ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 41 ලිපිය
  • රුධිරය ශරීරගත කිරීම වැරදිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රුධිරය ශරීරගත කිරීම වැරදිද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • රුධිරය සමඟින් ජීවිතය බේරා ගැනීම—කෙසේ ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිතය අනර්ඝ දෙයක් ලෙස සලකන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • රුධිරය—ජීවිතය සඳහා අත්‍යවශ්‍යයි
    ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද?
  • ඔබේ ජීවිතය නමැති ත්‍යාගය නිසි ලෙස අගය කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 41 ලිපිය

රුධිරය ශරීරගත කිරීම වැරදිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

රුධිරයෙන් වැළකී සිටින්න කියලා බයිබලේ පැහැදිලිවම පවසලා තියෙනවා. ඒ නිසා රුධිරය හෝ රුධිරයේ ප්‍රධාන කොටස් කොයිම ආකාරයකින්වත් ශරීරගත කරන එක වැරදියි. ඒ වගේම රුධිරය ආහාරයට ගන්න එකත් වැරදියි. රුධිරය සම්බන්ධයෙන් බයිබලේ දීලා තියෙන මේ ආඥා කීපය බලන්න:

  • උත්පත්ති 9:4. ජලගැල්මෙන් පස්සේ දෙවියන් නෝවාට හා එයාගේ පවුලේ අයට මස් කන්න අවසර දුන්නා. “නමුත් ජීවය වන ලේ සමඟ ඔබ මස් නොකෑ යුතුයි” කියලා දෙවියන් අණ කළා. අපි හැමෝම නෝවාගෙන් පැවත එන අය නිසා ඒ ආඥාව අපිටත් අදාළ වෙනවා.

  • ලෙවී කතාව 17:14. දෙවියන් රුධිරය සලකන්නේ ජීවය හැටියටයි. ජීවය අයිති දෙවිටයි. ඔහු මේ වගේ ආඥාවක් දුන්නේ ඒ නිසයි. “මොනම සතෙකුගේවත් ලේ නොකන්න. මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය. එබැවින් ලේ අනුභව කරන කවරෙකු නමුත් මරා දමනු ලබන්නේය.” දෙවියන් ඒ ආඥාව දුන්නේ ඊශ්‍රායෙල් සෙනඟට වුණත් රුධිරය ආහාරයට ගන්න එක ඔහු කොච්චර බැරෑරුම් දෙයක් විදිහට සලකනවද කියලා ඒකෙන් පැහැදිලියි.

  • ක්‍රියා 15:20. ‘ලේවලින් වැළකී සිටින්න.’ දෙවියන් නෝවාට දීපු ආඥාවම යේසුස්ගේ මුල් අනුගාමිකයන්ටත් දුන්නා. මුල් සියවසේ හිටපු ඒ ක්‍රිස්තියානීන් වෛද්‍ය හේතුවකටවත් රුධිරය ගත්තේ නැහැ කියලා ඉතිහාස වාර්තාවලින් පැහැදිලි වෙනවා.

රුධිරයෙන් වළකින්න කියලා දෙවියන් අපිට ආඥා කරලා තියෙන්නේ ඇයි?

රුධිරයෙන් වළකින එක ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නත් හේතු වෙනවා. හැබැයි රුධිරයෙන් වළකින්න ඕන ඒ නිසාම නෙමෙයි, රුධිරයෙන් වළකින්න කියලා දෙවියන් ආඥා කරලා තියෙන නිසයි. දෙවියන් ඒ ආඥාව දීලා තියෙන්නේ රුධිරයෙන් නියෝජනය වෙන දේ දෙවිට ඉතා පරිශුද්ධ නිසයි.—ලෙවී කතාව 17:11; කොලොස්සි 1:20.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න