ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwhf 1 ලිපිය
  • කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?
  • පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දැනගන්න ඕන දේ
  • කරන්න පුළුවන් දේ
  • කේන්ති ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • කෝප වීම සෑම විටම වැරදිද?
    1994 පිබිදෙව්!
  • කෝපය!
    2012 පිබිදෙව්!
  • කෝපය පාලනය කරගනිමු!
    2012 පිබිදෙව්!
තව තොරතුරු
පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
ijwhf 1 ලිපිය
තමන් පිඟන් හෝදද්දී සැමියා ටීවී බල බල ඉන්න නිසා කේන්තියෙන් ඉන්න බිරිඳක්

පවුලේ හැමෝටම මඟ පෙන්වීම්

කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?

හිතන්න, ඔයාගේ බිරිඳ නැත්නම් සැමියා ඔයාට කේන්ති යන විදිහේ දෙයක් කියනවා. නැත්නම් ඒ වගේ දෙයක් කරනවා. ඒත් ඔයා කොහොම හරි හිතට එන තරහා පෙන්නන්නේ නැතුව හිර කරගෙන ඉන්නවා. ඒත් ඒක ඔයාගේ බිරිඳට නැත්නම් සැමියාට තේරෙනවා. ඉතිං එයා ප්‍රශ්න අහන්න පටන්ගන්නවා. දැන් ඔයාගේ තරහා තවත් ඇවිස්සෙනවා. ඒ වගේ අවස්ථාවකදී හිතට එන කේන්තිය පාලනය කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

  • දැනගන්න ඕන දේ

  • කරන්න පුළුවන් දේ

දැනගන්න ඕන දේ

  • කේන්ති ගන්න එක සෞඛ්‍යයට අහිතකරයි. කේන්තිය පාලනය කරගන්න බැරි නම් අධික රුධිර පීඩනය, හදවත් රෝග, මානසික අවපීඩනය, සහ ආහාර ජීරණ පද්ධතියේ රෝග හැදෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නින්ද නොයෑම, කාන්සාව, සමේ රෝග, ආඝාතය වගේ දේවලට මුහුණ දෙන්න වෙනවා කියලත් හොයාගෙන තියෙනවා. එහෙම බලද්දී “කෝප වීමෙන් වළකින්න . . . මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය” කියලා බයිබලයේ කියන දේ හරියටම හරි නේද?—ගීතාවලිය 37:8.

  • තරහා හිතේ තියාගෙන ඉන්න එකත් භයානකයි. ඔයා දිගටම කේන්තිය හිතේ තියාගෙන ඉන්නවා නම් ඔයාගේ ඇඟ ඇතුළේ තියෙන ලෙඩක් ඔයාට හානි කරනවා වගේ ඒ කේන්තිය ඔයාට හානි කරනවා. මොකද එතකොට ඔයාට පේන්නේ අනිත් කෙනාගේ වැරදි විතරයි. එහෙම වුණාම අනිත් කෙනාට ඔයත් එක්ක එකතු වෙලා දේවල් කරන්න ගොඩක් අමාරු වෙයි. ඒක ඔයාගේ විවාහයටත් නරක විදිහට බලපායි.

කරන්න පුළුවන් දේ

  • සැමියාගේ, බිරිඳගේ හොඳ ගුණාංග දකින්න උත්සාහ කරන්න. ඔයා එයාගේ අගය කරන ගුණාංග තුනක් ලියන්න. ඊළඟ දවසේ එයා ඔයාට කේන්ති යන දෙයක් කළාම කේන්ති ගන්න ඉක්මන් වෙන්නේ නැතුව ඔයා ලියපු ගුණාංග ගැන හිතන්න. එහෙම කරන එක කේන්තිය පාලනය කරගන්න ඔයාට උදව් වෙයි.

    බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ තුළ ස්තුතිවන්තකම දක්නට ලැබිය යුතුයි.”—කොලොස්සි 3:15.

