ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 63 ලිපිය
  • ආල හැඟුම් පාන එක වැරදිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආල හැඟුම් පාන එක වැරදිද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආලවන්තකම් පානවා කියන්නේ මොකක්ද?
  • සමහර අය එහෙම කරන්නේ ඇයි?
  • ඒකේ අනතුරක් තියෙනවාද?
  • අනුරාගී විලාස පෑමේ ඇති වරද කුමක්ද?
    1998 පිබිදෙව්!
  • 1 ප්‍රශ්න දුර දිග යන එක වළක්වගන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • යාළුකමක්ද? ආදරයක්ද? - 2වෙනි කොටස: මං කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද?
    යොවුන් සිතේ ගැටලු
  • යාළුකමක්ද? ආදරයක්ද? - 1වෙනි කොටස: එයා කරන කියන දේවල්වලින් අඟවන්නේ මොකක්ද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 63 ලිපිය
පිරිමි ළමයෙක් එක්ක බොරු ආලවන්තකමක් පෙන්නන ගෑනු ළමයෙක්

යොවුන් සිතේ ගැටලු

ආල හැඟුම් පාන එක වැරදිද?

  • ආලවන්තකම් පානවා කියන්නේ මොකක්ද?

  • සමහර අය එහෙම කරන්නේ ඇයි?

  • ඒකේ අනතුරක් තියෙනවාද?

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ආලවන්තකම් පානවා කියන්නේ මොකක්ද?

ආල හැඟුම් පානවා කියන්නේ ඔයා කියන කරන දේවල්වලින් විරුද්ධ ලිංගයේ කෙනෙක් ගැන ඔයාට කැමැත්තක් තියෙනවා කියලා පෙන්නන එකයි. එහෙම කරන එක වැරදිද? ඈන් කියන යෞවනිය මෙහෙම කියනවා. “ඔයා ඉන්නේ සම්බන්ධයක් පටන්ගන්න සුදුසු වයසක නම් ඒ වගේම කෙනෙක්ට ඔයා ඇත්තටම කැමති නම් ආලවන්ත හැඟීම් පෙන්නන එකේ වරදක් නැහැ. අනිත් එක එහෙම කළොත් විතරයි එයාගේ හිතෙත් ඔයා ගැන කැමැත්තක් තියෙනවාද කියලා ඔයාට දැනගන්න පුළුවන් වෙන්නේ.”

ඒත් මේ ලිපියේ කතා කරන්නේ කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්න කිසිම අදහසක් නැති වුණත් එයාට කියන කරන දේවල්වලින් එයා ගැන අදහසක් තියෙනවා වගේ මවා පෑමේ තියෙන අනතුර ගැනයි. ඒ කියන්නේ නුසුදුසු ආලවන්ත හැඟීම් පෙන්නන එකේ තියෙන අනතුර ගැනයි.

“ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න හිතාගෙන කෙනෙක්ට විශේෂ සැලකිල්ලක් පෙන්නන එකේ වරදක් නැහැ. ඒත් බොරුවට කෙනෙක්ගේ හැඟීම් අවුස්සලා ඊටපස්සේ එයා ගැන අදහසක් නැහැ කියන එක කැත වැඩක්.”—ඩියානා.

සමහර අය එහෙම කරන්නේ ඇයි?

නුසුදුසු ආලවන්තකමක් පෙන්නන කෙනෙක් ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ඒ වගේම එහෙම කරන එකෙන් එයාට එයා ගැනම ලොකු විශ්වාසයක් ඇති වෙනවා. හේලි කියන යෞවනිය කියන්නේ මෙහෙමයි. “තමන්ට ඕන කෙනෙක්ව යාළු කරගන්න පුළුවන් කියලා කෙනෙක්ට දැනෙද්දී එයා එක් කෙනෙක් දෙන්නෙක් එක්ක විතරක් යාළු වෙලා නතර වෙන්නේ නැහැ.”

කෙනෙක් එක්ක යාළු වෙන්න බලාපොරොත්තුවක් නැතුව හිතාමතාම එයාට ආල හැඟුම් පානවා නම් ඔයා කරන්නේ එයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එකයි. ඒක වැරදි දෙයක්. මොකද ඔයාගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න කියලා එහෙම කරන එකෙන් ඔයා තව කෙනෙක්ව රිද්දනවා. බයිබලයේ කියන්නේ ‘තමාගේ මෝඩ හැසිරීමෙන් ප්‍රීතියක් ලබන්නේ’ අඥානයෙක් කියලයි.—හිතෝපදේශ 15:21.

