ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 87 ලිපිය
  • ක්‍රිස්තු විරෝධීන් කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්‍රිස්තු විරෝධීන් කවුද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • ක්‍රිස්තු විරෝධීන්ව හඳුනගන්නේ කොහොමද?
  • අන්ත ක්‍රිස්තුස් කියන්නේ කාටද?
    2001 පිබිදෙව්!
  • ක්‍රිස්තු විරෝධීන් කවුද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තු-විරෝධියා එළිදරව් වෙයි
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ක්‍රිස්තු-විරෝධියාව නිවැරදිව හඳුනාගන්න අවශ්‍ය ඇයි?
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 87 ලිපිය
රූපවාහිනිය හරහා දේශනා කරන කෙනෙක්

ක්‍රිස්තු විරෝධීන් කවුද?

බයිබලයේ ඒ ගැන කියන දේ

බයිබලයේ කියන්නේ ‘ක්‍රිස්තු-විරෝධීන් බොහෝදෙනෙක්’ ඉන්නවා කියලයි. (1 යොහන් 2:18) “ක්‍රිස්තු විරෝධි” කියන යෙදුම එක පුද්ගලයෙක්ටවත් එක සංවිධානයකටවත් සීමා වුණ දෙයක් නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ “ක්‍රිස්තුස්ට විරුද්ධ වෙනවා නැත්නම් ක්‍රිස්තුස් හැටියට පෙනී ඉන්නවා” කියන එකයි. ඒ වගේ අය . . .

  • යේසුස්ව ක්‍රිස්තුස් (ගැලවුම්කරු) හැටියටත් දෙවියන්ගේ පුත්‍රයා හැටියටත් පිළිගන්නේ නැහැ.—1 යොහන් 2:22.

  • දෙවියන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන ක්‍රිස්තුස්ට විරුද්ධ වෙනවා.—ගීතාවලිය 2:1, 2; ලූක් 11:23.

  • ක්‍රිස්තුස් හැටියට පෙනී ඉන්නවා.—මතෙව් 24:24.

  • යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා කරනවා. ඔවුන්ට පීඩා කරන එක යේසුස් සැලකුවේ තමන්ට පීඩා කරනවා හා සමානයි කියලා.—ක්‍රියා 9:5.

  • තමන් ක්‍රිස්තියානීන් කියලා කියාගත්තත් අධර්මිෂ්ඨ ක්‍රියා කරනවා. නැත්නම් අනුන්ව නොමඟ යවනවා.—මතෙව් 7:22, 23; 2 කොරින්ති 11:13.

ක්‍රිස්තුස්ට විරුද්ධ වෙන එක් එක් පුද්ගලයා ගැන සඳහන් කරනවා වෙනුවට බයිබලයේ “ක්‍රිස්තු-විරෝධීන්” කියලා සමූහයක් හැටියට පෙන්වලා තියෙනවා. (2 යොහන් 7) ක්‍රිස්තු විරෝධීන් මුලින්ම බිහි වුණේ යේසුස්ගේ නියෝජිතයන්ගේ කාලයේදියි. අදත් ඒ අය ඉන්නවා. ඒ වගේ අය එයි කියලා බයිබලයේ කියලා තිබුණා.—1 යොහන් 4:3.

ක්‍රිස්තු විරෝධීන්ව හඳුනගන්නේ කොහොමද?

  • ඔවුන් යේසුස් ගැන බොරු අදහස් පතුරුවනවා. (මතෙව් 24:9, 11) උදාහරණෙකට, ත්‍රිත්වය ගැනත් යේසුස් සියලු බලැති දෙවියන් කියලත් උගන්වනවා. ඔවුන්ගේ ඉගැන්වීම් යේසුස්ගේ ඉගැන්වීම්වලට පටහැනියි. යේසුස් කිව්වේ “පියාණන් මට වඩා උතුම්” කියලයි.—යොහන් 14:28.

  • ක්‍රිස්තු විරෝධීන් දේවරාජ්‍යය ගැන යේසුස් කිව්ව දේවල් ප්‍රතික්ෂේප කරනවා. උදාහරණෙකට, සමහර ආගමික නායකයන් කියනවා යේසුස් මේ පොළොව පාලනය කරන්නේ මනුෂ්‍ය ආණ්ඩු තුළින් කියලා. ඒත් යේසුස් කිව්වේ “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ” කියලයි.—යොහන් 18:36.

  • ඔවුන් යේසුස්ට ඔවුන්ගේ ස්වාමීන් කියලා කිව්වත් ඔහුගේ ආඥාවලට කීකරු වෙන්නේ නැහැ. ඒකට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න කියන ආඥාවත් ඇතුළත්.—මතෙව් 28:19, 20; ලූක් 6:46; ක්‍රියා 10:42.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න