ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 52 ලිපිය
  • ජීවිතේ හරය මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතේ හරය මොකක්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • දෙවියන්ට ඕනෙ වුණේ මිනිස්සුන්ට මොන වගේ ජීවිතයක් දෙන්නද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • 1වන ප්‍රශ්නය: මගේ ජීවිතයට අරමුණක් තියෙනවාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ අරුතක් ජීවිතයට ලැබෙන්නේ කුමකින්ද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 52 ලිපිය

ජීවිතේ හරය මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

ජීවිතේ අරමුණ නැත්නම් හරය මොකක්ද කියලා හුඟක් අය කල්පනා කරනවා. බයිබලේ සරලව කියන්නේ අපේ ජීවිතේ අරමුණ වෙන්න ඕනේ සැබෑ දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගැනීම කියලයි. ඒකට හේතු කීපයක් බලන්න.

  • දෙවියන් තමයි අපේ නිර්මාතෘ. “අපි අපවම නිර්මාණය කර නොගත්තෙමු. අපේ නිර්මාතෘ ඔහුය [දෙවිය]” කියලා බයිබලේ සඳහන් වෙනවා.—ගීතාවලිය 100:3; එළිදරව් 4:11.

  • දෙවියන් සෑම දෙයක්ම නිර්මාණය කළේ අරමුණක් ඇතුවයි. ඒ නිසා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළෙත් අරමුණක් ඇතුව කියලා කියන්න පුළුවන්.—යෙසායා 45:18.

  • දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ “දෙවිගේ මඟ පෙන්වීම්” ලබාගැනීමේ අවශ්‍යතාව ඇතුවයි. (මතෙව් 5:3) අපි දෙවිගේ මඟ පෙන්වීම් ලබාගෙන ජීවිතේ හරය මොකක්ද කියලා තේරුම්ගන්නවට දෙවියන් කැමතියි.—ගීතාවලිය 145:16.

  • දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන් විදිහක් තමයි දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න එක. සමහරු හිතන්නේ දෙවිගේ මිතුරෙක් වෙන එක අපිට කරන්න බැරි දෙයක් කියලයි. හැබැයි බයිබලේ මෙහෙම කියනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8; 2:23.

  • දෙවිගේ මිතුරෙක් වෙන්න නම් දෙවියන් අපිව නිර්මාණය කළේ ඇයි කියලා තේරුම් අරං ඒ අරමුණට එකඟව අපි ජීවත් වෙන්න ඕන. අපි කරන්න ඕන දේ බයිබලේ මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. “සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.”—දේශනාකාරයා 12:13.

  • ඉදිරියේදී දෙවියන් මේ පොළොවේ තියෙන හැම දුක් වේදනාවක්ම නැති කරලා ඔහුට නමස්කාර කරන අයට සදහටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ මොන වගේ ජීවිතයක් ගත කරන්නද කියලා එදාට අපිට හොඳින් තේරුම්ගන්න පුළුවන් වෙයි.—ගීතාවලිය 37:10, 11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න