හේලි මෙහෙමත් කියනවා. “පටන්ගන්නේ ජොලියට කියලා ඒත් ඉවර වෙන්නේ මහා විනාශෙකින්.”

ඒකේ අනතුරක් තියෙනවාද?

  • ඔයාගේ හොඳ නම කැත වෙනවා.

    “බොරු ආල හැඟුම් පෙන්නන කෙනෙක් අවබෝධයෙන් වැඩ කරන්නේ නැති බොළඳ කෙනෙක් කියලා ඕන කෙනෙක් පිළිගනියි. ඒ වගේ කෙනෙක් හැම තිස්සෙම හදන්නේ ඔයාගෙන් වාසි ප්‍රයෝජන ගන්න විතරයි. ඒ නිසා ඒ වගේ කෙනෙක්ව කවදාවත් විශ්වාස කරන්න බැහැ.”—ජෙරමි.

    බයිබලයේ මෙහෙම කියනවා. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයෙක් තමාගේම වාසිය සොයන්නේ නැත.’—1 කොරින්ති 13:4, 5.

    හිතන්න දෙයක්: නුසුදුසු ආලවන්ත හැඟීම් පාන කෙනෙක් විදිහට ඔයාව ලේබල් වෙන්න පුළුවන් ඔයා කරන මොන වගේ දේවල් නිසාද?

  • ඔයා නිසා අනිත් කෙනාගේ හිත රිදෙයි.

    “කෙල්ලෝ එක්ක බොරුවට ලව් ටෝක් දාන කොල්ලන්ට මම කැමති නැහැ. මොකද එයාලා හිතන්නේ එයාලාගේ සතුට ගැන විතරයි. අනිත් අයගේ හැඟීම් ගැන එයාලා හිතන්නේ නැහැ.”—ජැකලීන්.

    බයිබලයේ මෙහෙම කියනවා. “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි.”—1 කොරින්ති 10:24.

    හිතන්න දෙයක්: කවුරු හරි කෙනෙක් මුලදී ඔයාට කැමතියි වගේ පෙන්නලා අන්තිමේදී එහෙම දෙයක් නැහැයි කියලා තියෙනවාද? ඒ වෙලාවේ ඔයාට කොහොමද දැනුණේ? ඔයාගේ අතින් ඒ වගේ දෙයක් නොවෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

  • ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක්ව හොයාගන්න බැරි වෙයි.

    “ඒ වගේ කෙනෙක්ව විශ්වාස කරන්න හරි අමාරුයි. මොකද එයා පෙන්නන ආදරේ ඇත්තක්ද බොරුවක්ද කියලා දැනගන්න විදිහක් නෑ. ඒ වගේ කෙනෙක්ව බඳිනවා තියා යාළුවෙක් විදිහට ආශ්‍රය කරන එකත් මොඩකමක්.”—ඔලිවියා.

    බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “වංක මිනිස්සුන් සමඟ හිඳ නොගත්තෙමි. තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි.”—ගීතාවලිය 26:4.

    හිතන්න දෙයක්: බොරු ආලවන්තකමක් පෙන්නනවා කියලා දැන දැනත් ඒ වගේ කෙනෙක්ට ළං වෙන්නේ කොයි වගේ අයද? ඒ වගේ අයවද ඔයාට ළං කරගන්න ඕනේ?

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ස්කොට්

“ඔයා බොරු ආලවන්තකමක් පෙන්නනවා නම් ඔයා කරන්නේ අනිත් අයගේ හිතට වේදනාවක් දෙන එකයි. ඔයා කරපු දේ ගැන එයාලා අනිත් අයත් එක්ක කියයි. ඒකෙන් වෙන්නේ ඔයාගේ නමට කැළලක් ඇති වෙන එක විතරයි. ඒ කැළැල මකන්න ලේසි වෙන්නේ නැහැ.”—ස්කොට්.

Jeslyn

“කෙනෙක්ගේ හිතේ බොරු බලාපොරොත්තු ඇති කරන කෙනෙක්ව කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. මොකද එයා බොරුකාරයෙක්. මම කවදාවත් ඒ වගේ කෙනෙක්ව යාළුවෙක් විදිහට තියාගන්නේ නැහැ.”—ජෙස්ලින්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න