ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 62 ලිපිය
  • අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕනෙ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕනෙ ඇයි?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕනෙ ඇයි?
  • අභියෝග මොනවාද?
  • ලැබෙන ප්‍රයෝජන මොනවාද?
  • අලුත් භාෂාවක් ඉගෙනගනිමු!
    2007 පිබිදෙව්!
  • ඔබ අලුත් භාෂාවක් ඉගෙනගන්න කැමතිද?
    2000 පිබිදෙව්!
  • විදේශීය භාෂාවකින් රැස්වීම් පවත්වන සභාවක සේවය කිරීම
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “පවිත්‍ර භාෂාව” කතා කරන්න ඔබට පුළුවන්ද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 62 ලිපිය
අලුත් භාෂාවක් ඉගෙනගන්න කෙනෙක්

යොවුන් සිතේ ගැටලු

අලුත් භාෂාවක් ඉගෙනගන්න එකේ සතුට ඔයාත් අත්විඳින්න

අලුත් භාෂාවක් ඉගෙනගන්න එක ලේසි නැහැ. මොකද ඒකට ගොඩක් කැප කිරීම් කරන්න ඕනේ. හැබැයි ඒකෙන් පාඩුවක් නම් වෙන්නේ නැහැ. අලුත් භාෂාවක් ඉගෙනගන්න එක අභියෝගයක් කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් මේ ලිපිය ඔයාට උදව් වෙයි.

  • අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕනෙ ඇයි?

  • අභියෝග මොනවාද?

  • ලැබෙන ප්‍රයෝජන මොනවාද?

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

අලුත් භාෂාවක් ඉගෙනගන්න ඕනෙ ඇයි?

සමහර අය අලුත් භාෂාවක් ඉගෙනගන්නේ ඒක ඉස්කෝලෙදී අනිවාර්ය දෙයක් නිසයි. ඊට අමතරව වෙන වෙන හේතු නිසා අලුත් භාෂාවක් ඉගෙනගන්න අයත් ඉන්නවා. මේ උදාහරණ බලන්න.

  • ඇනා ඕස්ට්‍රේලියාවේ ඉන්න යෞවනියක්. එයාගේ අම්මාගේ මව්භාෂාව තමයි ලැට්වියන් භාෂාව. ඇනා ඒ භාෂාව ඉගෙනගන්න ඕනෙ කියලා හිතුවා. එයා මෙහෙම කියනවා. “අපේ පවුලේ අය නිවාඩුවට ලැට්වියාවට යන්න හිතන් ඉන්නවා. මම ලැට්වියන් භාෂාව ඉගෙනගත්තොත් මට මගේ නැදෑයන් එක්ක කතා කරන්න පුළුවන් වෙනවා.”

  • ජීනා එක්සත් ජනපදයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. එයා ඇමරිකානු සංඥා භාෂාව ඉගෙනගෙන බයිබලය ගැන අනිත් අයට කියලා දෙන්න බෙලිස් රටට ගියා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මම සංඥා භාෂාවෙන් බිහිරි අයත් එක්ක කතා කරද්දී එයාලාට පුදුම සතුටක් දැනෙන්නේ. මම ඒ භාෂාව ඉගෙනගත්තේ එයාලා වගේ අයට බයිබලය ගැන කියලා දෙන්නයි කියලා කිව්වාම එයාලා ඒක ගොඩක් අගේ කළා.”

ඔයා දැනගෙන හිටියාද? දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත්” දේශනා කරනවා කියලා බයිබලයේ අනාවැකියක් සඳහන් වෙලා තියෙනවා. (එළිදරව් 14:6) මේ අනාවැකිය අද ඉටු වෙනවා. මොකද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක් අලුත් භාෂාවක් ඉගෙනගෙන තමන්ගේ රටේම එහෙමත් නැත්නම් වෙන රටකට ගිහින් රාජ්‍යය ගැන ශුභාරංචිය අනිත් අයට කියලා දෙනවා. ඒ අය අතරේ යෞවනයන් හුඟදෙනෙක් ඉන්නවා.

අභියෝග මොනවාද?

භාෂාවක් ඉගෙනගන්න එක ලේසි නැහැ. “මම හිතුවේ අලුත් වචන ඉගෙනගත්තාම ඇති කියලයි. ඒත් ඒක විතරක් මදි. ඒ භාෂාව කතා කරන අයගේ සංස්කෘතිය ගැන ඉගෙනගන්න ඕනේ. එයාලා හිතන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්න ඕනේ.” එහෙම කිව්වේ කොරීනා.

