ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 114 ලිපිය
  • “මරණීය පාප හතක්” තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මරණීය පාප හතක්” තියෙනවාද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • පාපය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • “සමාව දීමට සූදානම්” දෙවි කෙනෙක්
    යෙහෝවාට ළං වන්න
  • පව් හෙළි කළ යුත්තේ ඇයි?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාපය ගැන මිනිසුන් දරන ආකල්ප
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 114 ලිපිය
කලකිරීමට පත් වෙලා ඉන්න මිනිසෙක්

“මරණීය පාප හතක්” තියෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

බයිබලයේ “මරණීය පාප හතක්” ගැන විශේෂයෙන් සඳහන් කරලා නැහැ. ඒත් කෙනෙක් දිගටම බරපතළ පාපයක් කරනවා නම් එයාට සදාකාල ජීවිතය අහිමි වෙනවා කියලා බයිබලයේ කියනවා. උදාහරණයකට “පව්කාර ආශාවන්” වන වේශ්‍යාකම, රූප වන්දනාව, භූතවාදය, හදිසි කෝපය සහ බේබදුකම වගේ බරපතළ පාප කරන අයට ‘දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ’ කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ගලාති 5:19-21.a

බයිබලයේ දෙවියන් පිළිකුල් කරන පාප හතක් ගැන සඳහන් වෙනවා නේද?

ඔව්. බයිබලයේ හිතෝපදේශ 6:16 මෙහෙම සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි ද්වේෂ කරන දේවල් හයක් තිබේ. එසේය, ඔහු පිළිකුල් කරන දේවල් හතක් ඇත.”b ඊළඟ පදවල ඒ හත මොනවාද කියලා සඳහන් වෙලා තියෙනවා. (හිතෝපදේශ 6:17-19) ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දෙවියන් පිළිකුල් කරන පාපවලට අයිති වෙන්නේ ඒවා විතරයි කියලා. ඒ පාප හතෙන් දෙවි අකමැති හැම පාපයක්ම නියෝජනය වෙනවා. ඒකට අපේ සිතුවිලිවලින්, වචනවලින් සහ ක්‍රියාවලින් කරන හැම වැරදි දෙයක්ම ඇතුළත් වෙනවා.

“මරණීය පාපයක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

1 යොහන් 5:16 පරිවර්තනය කරද්දී සමහර බයිබල්වල “මරණීය පාපයක්” කියන යෙදුම පාවිච්චි කරලා තියෙනවා. (The New American Bible) තවත් පරිවර්තනවල මේ යෙදුම “මරණය ලැබිය යුතු පාපයක්” කියලත් පරිවර්තනය කරලා තියෙනවා. “මරණය ලැබිය යුතු පාපයක්” කියන්නේ මොකක්ද?—1 යොහන් 5:16.

අපි පව්කාරයන් වුණත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට පාපයෙන් සහ මරණයෙන් ගැලවීම ලබාගන්න පුළුවන්. (රෝම 5:12; 6:23) ඒත් බයිබලයේ “මරණය ලැබිය යුතු පාපයක්” ගැන කතා කරනකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ වගේ පාපයක් කරන කෙනෙක්ට යේසුස්ගේ ජීවිත පූජාවෙන් සමාව ලැබෙන්නේ නැහැ කියන එකයි. මොකද ඒ කෙනා මුරණ්ඩු විදිහට තම සිතුවිලි සහ හැසිරීම වෙනස් කරගන්නේ නැතුව දිගින් දිගටම වැරදි දේ කරනවා. ඒ වගේ වැරදි කරන කෙනෙක්ට “කිසි සමාවක් නැහැ” කියලා බයිබලයේ සඳහන් වෙනවා.—මතෙව් 12:31; ලූක් 12:10.

මරණීය පාප හත ගැන ඉගැන්වීම ආවේ කොහෙන්ද?

“මරණීය පාප හතක්” තියෙනවා කියන ඉගැන්වීමට මුල් වුණේ වැරදි ක්‍රියාවලට මඟ පාදන පාප අටක් ඇතුළත් ලැයිස්තුවක්. මේ ලැයිස්තුව හඳුන්වා දුන්නේ හතරවෙනි සියවසේ හිටිය එවග්‍රියස් පොන්ටිකස් කියන පූජකයායි. ඔහුගේ මෙම ඉගැන්වීම පූජක ජෝන් කැසියන් තමන්ගේ ලේඛනවලත් සඳහන් කරලා තියෙනවා. හයවන සියවසේදී මේ ලැයිස්තුව පළවෙනි ග්‍රෙගරි පාප්වරයා “මරණීය පාප හතක්” හැටියට වෙනස් කෙරුවා. ඒ වගේම එය රෝමානු කතෝලික පල්ලියේ ඉගැන්වීමක් විදිහටත් හඳුන්වලා දුන්නා. ඔහුගේ ලැයිස්තුවට අනුව ඒ පාප හත නම් උඩඟුකම, තණ්හාව, කාම ආශාව, ඊර්ෂ්‍යාව, කෑදරකම, කෝපය සහ අලසකමයි. ග්‍රෙගරි පාප්වරයා මේ පාප හඳුන්වලා දුන්නේ අනිත් හැම පාපයකටම මුල් වෙන බරපතළ පාප ලෙසයි.

a බරපතළ පාප හැටියට ගණන් ගැනෙන්නේ ගලාති 5:19-21 සඳහන් වෙන පාප 15 විතරක් නෙමෙයි. මොකද ඒ පාප සඳහන් කරාට පස්සේ “යනාදි දේවල්” කියලා සඳහන් වෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒ පාප 15ට ඇතුළත් නැති දෙවියන් අකමැති බරපතළ පාප තවත් තියෙනවා කියලයි.

b ඉලක්කමක් සඳහන් කරලා ඊටපස්සේ පළවෙනි ඉලක්කමට වඩා වෙනස් ඉලක්කමක් සඳහන් කරන එක හෙබ්‍රෙව් භාෂාවේ දේවල් ලියද්දී පාවිච්චි කරපු ක්‍රමයක්. ඒකේ අරමුණ දෙවෙනියට සඳහන් ඉලක්කමේ වැදගත්කම කාවැද්දවීමයි. හිතෝපදේශ 6:16 වගේම තවත් බයිබල් පදවලත් මේ ක්‍රමය දකින්න පුළුවන්.—යෝබ් 5:19.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න