ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 15 ලිපිය
  • මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පෙනුම ගැන ඔයා ඕනෑවට වඩා හිතනවද කියලා දැනගන්න මේවාට උත්තර දෙන්න:
  • ‘මම කැතයි කියලා මට හිතෙන්නේ ඇයි?’
  • ‘මගේ පෙනුම වෙනස් කරගන්න ඕනද?’
  • වෙනස් වෙන්න පුළුවන් හොඳම විදිහ!
  • මටත් ලස්සන වෙන්න බැරිද?
    යොවුන් සිතේ ගැටලු 10කට උත්තර
  • මටත් ලස්සන වෙන්න බැරිද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • මම බර අඩු කරගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • පටුන
    2013 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 15 ලිපිය

යොවුන් සිතේ ගැටලු

මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?

  • පෙනුම ගැන ඔයා ඕනෑවට වඩා හිතනවද කියලා දැනගන්න මේවාට උත්තර දෙන්න

  • මම කැතයි කියලා මට හිතෙන්නේ ඇයි?

  • මගේ පෙනුම වෙනස් කරගන්න ඕනද?

  • වෙනස් වෙන්න පුළුවන් හොඳම විදිහ!

  • ජූලියාගේ අද්දැකීම

පෙනුම ගැන ඔයා ඕනෑවට වඩා හිතනවද කියලා දැනගන්න මේවාට උත්තර දෙන්න:

  1. ඔයාගේ පෙනුම ගැන ඔයාට හැඟෙන විදිහ හොඳටම විස්තර කරන්නේ කොයි එකෙන්ද?

    • මගේ පෙනුම ගැන මට පොඩ්ඩක්වත් සතුටු නැහැ.

    • මගේ පෙනුම ගැන මට ටිකක් විතර සතුටුයි.

    • මගේ පෙනුම ගැන මට හරිම සතුටුයි.

  2. ඔයාගේ පෙනුම සම්බන්ධයෙන් ඔයා සතුටු නැත්තේ කොයි දේවල් ගැනද?

    • උස

    • බර

    • ඇඟේ හැඩේ

    • කොණ්ඩේ

    • හමේ පාට

    • මාංස පේෂිවල ප්‍රමාණය

    • වෙන

  3. මේ වාක්‍යය සම්පූර්ණ කරන්න.

    මගේ පෙනුම ගැන මට අසතුටක් දැනෙන්නේ . . .

    • මගේ බර මනිද්දී.

    • කණ්ණාඩියෙන් මාවම බලද්දී.

    • අනිත් අය එක්ක මගේ පෙනුම සසඳද්දී (යාළුවන්, නළු නිළියන්, නිරූපණ ක්ෂේත්‍රයේ අය).

  4. මේ වාක්‍යය සම්පූර්ණ කරන්න.

    මං මගේ බර . . .

    • හැමදාම මනිනවා.

    • සතියකට සැරයක් මනිනවා.

    • දවස් කීපයකට සැරයක් මනිනවා.

  5. ඔයාගේ පෙනුම ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

    • මට හිතෙන්නේ මං කැතයි කියලා. (සෙරීනා මෙහෙම කියනවා. “කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලද්දී මට මාව පේන්නේ තඩි බතලියෙක් වගෙයි. ඇඟ අඩු කරගන්න හිතාගෙන මම බඩගින්නෙ ඉඳලත් තියෙනවා.”)

    • මගේ පෙනුම ගැන මං ඕනෑවට වඩා ළත වෙන්නේ නැහැ. (නටානියා මෙහෙම කියනවා. “අපේ පෙනුම ගැන අපි කැමති නැති මොකක් හරි දෙයක් තියෙනවා. සමහර දේවල් අපිට වෙනස් කරන්නත් බෑ. ඒ වගේ දෙයක් ගැන හිතහිත දුක් වෙන එක හරිම මෝඩ වැඩක්.”)

‘තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න’ කියලයි බයිබලේ උපදෙස් දීලා තියෙන්නේ. (රෝම 12:3) ඒකෙන් තේරෙනවා අපේ පෙනුම ගැන යම් දුරකට අපි සැලකිලිමත් වෙන එක වැරදි නැහැ කියලා. උදාහරණයකට අපි ඇඟපත හෝදන්නේ, දත් මදින්නේ අපේ පෙනුම ගැන යම් දුරකට හිතන නිසයි.