අලුත් භාෂාවක් ඉගෙනගන්න කාලේ ගොඩක් වෙලාවට වරදිනවා. “එහෙම වුණා කියලා අප්සට් වෙන්න එපා. අලුත් දෙයක් ඉගෙනගද්දී ඔහොම තමයි. වරදිනකොට ඒකෙනුත් ඔයාට යමක් ඉගෙනගන්න පුළුවන්.” එහෙම කිව්වේ ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගත්ත ජේම්ස්.

මේක මතක තියාගන්න: කොච්චර වැරදුණත් ඉගෙනගන්න එක නතර කරන්න එපා. නතර කරන එකෙන් පාඩුවක් වෙන්නේ ඔයාටමයි.

යෝජනාවක්: සමහරවිට ඔයාට වෙන අය තරම්ම ඉක්මනට භාෂාව අල්ලගන්න බැරි වෙයි. ඒත් එහෙම වුණා කියලා ඒ ගැන දුක් වෙන්න එපා. බයිබලේ කියන මේ දේ හිතට ගන්න. “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලාති 6:4.

ලැබෙන ප්‍රයෝජන මොනවාද?

අලුත් භාෂාවක් ඉගෙනගන්න එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. යෞවනියක් වන ඔලිවියා මෙහෙම කියනවා. “අලුත් භාෂාවක් ඉගෙනගද්දී අලුත් යාළුවෝ ඇති කරගන්න පුළුවන්.”

අලුත් භාෂාවක් ඉගෙනගන්න එකෙන් ඔයාට ඔයා ගැනම ලොකු විශ්වාසයකුත් ඇති වෙනවා. යෞවනියක් වන මේරි මෙහෙම කියනවා. “මං හැම තිස්සෙම හිතුවේ මට කිසිම දෙයක් හරියට කරගන්න බැහැ කියලයි. ඒක මගේ ජීවිතේ ගොඩක් පැතිවලට බලපෑවා. ඒත් අලුත් භාෂාවක් ඉගෙනගද්දී පොඩ්ඩ පොඩ්ඩ ඒ භාෂාවට හුරුවෙනකොට මටත් යමක් කරගන්න පුළුවන් කියන විශ්වාසය මට ඇති වුණා.”

කලින් සඳහන් කරපු ජීනා මෙහෙම කියනවා. “සංඥා භාෂාව ඉගෙනගත්ත නිසා සේවයෙන් ලැබෙන සතුට තවත් වැඩි වෙලා තියෙනවා. මම සංඥා භාෂාවෙන් කෙනෙක් එක්ක කතා කරන්න පටන් ගන්නවාත් එක්කම එයාගේ මූණෙන් මට කියන්න පුළුවන් එයා ඒ ගැන කොච්චර සතුටු වෙනවාද කියලා. ඒක දකිද්දී මටත් දැනෙන්නේ පුදුම සතුටක්.”

මේක මතක තියාගන්න: අලුත් භාෂාවක් ඉගෙනගන්න එක, අලුත් යාළුවෝ ඇති කරගන්නත් ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්නත් සේවයෙන් වැඩි සතුටක් ලබන්නත් ඔයාට උදව් වෙනවා. දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත්” දේශනා කරන්න නම් අලුත් භාෂාවක් ඉගෙනගන්න එක හරිම වැදගත්.—එළිදරව් 7:9.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

මොනිකා

“අලුත් භාෂාවක් ඉගෙනගන්න එක කොහොමටවත් කරන්න බැහැ කියලා හිතාගෙන ඒක පටන්ගන්න එපා. අමාරු වුණත් කොහොමහරි ඒක ඉගෙනගන්නවා කියන අධිෂ්ඨානය ඇතුව ඒක කරන්න.”—මොනිකා.

ඊතන්

“අලුත් භාෂාවක් ඉගෙනගන්න එක හරියට නිධානයක් හාරනවා වගේ වැඩක්. සමහරවිට පැය ගාණක් හෑරුවත් මුකුත් හම්බ වෙන එකක් නැහැ. ඒත් පොඩ්ඩ පොඩ්ඩ හාරනකොට ඔයා නිධානයට ටික ටික ළං වෙනවා. ඒ වගේ එක වචනයක් හරි දවසකට ඉගෙනගත්තොත් අලුත් භාෂාවට ඔයා හුරු වෙනවා. වැඩි කාලයක් යන්න කලින් ඔයාට ඒ භාෂාව හොඳට කතා කරන්න පුළුවන් වෙයි.”—ඊතන්.

ජෙසිකා

“අලුත් භාෂාවක් කතා කරන්න පුළුවන් වෙද්දී ලැබෙන සතුට අද්දකිනකොට ඒක ඉගෙනගන්න මාස ගාණක් තිස්සේ වෙච්ච මහන්සිය අපතේ ගියේ නැහැ කියලා ඔයාට තේරෙයි.”—ජෙසිකා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න