ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 32 ලිපිය
  • හොඳ පුරුදු අත්‍යවශ්‍යද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳ පුරුදු අත්‍යවශ්‍යද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හොඳ පුරුදු ඇති කරගන්න ඕන ඇයි?
  • දියුණු වෙන්න පුළුවන් කොහොමද?
  • ආචාර සම්පන්න පුරුදු—දේවභක්තික ජනයාගේ ලක්ෂණයකි
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • හොඳ පුරුදු දෙවිට ගෞරවය ගෙන දෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මෙසේජ් යවන්නත් වෙලාවක් කලාවක් තියෙනවාද?
    2014 පිබිදෙව්!
  • ඔබේ දූරකථන පුරුදු ගැන කුමක් කිව හැකිද?
    1996 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 32 ලිපිය
වයසක කාන්තාවක්ගේ බඩු මල්ල ගෙනියන්න උදව් කරන යෞවනයෙක්

යොවුන් සිතේ ගැටලු

හොඳ පුරුදු අත්‍යවශ්‍යද?

‘මට කවුරුත් ගුඩ් මෝනිං කියන්නේ නැත්නම් මම මොකටද කාටවත් ගුඩ් මෝනිං කියන්නේ?’

‘“ප්ලීස්,” “එක්ස්කියුස් මී,” “තැන්කියූ,” “ස්තුතියි” කියකිය ඉන්නවාට වඩා ජීවිතේ තව කොච්චර වැදගත් දේවල් නම් තියෙනවාද?’

‘“ප්ලීස්” “තැන්කියූ” වගේ දේවල් මගේ සහෝදර සහෝදරියන්ට කියන්න ඕනෙ නෑ. මොකද එයාලා පවුලේ අයනේ.’

ඔයාත් ඒ වගේ හිතන කෙනෙක්ද? එහෙම හිතන්නේ හොඳ පුරුදුවලින් ලැබෙන ප්‍රයෝජන දන්නේ නැති හින්දා වෙන්න පුළුවන්.

  • හොඳ පුරුදු ඇති කරගන්න ඕන ඇයි?

  • දියුණු වෙන්න පුළුවන් කොහොමද?

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

හොඳ පුරුදු ඇති කරගන්න ඕන ඇයි?

හොඳ පුරුදු ඔයාට ප්‍රයෝජනවත් වෙන පැති තුනක්:

  1. ඔයාගේ නමට බලපානවා. ඔයා අනිත් අයට සලකන විදිහෙන් ඔයාගේ නමට ගෞරවයක් හරි කැළලක් හරි ඇති වෙන්න පුළුවන්. ඔයාට හොඳ පුරුදු තියෙනවා නම් ඔයා දැනුම් තේරුම් තියෙන වගකීමෙන් වැඩ කරන කෙනෙක් හැටියටයි අනිත් අය ඔයාව දකින්නේ. ඔයා අනිත් අයට සලකන විදිහටයි අනිත් අයත් ඔයාට සලකන්නේ. ඒත් ඔයා අකාරුණික, ගරුසරු නැති කෙනෙක් නම් අනිත් අය හිතන්නේ ඔයා, ඔයා ගැනම විතරක් හිතන කෙනෙක් කියලයි. ඔයා ඒ වගේ නමක් ඇති කරගත්තොත් ඔයාට ජීවිතේ හුඟක් දේවල්, සමහරවිට රැකියා අවස්ථා පවා නැති වෙන්න පුළුවන්. බයිබලයෙත් කියන්නේ “කෲර තැනැත්තා තමා පිටට බොහෝ දුක් කරදර ගෙනෙයි” කියලයි.—හිතෝපදේශ 11:17.

  2. ඔයාගේ මිත්‍රත්වයන්වලට බලපානවා. “ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි” කියලා බයිබලයේ කියනවා. (කොලොස්සි 3:14) මිත්‍රත්වයන් දිගටම තියාගන්න නම් ඒ ගුණාංගය තියෙන්න ඕනේ. හොඳ පුරුදු තියෙන, අනිත් අයට හොඳින් සලකන අය එක්ක මිතුරු වෙන්න කවුරුත් කැමතියි. ඒත් අකාරුණික, ගරුසරු නැති අය එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න කවුද කැමති?

  3. අනිත් අය ඔයාට සලකන්නේ කොහොමද කියන එකට බලපානවා. “ඔයා හැම තිස්සෙම අනිත් අයට කරුණාවන්තව සලකන කෙනෙක් නම්, හුඟක් නපුරු කෙනෙක් වුණත් කාලයක් යද්දී ඔයාට හොඳින් සලකන්න පටන්ගනියි” කියලා තරුණියක් වන ජෙනිෆ කියනවා. හැබැයි ඔයා නපුරු වෙනවා නම් ඔයාටත් ලැබෙන්නේ ඒ වගේ සැලකිල්ලක්මයි. බයිබලයේ මෙහෙම කියනවා. ‘ඔබට මැන දෙනු ලබන්නේ ඔබ මනින මිම්මෙන්මයි.’—මතෙව් 7:2.

මේක මතක තියාගන්න: අපිට හැම දවසකම අනිත් අයව ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ඔයා අනිත් අය එක්ක කටයුතු කරන විදිහ අනිත් අය ඔයා ගැන හිතන විදිහටත් ඔයාට සලකන විදිහටත් බලපානවා. කොටින්ම කියනවා නම් හොඳ පුරුදු අත්‍යවශ්‍යයි.

