්වේ සාතන් කියන යක්ෂයා. ඒ වගේම හැම බොරුවකටම මුලත් සාතන්.

හිතෝපදේශ 12:22: “බොරු කියන දිව යෙහෝවා දෙවිට පිළිකුලක්ය.”

තේරුම: දෙවියන්ට ආදරේ කරන අය ඔහු වගේම බොරුවට වෛර කරන්න ඕනේ.

යොහන් 4:24: “දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”

තේරුම: දෙවියන්ට ඕනෙ අපි ඔහු ගැන සත්‍යය දැනගෙන ඒකට අනුව ඔහුට නමස්කාර කරනවා දකින්න.

යොහන් 8:32: “සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”

තේරුම: ආගම්වල උගන්නන බොරුවලින්, මිථ්‍යා විශ්වාසවලින් සහ නොදැනුවත්කම නිසා වෙන වැරදිවලින් යේසුස් උගන්නපු සත්‍යය අපිව නිදහස් කරනවා. “‘සත්‍යය’ ඔබව නිදහස් කරන්නේ කෙසේද?” කියන ලිපියෙන් ඒ ගැන තව දැනගන්න.

1 තිමෝති 2:4: “දෙවිගේ කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.”

තේරුම: දෙවියන්ට ඕනෙ අපි ඔහු ගැන සත්‍යය දැනගෙන ගැලවීම ලබනවා දකින්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න ”‏යෙහෝවා කියන්නේ කවුද?”‏ කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න