ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 84 ලිපිය
  • මම හැම තිස්සේම කට වරද්දගන්නේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මම හැම තිස්සේම කට වරද්දගන්නේ ඇයි?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මං කට වරද්දගන්නේ ඇයි?
  • කට පරෙස්සම් කරගන්න
  • ඔබේ දිව පාලනය කරගැනීමෙන් ප්‍රේමය හා ගෞරවය පෙන්වන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සුවයක් ගෙනෙන විදිහට කතා කරමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මම ඇයි එහෙම කිව්වේ?
    2012 පිබිදෙව්!
  • “නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්”
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 84 ලිපිය
කටින් පිට වෙච්ච වචන නතර කරන්න උත්සාහ කරන තරුණයෙක්

යොවුන් සිතේ ගැටලු

මම හැම තිස්සේම කට වරද්දගන්නේ ඇයි?

“ඉඳලා හිටලා කට පරෙස්සම් කරගත්තාට, ගොඩක් වෙලාවට මං ඔහේ කියවනවා.”—ජේම්ස්.

“මං කලබල වෙලා ඉන්නකොට කටට එන දේ කියලා දානවා. සන්සුන්ව ඉන්න වෙලාවටත් ඕනෑවට වඩා වැඩියෙන් කියවනවා. ඉතිං කොහොම බැලුවත් මං වරද්දගන්නවාම තමයි.”—මාරී.

‘දිව ගින්නකි’ කියලත් “ඉතා විශාල වනාන්තරයකට පවා ගිනි තැබීමට අවශ්‍ය වන්නේ මොන තරම් කුඩා ගිනිපුපුරක්ද” කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 3:5, 6) ඔයා කියන දේවල් නිසා ඔයා නිතරම අමාරුවේ වැටෙනවාද? එහෙමනම් මේ ලිපිය ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

  • මං කට වරද්දගන්නේ ඇයි?

  • කට පරෙස්සම් කරගන්න

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

මං කට වරද්දගන්නේ ඇයි?

අපේ අතින් වැරදි සිද්ධ වෙන නිසා. බයිබලයේ මෙහෙම කියනවා. “අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි. යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් . . . කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන.” (යාකොබ් 3:2) අපි කිසි වරදක් කරන්නේ නැති පරිපූර්ණ මිනිස්සු නෙමෙයි. ඒ නිසා සමහර වෙලාවට වැඩියේ හිතන්නේ බලන්නේ නැතුව වැරදි දෙයක් අපේ කටින් පනින්න පුළුවන්.

“මං කිසි අඩුපාඩුවක් නැති කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මං හිතන විදිහේ, කතා කරන විදිහේ කිසිම අඩුපාඩුවක් තියෙන්න බැහැ කියලා හිතන එක හරිම මෝඩ දෙයක්.”—ඇනා.

ඕනෑවට වඩා වැඩියෙන් කතා කරන එක. “කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 10:19) තව කෙනෙක් කතා කරද්දී එයාට ඇහුම්කන් දෙන්නේ නැතුව අපි ඔහේ කතා කරගෙන ගියොත් ගොඩක් වෙලාවට අපේ කටින් වැරදි දෙයක් කියවෙයි. ඒකෙන් අනිත් කෙනාගේ හිත පෑරෙන්න පුළුවන්.

“කෙනෙක් හැම වෙලේම කතා කළා කියලා එයා බුද්ධිමත් කෙනෙක් කියන්න බැහැ. මේ පොළොවේ හිටපු බුද්ධිමත්ම මිනිසා යේසුස්. ඒත් ඔහු පවා සමහර අවස්ථාවලදී නිහඬව හිටියා.”—ජූලියා.

කැපෙන විදිහට කතා කරන එක. “නොසැලකිලිමත් ලෙස කතා කරන තැනැත්තා කඩුවෙන් අනින්නාක් මෙන් වචන පිට කරයි” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 12:18) නොසැලකිලිමත් විදිහට කතා කරන එකට උදාහරණයක් තමයි තව කෙනෙක්ව කැපෙන විදිහට කතා කරන එක. ඒ වගේ කතා කරන අය බලන්නේ අනිත් අයව පහත් කරන්න. එහෙම කරලා ඉවර වෙලා, “අයියෝ මම විහිළුවක්නේ කළේ” කියලා සමහරවිට එයාලා කියනවා. හැබැයි ඒක සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද බයිබලයේ අපිට මෙහෙම අවවාද කරනවා. “නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.”—එෆීස 4:31.

“අනිත් අයව හිනස්සන්න මං ආසයි. ඒ වගේ හිනා යන කතා ටක් ගාලා මගේ කටට එනවා. ඒ නිසා සමහර වෙලාවට දන්නෙම නැතුව මගේ කටින් තව කෙනෙක්ව කැපෙන වචනත් පනිනවා. ඒ වගේ දේවල් කියලා මං ගොඩක් අමාරුවේ වැටිලත් තියෙනවා.”—ඔක්සානා.

