ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwwd 14 පරි.
  • හැග් ෆිෂ්ගේ සෙවල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හැග් ෆිෂ්ගේ සෙවල
  • නිර්මාණයක්ද?
  • සමාන තොරතුරු
  • හම්බෙල්ලාගේ ඇලෙනසුලු සෙවල
    නිර්මාණයක්ද?
  • අතීතයේ සායම් සහ රෙදි සාදාගත් ආකාරය
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවය සඳහා සාමූහික ප්‍රයත්නයක්
    ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
  • නළියන “ශල්‍ය වෛද්‍යවරයෙක්”
    2001 පිබිදෙව්!
තව තොරතුරු
නිර්මාණයක්ද?
ijwwd 14 පරි.
මුහුදු පතුලේ පිහිනමින් ඉන්න හැග් ෆිෂ් කෙනෙක්.

නිර්මාණයක්ද?

හැග් ෆිෂ්ගේ සෙවල

හැග් ෆිෂ් හදන හයිඩ්‍රොජෙල් ඒ කියන්නේ ඌ පිට කරන සෙවල ගැන විද්‍යාඥයන් කාලයක් තිස්සේ උනන්දුවක් දක්වලා තියෙනවා. ඒ අය ඒ වගේ උනන්දුවක් දක්වලා තියෙන්නේ ඇයි? මොකද හැග් ෆිෂ්ගේ සෙවල හඳුන්වලා තියෙන්නේ “ජීවී දෙයකින් හැදෙන මොළොක්ම ඇදෙනසුලු ද්‍රව්‍යය විදියටයි.”

මේ ගැන හිතන්න: හැග් ෆිෂ් කියන්නේ සාගර පතුලේ ජීවත් වන ආඳෙකුගේ හැඩය ගත්ත මත්ස්‍ය විශේෂයක්. සතුරෙක්ගෙන් ජීවිතයට යම් අනතුරක් වෙන්න යනවා කියලා දැනෙන අවස්ථාවලදී හැග් ෆිෂ් තමන්ගේ ග්‍රන්ථිවලින් ජෙල් එකක් වගේ ස්‍රාවයක් විදිනවා. ඒ ස්‍රාවයේ සෙවල වර්ගයක් නිපදවන ප්‍රෝටීන සහ ප්‍රෝටීනවලින් හැදුණු සිහින් දිග කෙඳි දහස් ගාණක් අඩංගු වෙනවා. ඒ ප්‍රෝටීන එකතු වෙලා හැග් ෆිෂ්ගේ අවට තියෙන වතුර ඇලෙනසුලු සෙවල ද්‍රව්‍යයක් බවට පත් කරනවා. ඒ සෙවල ද්‍රව්‍යය සතුරාගේ කරමල් අවහිර කරනවා. ඒ නිසා ඌ ගොදුර අතහැරලා පලා යනවා.

හැග් ෆිෂ් පිට කරන සෙවල හරිම සුවිශේෂීයි. ඒකේ තියෙන එක ප්‍රෝටීන කෙන්දක් කෙස් ගසකින් සියයෙන් එකක් තරම් සිහින් වුණත් ඒක නයිලෝන් නූල වගේ දහ ගුණයක් ශක්තිමත්. සෙවල වර්ගයක් නිපදවන ප්‍රෝටීන සහ ප්‍රෝටීනවලින් හැදුණු සිහින් දිග කෙඳි මුහුදු වතුරට මුදාහැරියාම ඒවා එකතු වෙලා තට්ටු කිහිපයකින් යුත් දැලක් වගේ මිශ්‍රණයක් හැදෙනවා. ඒකේ බර වගේ 26,000 ගුණයක් බර වතුර ප්‍රමාණයක් රඳවගන්න ඒ මිශ්‍රණයට හැකියාව තියෙනවා. එහෙම බලද්දී ඒ මිශ්‍රණය සම්පූර්ණයෙන්ම වගේ හැදිලා තියෙන්නේ වතුරවලින්.

හැග් ෆිෂ් පිට කරන ස්‍රාවය වගේ දෙයක් නිර්මාණය කරන්න විද්‍යාඥයන් උත්සාහ කරලා තිබුණත් එයාලා සාර්ථක වෙලා නැහැ. එක පර්යේෂකයෙක් කියන්නේ “මේ ස්වාභාවික ක්‍රියාවලිය හුඟක් සංකීර්ණයි” කියලයි. කොහොමවුණත් ජාන තාක්ෂණය උපයෝගී කරගනිමින් බැක්ටීරියා යොදාගෙන ප්‍රෝටීන කෙඳි නිපදවන්න විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා. එයාලා උත්සාහ කරන්නේ ඒවා යොදාගෙන බරෙන් අඩු, ලේසියෙන් ඉරෙන්නේ නැති, ඇදෙනසුලු වගේම ස්වාභාවිකවම දිරාපත් වන දේවල් නිෂ්පාදනය කරන්නයි. මේ කෘත්‍රිම කෙඳි යොදාගෙන රෙදිපිළි කර්මාන්තයට සහ වෛද්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය කල් පැවැත්ම වැඩි ද්‍රව්‍යය නිපදවන්න පුළුවන් වෙයි. ඇත්තටම එහෙම කරන්න පුළුවන් වුණොත් ඒකෙන් ලබන්න පුළුවන් වෙන ප්‍රයෝජනවල සීමාවක් නැහැ.

ඔයාගේ නිගමනය මොකක්ද? හුඟක් සංකීර්ණ සැකැස්මක් තියෙන මේ ස්‍රාවය පිට කරන්න හැග් ෆිෂ්ට හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කරපු නිසාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න