දියුණු වෙන්න පුළුවන් කොහොමද?

  1. හොඳ පුරුදු තියෙනවද කියලා හිතලා බලන්න. ‘මම වැඩිහිටියන්ට කතා කරන්නේ ගෞරවය දීලාද? මම “ප්ලීස්” “තැන්කියූ” වගේ දේවල් නිතරම කියන්න පුරුදු වෙලා තියෙනවාද? මම අනිත් අය එක්ක කතා කරන ගමන් වෙන දේකට අවධානය දෙනවාද? උදාහරණයකට SMS පණිවිඩ කියවනවාද? මම මගේ දෙමව්පියන්ටයි සහෝදර සහෝදරියන්ටයි ගෞරවයෙන් සලකනවාද? නැත්නම් “එයාලා පවුලේ අයනේ” කියලා එහෙම නොකර ඉන්නවාද?’

    බයිබලේ දෙන උපදෙස: “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10.

  2. දියුණු වෙන්න ඕන පැති ගැන හිතන්න. ඔයාට දියුණු වෙන්න පුළුවන් පැති තුනක් ගැන හිතන්න. උදාහරණයකට අවුරුදු 15ක යෞවනියක් වන ඇලිසන් කියන්නේ “මට ඕන වැඩියෙන් කතා කරන කෙනෙක් වෙනවාට වඩා හොඳින් සවන් දෙන කෙනෙක් වෙන්න” කියලයි. වයස අවුරුදු 19ක් වන ඩේවිඩ් කිව්වේ පවුලේ අය එක්කයි යාළුවෝ එක්කයි ඉන්නකොට SMS පණිවිඩ යවන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන කියලයි. ඔහු කිව්වේ “මම එයාලා එක්ක කතා කරද්දී එහෙම කරනවා නම් ඒකෙන් පෙන්නන්නේ මට එයාලා එක්ක කතා කරනවාට වඩා වෙන කෙනෙක් එක්ක කතා කරන එක වටිනවා” කියලයි. වයස අවුරුදු 17ක් වන එඩ්වර්ඩ් කිව්වේ අනිත් අය කතා කරද්දී මැද්දට පැනලා කතා නොකර ඉන්න ඉගෙනගන්න ඕන කියලයි. කලින් සඳහන් කරපු ජෙනිෆ වැඩිහිටියන් එක්ක කතා කරද්දී හොඳ පුරුදු ඇති කරගන්න තීරණය කළා. “මම සාමාන්‍යයෙන් වැඩිහිටියන්ව හම්බුණාම ඉක්මනට ‘කොහොමද’ කියලා අහලා එතනින් මාරු වෙලා මගේ යාළුවෝ හොයාගෙන යනවා. ඒත් දැන් මම ඒ අය එක්ක කතා කරලා දැන හඳුන ගන්න උත්සාහ කරන නිසා මගේ හොඳ පුරුදු තව වැඩි කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා” කියලා ජෙනිෆ කිව්වා.

    බයිබලේ දෙන උපදෙස: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.

  3. ඔයාගේ ඉලක්ක අත් කරගන්න පුළුවන් වුණාද කියලා බලන්න. ඔයා දියුණු වෙන්න ඕන පැති ගැන මාසයක් තුළදී ක්‍රියා කෙරුවේ කොහොමද කියලා බලන්න. මාසේ අන්තිමට ‘ඒ හොඳ පුරුදු දියුණු කරගත්ත නිසා මම වඩාත් හොඳ කෙනෙක් වෙලාද, මම තවත් දියුණු වෙන්න ඕන පැති තියෙනවාද’ කියලා ඔයාගෙන්ම අහගන්න. ඊටපස්සේ දියුණු වෙන්න ඕන වෙනත් පැති ගැන හිතන්න.

    බයිබලේ දෙන උපදෙස: “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.”—ලූක් 6:31.

මේක දැනගෙන හිටියාද? එක රටක හොඳ පුරුද්දක් කියලා සලකන දෙයක් තවත් රටක නරක පුරුද්දක් වෙන්න පුළුවන්. උදාහරණයකට ජපානයේ අය ගෙයකට ඇතුල් වෙනකොට පාවහන් ගලවන එක හොඳ පුරුද්දක් හැටියටයි සලකන්නේ. ඒත් සමහර රටවල එහෙම කරන එක නරක පුරුද්දක්. ඔයා ජීවත් වෙන රටේ හොඳ පුරුදු හැටියට සලකන්නේ මොනවාද?

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

සෙලේනා

සෙලේනා

“ඔයාට හොඳ පුරුදු තියෙනවා නම් අනිත් අය ඉස්සෙල්ලාම දකින්නේ ඒවායි. ඒ අය ඒක අගය කරයි. ඒ වගේම ඔයා හරි දේ කරනවා කියලා ඔයාට දැනෙද්දී ඔයාටත් සතුටක් ලැබෙයි.”

මේගන්

මේගන්

“ඔයාට හොඳ පුරුදු නැත්නම් ඔයාව අනිත් අය වැදගත් කෙනෙක් කියලා සලකන්නේ නැහැ. ඒත් ඔයා අනිත් අයට හොඳින් සලකනවා නම් ඒ අයත් ඔයාට ඒ විදිහටම සලකයි.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න