එළියට ගත්ත ටූත්පේස්ට් ආපහු ඇතුළට ඔබන්න උත්සාහ කරන තරුණයෙක්

ටූත්පේස්ට් එළියට ගත්තාට පස්සේ ආපහු ඇතුළට දාන්න බැහැ. ඒ වගේ කටින් පිට කරන වචනත් ගියොත් ගියාමයි, ආපහු ගන්න බැහැ

කට පරෙස්සම් කරගන්න

අපේ දිව පාලනය කරගන්න එක ලේසි නැහැ. එහෙම කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒකට බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා. මේ ප්‍රතිපත්ති ගැන ටිකක් හිතලා බලන්න.

“කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න. . . . ඒවා ඔබටම කියාගන්න.”—ගීතාවලිය 4:4.

සමහර වෙලාවට හොඳම දේ තමයි මොකුත් කියන්නේ නැතුව ඉන්න එක. “තරහ ගිය වෙලාවට මට හැඟෙන විදිහයි පස්සේ මට හැඟෙන විදිහයි වෙනස් වෙන්න පුළුවන්” කියලා ලෝරා කියන තරුණිය කියනවා. “මගේ කේන්තිය නිවිලා ගියාට පස්සේ, තරහෙන් කටට ආපු දේ නොකියපු එක ගැන මං ගොඩක් සතුටු වෙනවා.” ඔයාට තරහ ගියොත් තත්පර කිහිපයක් නිහඬව ඉන්න. එතකොට වැරදි දෙයක් කටින් පිට වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

“දිව කෑමවල රස තෝරන්නාක් මෙන් දෙසවන වචන විමසා බලන්නේය.”—යෝබ් 12:11.

වැරදි දෙයක් කියලා පස්සේ ඒ ගැන දුක් වෙන්නේ නැතුව ඉන්න, දෙයක් කියන්න කලින් මේ ප්‍රශ්න ගැන හිතන එක ඔයාට උදව් වෙයි.

  • මං කියන්න යන දේ ඇත්තක්ද? ඒක කියන්නම ඕනෙද? ඒක කිව්වොත් අනිත් කෙනාගේ හිත රිදෙයිද?—රෝම 14:19.

  • කවුරු හරි මට එහෙම දෙයක් කිව්වොත් මට කොහොම හැඟෙයිද?—මතෙව් 7:12.

  • මං ඒක කිව්වොත් අනිත් කෙනාගේ අදහසට මං ගරු කරනවා කියලා කියන්න පුළුවන්ද?—රෝම 12:10.

  • මේ වෙලාවේ ඒක කියන එක සුදුසුද?—දේශනාකාරයා 3:7.

“නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.”—ෆිලිප්පි 2:3.

ඒ අවවාදය ඔයා හිතට ගත්තොත් අනිත් අය ගැන හොඳ හැඟීමක් ඇතුව ඉන්න ඔයාට පුළුවන්. ඒ වගේම මොකක් හරි කියන්න කලින් හොඳට හිතලා බලලා කතා කරන්නත් ඒක ඔයාට උදව් වෙයි. හදිස්සියේවත් ඔයා හිතන්නේ නැතුව මොකක් හරි දෙයක් කියලා කෙනෙක්ව රිද්දුවොත් නිහතමානීව, පුළුවන් තරම් ඉක්මනින් එයාගෙන් සමාව ඉල්ලන්න. (මතෙව් 5:23, 24) ඒ වගේම අනිත් සැරේ මීට වඩා කල්පනාකාරීව කතා කරන්න අදිටන් කරගන්න.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ටේල

“කට්ටියක් එක්ක කතා කරකර ඉද්දී සමහර වෙලාවට මං හිතන්නේ නැතුව දේවල් කියනවා. ඒත් තත්පර දහයක් විතර නතර වෙලා මං කියන්න යන දේ අනිත් අයට කොහොම බලපායිද, ඒක කිව්වා කියලා වැඩක් තියෙයිද වගේ දේවල් හිතලා බැලුවොත් මගේ කටින් අනවශ්‍ය දේවල් පිට වෙන එක වළක්වගන්න පුළුවන්.”—ටේල.

බ්‍රැන්ඩන්

“කවුරු හරි ඔයාගේ හිත රිදෙන දෙයක් කිව්වොත් එයා ඉන්නේ මොන වගේ තත්වෙකද කියලා හිතන්න. ගොඩක් වෙලාවට එයා ලොකු පීඩනයකින් ඉන්න නිසා හිතන්නේ බලන්නේ නැතුවයි ඒක කියන්න ඇත්තේ. ඒ නිසා ඒක අමතක කරලා දාන්න. අනිත් අතට ඔයාට කෙනෙක් කියපු දෙයක් අසාධාරණයි වගේ පෙනුණත් ඒකේ ඇත්තක් තියෙන්න පුළුවන්. එහෙම වෙලාවට සන්සුන්ව කතා කෙරුවොත් ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්.”—බ්‍රැන්ඩන්.

ජෙසිකා

“කාගේ හරි හිත රිදෙන දෙයක් අපි කියන්නේ ඒක ටක් ගාලා අපේ කටට එන නිසානේ. ඉතිං අපේ හිතේ තියෙන දේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. සමහරවිට යම් තත්වයන් ගැන, මිනිස්සු ගැන අපි හිතන විදිහ හරිගස්සගන්න අපිට සිද්ධ වෙයි. එතකොට අනිත් අයගේ හිත රිදෙන දෙයක් කියන්න අපි ලේසියෙන් පෙලඹෙන්නේ නැහැ.”—ජෙසිකා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න