    තමන්ගේ සැමියා ගෙදර වැඩවලට උදව් කරරන විදිහ ගැනත්, තමන්ට ඇහුම්කන් දෙන විදිහ ගැනත්, අසනීප වුණාම බලාගගන්න විදිහ ගැනත් කාර්යබහුල බිරිඳක් හිතනවා
  • සමාව දෙන්න සූදානමින් ඉන්න. මුලින්ම ඔයාගේ සැමියාට, බිරිඳට හැඟෙන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්න. “එකිනෙකාට අනුකම්පාව” දක්වන්න ඒක උදව් වෙයි. (1 පේතෘස් 3:8) ඊළඟට මෙහෙම හිතන්න. ‘මට කේන්ති ගියාට, එයා කෙරුවේ සමාව දෙන්න බැරි තරම් ලොකු වරදක්ද?’

    බයිබල් ප්‍රතිපත්තිය: “වරද අමතක කර දැමීම . . . අලංකාර ගුණාංගයකි.” —හිතෝපදේශ 19:11.

  • කාරුණිකව, හිත රිදෙන්නේ නැති විදිහට ඔයාට හැඟෙන දේ කියන්න. ‘කෝල් එකක් දීලා ඔයා කොහෙද ඉන්නේ කියලා කියන්න බැරිද? ඇයි මාව සත පහකටවත් ගණන්ගන්නේ නැත්තේ?’ කියලා එයාට දොස් කියනවා වෙනුවට ‘දැන් හුඟක් රෑ වෙලා. ඔයාට මොකක් හරි කරදරයක් වෙන්න ඇති කියලා හිතලා මං බය වෙලා හිටියේ’ කියලා කියන්න පුළුවන්. කාරුණිකව අදහස් ප්‍රකාශ කරන එක තරහා පාලනය කරගන්න උදව්වක්.

    බයිබල් ප්‍රතිපත්තිය: “නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි.”—කොලොස්සි 4:6.

  • හොඳින් ඇහුම්කන් දෙන්න. ඔයාට හැඟෙන විදිහ කිව්වාට පස්සේ, බිරිඳ නැත්නම් සැමියා කියන දේ එයාට බාධා කරන්නේ නැතුව අහගෙන ඉන්න. එයා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. එයා කතා කරලා ඉවර වුණාම එයා කියපු දේ ඔයාට හරියට තේරුණාද කියලා බලන්න ඒක ඔයා තේරුම් ගත්ත විදිහට ආපහු එයාට කියන්න. හොඳින් ඇහුම්කන් දෙන එක කේන්තිය පාලනය කරගන්න උදව්වක්.

    බයිබල් ප්‍රතිපත්තිය: “ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි.”—යාකොබ් 1:19.

ටිම් සහ ජෙනිෆ

“තරහා හිතේ හිර කරගෙන නම් ඉන්නේ කොයිවෙලේ හරි ඒක එලියට පනිනවාමයි. ඒ නිසා ප්‍රශ්නෙ ගැන සන්සුන්ව කතා කරන එක හුඟක් හොඳයි. ඒ විදිහට කතා කරලා ප්‍රශ්නයක් විසඳගන්න හැම වෙලාවකම ‘හරි දැන් අපි යාළුයි’ කියලා කියන්න මායි මහත්තයයි දෙන්නම පුරුදු වෙලා ඉන්නවා.”—ජෙනිෆ සහ එයාගේ සැමියා වන ටිම්.

ජේඩ් සහ කෝරි

“මං මොකක් හරි දෙයක් ගැන කියද්දී මගේ මහත්තයා හොඳට අහගෙන ඉන්නවා. ඒ වගේම එයා මාව තේරුම්ගන්නවා. එයාගේ ඒ ගුණාංගය මං හුඟක් අගය කරනවා. සමහර වෙලාවට එයා මාත් එක්ක එකඟ වෙන්නේ නැහැ. ඒත් මට හැඟෙන විදිහට එයා ගරු කරනවා. ඒ නිසා ‘මං දේවල් ගැන හිතන්නේ මෝඩ විදිහට’ කියලා කවදාවත් මට හිතෙන්නේ නැහැ.”—ජේඩ් සහ එයාගේ සැමියා වන කෝරි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න