බරපතළ අසනීපයක් දරාගන්නේ කොහොමද?
බයිබලයේ ඒ ගැන කියන දේ
තම විශ්වාසවන්ත සේවකයෙක් ‘අසනීපව යහනේ සිටින විට යෙහෝවා දෙවි ඔහුට පිළිසරණක් වෙනවා’ කියලා බයිබලේ කියනවා. (ගීතාවලිය 41:3) ඔයාත් බරපතළ අසනීපයකින් පෙළෙනවාද? එහෙමනම් ඒක දරාගන්න මේ දේවල් තුන ඔයාට උදව් වෙයි.
- අසනීපය දරාගන්න දෙවිගෙන් උදව් ඉල්ලලා යාච්ඤා කරන්න. එහෙම කරද්දී කිසිම කෙනෙකුට වටහාගන්න බැරි තරම් සමාදානයක් දෙවියන් ඔයාට දෙයි. එතකොට ඔයාගේ අසනීපේ නිසා එන අභියෝගවලට නොසැලී මුහුණ දෙන්න ඔයාට පුළුවන්.—ෆිලිප්පි 4:6, 7. 
- හොඳ සිතුවිලිවලින් මනස පුරවගන්න. “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයකි. නමුත් බිඳුණු සිතක් ඇට වියළවයි” කියලා බයිබලේ කියනවා. (හිතෝපදේශ 17:22) විහිළුතහළු කරලා සතුටින් ඉන්න උත්සාහ කරන්න. ඒකෙන් ඔයාගේ දුක තුනී වෙනවා විතරක් නෙමෙයි ඒක ඔයාගේ සෞඛ්‍යයටත් හොඳයි. 
- දෙවිගේ පොරොන්දු ගැන ඔයාගේ විශ්වාසය වැඩි කරගන්න. ඔයාට බරපතළ අසනීපයක් තිබුණත් ඔයාගේ සතුට නැති කරගන්නේ නැතුව ඉන්න එතකොට ඔයාට පුළුවන්. (රෝම 12:12) ‘කිසිවෙකුවත්, “මා ලෙඩින්” යයි පවසන්නේ නැති’ කාලයක් අනාගතේදී එනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 33:24) එදාට දෙවියන් බරපතළ අසනීප ඇතුළු හැම අසනීපයක්ම සුව කරනවා. වෛද්‍ය විද්‍යාවෙන් කරන්න බැරි දේවල් එදාට දෙවියන් කරනවා. උදාහරණෙකට, මහලු අබලදුබල අය ආපහු යෞවන, නිරෝගී අය වෙනවා. ඒ ගැන බයිබලේ තියෙන පොරොන්දුව මේකයි. “ඔහුගේ සම දරුවෙකුගේ සමට වඩා මෘදු වන්නේය. ඔහු නැවත තරුණ වියට පැමිණෙන්නේය.”—යෝබ් 33:25. 
සැලකිල්ලට ගන්න: බරපතළ අසනීපයකින් පෙළෙද්දී යෙහෝවා දෙවිගෙන් ලැබෙන සහනය ගොඩක් වටිනවා. හැබැයි බරපතළ රෝගවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාරත් ලබාගන්නවා. (මාක් 2:17) මොන වගේ ප්‍රතිකාර ලබාගන්න ඕනෙද කියලා අපි නිර්දේශ කරන්නේ නැහැ. ඒක කෙනෙක් ගන්න ඕන පෞද්ගලික තීරණයක්.