John Moore/Getty Images
අසනීපවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!
“කෝවිඩ් වසංගතය ජාත්‍යන්තර අවධානය යොමු විය යුතු හදිසි තත්වයක් කියලා දැන් සැලකුවේ නැතත් ඒකේ අවදානම නම් නැති වෙලා නැහැ. ඊළඟ වසංගතය ඇවිත් දොරට තට්ටු කරන්න කලින් අපි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. මොකද ඒක අනිවාර්යයෙන්ම එනවා.”—මහාචාර්ය ටෙඩ්රොස් ආඩොනාම් ගෙබ්‍රෙයිසස්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්, 2023 මැයි 22.
කෝවිඩ් නිසා මිනිස්සු තාමත් ශාරීරිකව, මානසිකව පීඩා විඳිනවා. ඉතින් ඊළඟ වසංගතයට ලෑස්ති වෙනවා තියා දැන් තියෙන අසනීපවලටවත් විසඳුමක් ගේන්න ආණ්ඩුවලට, සෞඛ්‍ය බලධාරීන්ට පුළුවන් වෙයිද?
අපේ හැම සෞඛ්‍ය ගැටලුවකටම නියම විසඳුමක් ගේන ආණ්ඩුවක් ගැන බයිබලයේ කතා කරනවා. ඒකේ කියනවා ‘ස්වර්ගයේ දෙවියන් රාජ්‍යයක් පිහිටුවනවා’ කියලා. (දානියෙල් 2:44) ඒ රාජ්‍යය ඒ කියන්නේ ඒ ආණ්ඩුව යටතේ ඉන්න “කිසිවෙකුවත් ‘මා ලෙඩින්’ කියලා කියන්නේ නැහැ.” (යෙසායා 33:24) එදාට හැමෝටම ආයෙත් තරුණ ශක්තිය, ජවය ලැබෙනවා.—යෝබ් 33:25.