හැබැයි ඔයාගේ පෙනුම හරි නැහැ කියලා හිතලා ඔයා ඒ ගැන ඕනෑවට වඩා දුක් වෙනවද? ඔයාගේ පෙනුම ගැන ඔයාට එහෙම හිතෙන්නේ ඇයි කියලා තේරුම්ගත්තොත් ඒ හැඟීමෙන් ගොඩ එන්න ඔයාට පුළුවන්.

‘මම කැතයි කියලා මට හිතෙන්නේ ඇයි?’

ඒකට මේ හේතු බලපාන්න පුළුවන්:

  • ජනමාධ්‍යය. “ජනමාධ්‍යයෙන් පෙන්නන දේවල් නිසා අපිට හැඟෙන්නේ හරිම කෙට්ටුවට, හැම වෙලේම ඇහැට කනට පේන විදිහට හිටියොත් තමයි ලස්සන කියලා. අපිට ඒ මට්ටමට එන්න බැරි නම් අපි කැතයි කියලයි හිතෙන්නේ.”—කෙලී.

  • දෙමාපියන්. “මං දැකලා තියෙන දෙයක් තමයි අම්මලා ඕනෑවට වඩා එයාලගේ පෙනුම ගැන වධ වෙද්දී දුවලත් එයාලගේ පෙනුම ගැන ඕනෑවට වඩා හිතන්න පටන්ගන්නවා කියන එක. අනිත් අතට තාත්තලා පෙනුම ගැන වධ වෙද්දී පුතාලත් ඒකට පුරුදු වෙනවා.”—රීටා.

  • තමන්වම අඩු තක්සේරු කරගැනීම. “තමන් කැතයි කියලා හිතන අය නිතරම බලාපොරොත්තු වෙනවා අනිත් අය එයාලගේ පෙනුම ගැන මොකක් හරි හොඳ දෙයක් කියයි කියලා. එහෙම අයව ආශ්‍රය කරන එක ලේසි වැඩක් නෙමෙයි.”—ජෙඈන්.

ඔයාට හිතෙනවා නම් ඔයා කැතයි කියලා සමහරවිට ඔයා මෙහෙම කල්පනා කරනවා ඇති

‘මගේ පෙනුම වෙනස් කරගන්න ඕනද?’

යෞවනයන් කීපදෙනෙක් ඒ ගැන කිව්ව දේ බලන්න.

“ඔයාගේ පෙනුමේ ඔයා අකමැති හැම දෙයක්ම වෙනස් කරන්න ඔයාට බෑ. ඒ නිසා හොඳම දේ ඒ ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඒක ඔයාගේ පෙනුමේ හැටි කියලා පිළිගන්න එක. ඒ ගැන එච්චර වධ වෙන්නේ නැතුව ඉද්දී අනිත් අයටත් ඔයාට ඒ වගේ අඩුපාඩුවක් තියෙනවා කියලා එච්චර තේරෙන්නේ නැහැ.”—රොරී.

“නිරෝගීව ඉන්න කරන්න පුළුවන් දේවල් කරන්න. නිරෝගීව ඉද්දී කෙනෙක්ගේ පෙනුමත් ලස්සනයි. ඔයාගේ පෙනුම මොකක් වුණත් ඔයාට තියෙන හොඳ ගතිගුණ අගය කරන්න බැරි කෙනෙක් ඔයාගේ යාළුවෙක් වෙන්න බෑ.”—ඔලිවියා.

මේක මතක තියාගන්න: ඔයාගේ පෙනුම හොඳට තියාගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කරන්න. හැබැයි ඒ ගැන ඕනෑවට වඩා වධ වෙන්න එපා. පෙනුම ගැන ඕනෑවට වඩා හිතන එක අනතුරුදායකයි. (“ජූලියාගේ අද්දැකීම” බලන්න.)

ඔයාගේ පෙනුම හරි නැහැ කියලා නිතරම හිතනවා වෙනුවට පෙනුම ගැන සාධාරණව හිතන්න පුරුදු වුණොත් ඔයාට සතුටින් ඉන්න පුළුවන්. අවුරුදු 22ක් වයස එරීන් මෙහෙම කිව්වා. “මගේ පෙනුමේ සමහර දේවල්වලට මං කැමති නැහැ. හැබැයි ඒ ගැන හිතුවොත් තමයි මට දුකක් දැනෙන්නේ කියලා මං තේරුම්ගත්තා. ඒ නිසා මං දැන් ඒ ගැන හිතලා දුක් වෙන්නේ නෑ. ඒ වෙනුවට මම නිතිපතා ව්‍යායාම් කරනවා. පෝෂ්‍යදායි ආහාර ගන්නවා. ඒක හිතටත් හොඳයි, ගතටත් හොඳයි.”

