Halfpoint Images/Moment via Getty Images
සෝදිසියෙන් ඉන්න!
සෝෂල් මීඩියාවලින් දරුවන්ට වෙන හානිය ගැන ඉහළ නිලධාරියෙක්ගෙන් අනතුරු ඇඟවීමක්! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
2023 මැයි 23වෙනිදා එක්සත් ජනපදයේ වෛද්‍ය ක්ෂේත්රයේ ඉහළ පෙළේ නිලධාරියෙක් අනතුරු ඇඟෙව්වා සමාජ ජාලා වෙබ් අඩවි සහ ඇප්වලින් අපේ යෞවන දරුවන්ට ලොකු හානියක් වෙනවා කියලා.
“සෝෂල් මීඩියාවලින් අපේ දරුවන්ට සහ යෞවනයන්ට ගොඩක් ප්‍රයෝජන තියෙනවා. හැබැයි ඒවාවල වැඩිපුර ගැවසෙද්දී එයාලාගේ මනසට වෙන්නේ හිතාගන්න බැරි තරම් හානියක්!”—Social Media and Youth Mental Health: The U.S. Surgeon General’s Advisory, 2023.
ඒ නිලධාරියා උපුටලා ගත්ත තොරතුරු කීපයක් බලන්න.
අවුරුදු 12ත් 15ත් අතර යෞවනයන් “දවසකට පැය 3කටත් වඩා සෝෂල් මීඩියා පාවිච්චි කරද්දී එයාලට මානසික රෝග ඇති වීමේ ප්‍රවණතාව දෙගුණයකින් වැඩියි කියලා හොයාගෙන තියෙනවා. ඒ රෝගවලට මානසික අවපීඩනය වගේම අධික කනස්සලු වීමත් ඇතුළත්.”
අවුරුදු 14ක් වයස යෞවන යෞවනියන්ට “සෝෂල් මීඩියා පාවිච්චි කරන නිසා හරි හැටි නින්දක් ලැබෙන්නේ නැහැ. එයාලා ඔන්ලයින් හරහා සිද්ධ වෙන හිරිහැරවලට මුහුණ දෙනවා. එයාලා හිතනවා එයාලා ලස්සන නැහැ, එයාලා වටින්නේ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි එයාලා මානසික අවපීඩනයට ගොදුරු වෙන ප්‍රමාණයත් වැඩියි. මේ දේවල් වැඩියෙන්ම බලපාන්නේ පිරිමි ළමයින්ට වඩා ගැහැනු ළමයින්ට.”
මේ අනතුරුවලින් දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන හුඟක් මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.
දෙමාපියන්ට කරන්න පුළුවන් දේ
හොයලා බලන්න. දෙමාපියන්ට පුළුවන් දරුවන්ට අනතුරක් වෙන්නේ මොන වගේ දේවල් නිසාද කියලා හොයලා බලලා එයාලට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න ඉඩ දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න.
බයිබල් ප්‍රතිපත්තිය: “දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න.”—හිතෝපදේශ 22:6.
ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “මගේ දරුවා සෝෂල් මීඩියා පාවිච්චි කළාට කමක් නැද්ද?” කියන ලිපිය බලන්න.
දරුවාට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න ඉඩ දෙනවා නම් එයාට වෙන්න පුළුවන් අනතුරු ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒ වගේම එයා ඔන්ලයින් ගිහින් කරන්නේ මොනවාද කියලා නිතරම හොයලා බලන්න.
හානියක් වෙන දේවල්වලින් ආරක්ෂා කරන්න. හානිකර තොරතුරු, පින්තූර, වීඩියෝ මොනවාද කියලා අඳුරගන්නත් ඒවායින් ඈත් වෙලා ඉන්නත් දරුවාව හොඳට පුහුණු කරන්න.
බයිබල් ප්‍රතිපත්තිය: ‘වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි. එලෙසම කිසිම ලැජ්ජාවක් බියක් නොමැතිව හැසිරීම, මෝඩ කතා හෝ අසභ්‍ය විහිළු සුදුසු නැත.’—එෆීස 5:3, 4.
ඒ වගේ තවත් මඟ පෙන්වීම් ගැන දැනගන්න “පරෙස්සමින් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න කියලා දෙන්න” කියන ලිපිය බලන්න.
සීමා දාන්න. සෝෂල් මීඩියා පාවිච්චි කරන්න දරුවාට අවසර දෙන්නේ මොන වෙලාවටද, කොච්චර වෙලාවක් ඒක පාවිච්චි කරන්න දෙනවාද කියලා දරුවාට කියන්න.
බයිබල් ප්‍රතිපත්තිය: ‘ඔබ ඉතා සෝදිසියෙන් සිට ඥානවන්තයන් මෙන් ඔබේ ජීවිතය ගත කිරීමට වගබලා ගන්න. ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.’—එෆීස 5:15, 16.
සෝෂල් මීඩියා සීමාවක් ඇතුව පාවිච්චි කරන්න ඕනෙ ඇයි කියලා දරුවාට තේරුම් කරන්න ‘මිතුරු සමාජ වෙබ් අඩවි - බලාගෙනයි!’ කියන වීඩියෝ එක පාවිච්චි කරන්න.