Rui Almeida Fotografia/Moment via Getty Images
සෝදිසියෙන් සිටින්න!
දේශපාලන ප්රචණ්ඩත්වය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
මෑත කාලවලදී දේශපාලනඥයන්ට විරුද්ධව කරන ප්රචණ්ඩ දේවල් වැඩි වෙලා තියෙනවා.
මේ තරම් දේශපාලන ප්රචණ්ඩ ක්‍රියා වෙන්නේ ඇයි? ඒවාට අවසානයක් තියෙනවාද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
දේශපාලනය නිසා මිනිස්සු අතර බෙදීම් ඇති වෙනවා කියලා කලින්ම කියලා තිබුණා
අපි ජීවත් වෙන මේ “අවසාන කාලයේ” ඉන්න මිනිස්සු හිතන විදිහ නිසා ගොඩක් දරුණු දේවල් සහ මතගැටුම් ඇති වෙනවා කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණා.
‘අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන, කිසිම දෙයක් ගැන එකඟ නොවන, දරුණු, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර අය වනු ඇත.’—2 තිමෝති 3:1-4.
ඒ වගේම බයිබලයේ කලින්ම කියලා තිබුණා අවසාන කාලයේ කැරලි, කෝලහල වගේ නොසන්සුන්කාරී දේවල් සිද්ධ වෙනවා කියලා. (ලූක් 21:9) ඒත් දේශපාලනික බෙදීම් සහ ආරවුල් හැමදාම තියෙන්නේ නැහැ.
දේශපාලන ප්‍රචණ්ඩත්වයට නිමාවක්!
බයිබලයේ කියනවා පොළොවේ තියෙන ආණ්ඩු වෙනුවට ස්වර්ගයේ තියෙන දෙවියන්ගේ ආණ්ඩුව පාලනය කරන්න යනවා කියලා.
‘ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.’—දානියෙල් 2:44.
දේවරාජ්‍යයෙන් මිනිස්සු අතර එක්සත්කම ඇති කරලා මුළු ලෝකෙටම සාමය උදා කරනවා.
ඒ ආණ්ඩුවේ පාලකයා වන යේසුස් ක්‍රිස්තුස්ව හඳුන්වන්නේ “සමාදානයේ කුමාරයා” විදිහටයි. ඔහුගේ පාලන කාලයේදී ‘සමාදානය සදහටම පවතිනවා.’—යෙසායා 9:6, 7.
දැනටමත් ඒ රාජ්‍යයේ යටත්වැසියන් සාමයෙන් ජීවත් වෙන්න ඉගෙනගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බයිබලයේ කියනවා “ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය. ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත” කියලා.—යෙසායා 2:3, 4.
ඒ ගැන තව දැනගන්න “දෙවියන්ගේ පාලනයෙන් කරන දේ” කියන ලිපියත් ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එකත් බලන්න.