ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 102 ලිපිය
  • සූදුවේ යෙදෙන එක වැරදියිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සූදුවේ යෙදෙන එක වැරදියිද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • සූදුව ක්‍රිස්තියානීන්ට සුදුසුද?
    1994 පිබිදෙව්!
  • සූදුවේ ඇති වරද මොකක්ද?
    2002 පිබිදෙව්!
  • නවක සූදු බැඳුම්කරුවෝ යෞවනයෝ!
    1995 පිබිදෙව්!
  • සූදුව නමැති මලපතෙන් වැළකෙන්න
    2002 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 102 ලිපිය
තමන් ගත්ත ලොතරැයියක ප්‍රතිඵල දැනගන්න කෙනෙක් ටී.වී. බලනවා

සූදුවේ යෙදෙන එක වැරදියිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

බයිබලයේ සූදුව ගැන හුඟක් විස්තර සඳහන් වෙලා නැහැ. ඒත් සූදුවේ නියැලෙන එක ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න පුළුවන් ප්‍රතිපත්ති ගණනාවක්ම බයිබලයේ සඳහන් වෙනවා.—එෆීස 5:17.a

  • සූදුවේ නියැලෙන අය සල්ලිවලට කෑදරයි. ඒකට දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. (1 කොරින්ති 6:9, 10; එෆීස 5:3, 5) එයාලා බලන්නේ අනිත් අයව පරද්දලා ඒ අයගේ සල්ලි තමන්ට අයිති කරගන්න. ඒත් බයිබලයේ කියන්නේ අනිත් අයට අයිති දේවල් තමන්ට අයිති කරගන්න ආස වෙන්න එපා කියලයි.—නික්මයාම 20:17; රෝම 7:7; 13:9, 10.

  • පොඩි ගාණකට හරි සූදුවේ නියැලුණත් ඒකෙන් සල්ලිවලට ලොකු ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඒක හරිම භයානකයි.—1 තිමෝති 6:9, 10.

  • වාසනාව නිසා හරි ගුප්ත බලවේගයක් නිසා හරි ජය ලැබෙනවා කියලා සූදුවේ යෙදෙන ගොඩක් අය විශ්වාස කරනවා. ඒත් දෙවියන් ඒක දකින්නේ රූප නමස්කාරය තරම් බරපතළ වරදක් විදිහටයි.—යෙසායා 65:11.

  • සූදුවේ නියැලෙන අය උත්සාහ කරන්නේ පොඩි ගාණක් යොදවලා ලොකු ගාණක් දිනාගන්න. නමුත් බයිබලයේ කියන්නේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න කියලයි. (දේශනාකාරයා 2:24; එෆීස 4:28) ඒ උපදෙස අදාළ කරගන්න අය ‘තමාගේ වෙහෙස මහන්සියෙන් උපයාගත් දෙයින් තම කුසගින්න නිවාගන්නවා.’—2 තෙසලෝනික 3:10, 12.

  • සූදුවේ යෙදෙන අය අතරේ තියෙන්නේ තරඟකාරිත්වයක්. බයිබලයේ කියන්නේ අපි තරඟකාරී ස්වභාවයෙන් වැළකෙන්න ඕනෙ කියලයි.—ගලාති 5:26.

a බයිබලයේ සූදුව ගැන කෙළින්ම කතා කරන්නේ රෝම සොල්දාදුවන් යේසුස්ගේ ඇඳුම් බෙදාගන්න ‘දාදු දැමූ’ අවස්ථාව ගැන සඳහන් කරද්දියි.—මතෙව් 27:35; යොහන් 19:23, 24.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න