වෙනස් වෙන්න පුළුවන් හොඳම විදිහ!

ඔයාගේ පෙනුම ගැන සාධාරණව හිතන්න පුරුදු වුණාම ඔයාට ඔයා ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා. එතකොට ඔයාගේ පෙනුමත් තව හොඳ වෙනවා. පෙනුම ගැන සාධාරණව හිතන්න බයිබලේ තියෙන මේ මඟ පෙන්වීම් ඔයාට උදව් වෙයි:

  • සෑහීමට පත් වෙන්න. “ඉටු කරගත නොහැකි ආශාවන් පසුපස හඹා යනවාට වඩා තමා සතු දෙයින් සෑහීමට පත් වීම හොඳය. මන්ද එයත් සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.”—දේශනාකාරයා 6:9.

  • ව්‍යායාම් සමබරව කරන්න. “ක්‍රීඩකයෙකු පුහුණු වීම් කටයුතුවල යෙදුණත් ඔහුට එයින් ලැබෙන ප්‍රයෝජන අල්පය.”—1 තිමෝති 4:8.

  • හොඳ ගතිගුණ වර්ධනය කරගන්න. “මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”—1 සාමුවෙල් 16:7.

“පෙනුම ගැන කෙනෙක්ට හැඟෙන විදිහ එයාගේ මූණෙන් පේනවා. කෙනෙක් එයාගේ පෙනුම ගැන සෑහීමට පත් වෙනවා නම්, ඒ ගැන සතුටු වෙනවා නම් අනිත් අය ඒක දකිනවා. එහෙම කෙනෙක්ට හැමෝම කැමතියි.”—සාරා.

“කෙනෙක් ලස්සන නම් අනිත් අයගේ අවධානය එයාට ලැබෙනවා තමයි. හැබැයි වැඩිදෙනෙක්ට මතක තියෙන්නේ කෙනෙක්ගේ පෙනුමට වඩා කෙනෙක් තුළ තියෙන හොඳ ගතිගුණයි.”—ෆිලීෂියා.

හිතෝපදේශ 11:22; කොලොස්සි 3:10, 12; 1 පේතෘස් 3:3, 4 බලන්න.

ජූලියාගේ අද්දැකීම

අවුරුදු 16ක් වෙන කොට මට මගේ බර හරි ප්‍රශ්නයක් වුණා. මගේ බර කවදාවත් නියමිත ප්‍රමාණයට වඩා වැඩි වෙලා නැති වුණාට මට සිහින් සිරුරක් තිබුණේ නැහැ. මං හිතුවේ ටිකක් කෙට්ටු වුණොත් පිරිමි ළමයි මට කැමති වෙයි කියලයි. ඇඟ කෙට්ටු කරගන්න ඕන නිසා මම කන්නේ නැතුව බඩගින්නේ හිටියා.

ඇඟ නම් කෙට්ටු වුණා තමයි ඒත් අන්තිමේදී මං ලෙඩෙක් වුණා. කොහොම කොහොම හරි ලෙඩවලට නම් බෙහෙත් කළා. ඒ වුණත් මගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම හරි ගියේ නැහැ. අදටත් මට කෑමවලට ඒ තරම් රුචියක් නෑ. මගේ පෙනුම ගැන සෑහීමට පත් වෙන්න මං ටිකෙන් ටික ඉගෙනගත්තා. මං පෝෂ්‍යදායි කෑම කනවා. ව්‍යායාම් කරනවා. හැබැයි සමහර වෙලාවට මට මාත් එක්කම කේන්ති ගියාම කන්නේ නැතුව ඉඳලා මගෙන් පළිගන්න මං ඉබේම වගේ පෙලඹෙනවා.

හැම කෙනෙක්ටම පෙනුම ගැන එක එක මත තියෙනවා කියලා කවදාවත් අමතක කරන්න එපා. ඔයාගේ පෙනුම මොන වගේ වුණත් සමහර අය හිතයි ඔයා ලස්සනයි කියලා. හැබැයි තවත් කට්ටියක් හිතයි ඔයා කැතයි කියලා. අනිත් අය ඔයා ගැන මොනවා හිතුවත් වැදගත් වෙන්නේ නිරෝගීව ඉන්න එකයි. ඔයාට ඇත්තටම ආදරේ කරන අයත් ආස ඔයා නිරෝගීව ඉන්නවා දකින්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න