Justin Paget/Stone via Getty Images
ලොවම වෙළාගත්ත තනිකම - ඒක දරාගන්නේ කොහොමද?
“ගණන් බලලා තියෙන විදිහට ඇමරිකාවේ වැඩිහිටියන්ගෙන් භාගයක්ම වගේ තනිකමට මූණ දෙනවා. ඒ අය අතරින් වැඩි හරියක්ම අවුරුදු 18ත් 25ත් අතර අය.”—Our Epidemic of Loneliness and Isolation: The U.S. Surgeon General’s Advisory on the Healing Effects of Social Connection and Community, 2023.
“තනිකම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් විදිහට සලකලා ඒ ගැන හොයලා බලන්න කණ්ඩායමක් පත් කරලා තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. ඒ කණ්ඩායමේ වගකීම අනිත් අයත් එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න මිනිස්සුන්ට උදව් කරන එක. එයාලා දුප්පත් රටවල් ඇතුළු හැම රටකම ඉන්න අයට තනිකමෙන් ගොඩ එන්න පිළියම් හොයනවා.”—ලෝක සෞඛ්‍ය සංවිධානය, 2023 නොවැම්බර් 15.
අනිත් අයත් එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න උදව් වෙන තොරතුරු බයිබලයේ තියෙනවා.
බයිබලයෙන් උදව්
තනියම කරන දේවල් අඩු කරන්න. උදාහරණෙකට ඕනාවට වඩා සෝෂල් මීඩියාවලට ඇලිලා ඉන්න එකෙන් වෙන්නේ ඔයා ඔයාවම අනිත් අයගෙන් ඈත් කරගන්න එක. ඒ වෙනුවට අනිත් අයත් එක්ක කාලේ ගත කරන්න. හොඳ යාළුවන්ව හොයාගන්න.
බයිබල් ප්‍රතිපත්තිය: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.
අනිත් අයට උදව් කරන්න. අනිත් අයට උදව් කරද්දී එයාලා එක්ක තියෙන බැඳීම ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි ඔයාගේ සතුටත් වැඩි වෙනවා.
බයිබල් ප්‍රතිපත්තිය: “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.”—ක්‍රියා 20:35.
හොඳ යාළුවෝ හොයාගන්න පුළුවන් විදිහ ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා දැනගන්න අපේ වෙබ් අඩවිය බලන්න.