ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbv 22 ලිපිය
  • යොහන් 16:33 - “මම ලෝකයෙන් ජයගතිමි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොහන් 16:33 - “මම ලෝකයෙන් ජයගතිමි”
  • බයිබල් පද පැහැදිලි කිරීමක්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යොහන් 16:33 අදහස
  • යොහන් 16:33 අවට පද
  • යොහන් 14:27 - “නුඹලා වෙත සමාදානය තබා යමි”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • යොහන් 14:6 - “මාර්ගයද සැබෑවද ජීවනයද මමය”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • මනසේ සාමය රැකගන්න යේසුස්ට පුළුවන් වුණා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘අධෛර්යය වෙන්න එපා, මම ලෝකයෙන් ජය ගත්තා’
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
බයිබල් පද පැහැදිලි කිරීමක්
ijwbv 22 ලිපිය

බයිබල් පද පැහැදිලි කිරීමක්

යොහන් 16:33 - “මම ලෝකයෙන් ජයගතිමි”

“මම ඔබට මේ දේවල් කිව්වේ මා මාර්ගයෙන් ඔබට සමාදානය ලබා දෙන්නයි. ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.”—යොහන් 16:33, ‘නව ලොව පරිවර්තනය.’

“මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.”—යොහන් 16:33, ‘පැරණි අනුවාදය.’

යොහන් 16:33 අදහස

යේසුස් ඒ දේ කිව්වේ පීඩා, ප්‍රශ්න මැද වුණත් දෙවියන්ව සතුටු කරන්න අනුගාමිකයන්ට පුළුවන් කියලා සහතික කරන්නයි.

“මම ඔබට මේ දේවල් කිව්වේ මා මාර්ගයෙන්a ඔබට සමාදානය ලබා දෙන්නයි.” යේසුස් ඒකෙන් අදහස් කළේ සමාදානයට බාධා වෙන දේවල් නැති වෙනවා කියලා නෙවෙයි. ඒ වෙනුවට ඔහු කතා කළේ හිතේ සහ මනසේ ඇති වෙන සමාදානයක් ගැනයි. ඒ සමාදානය එයාලට අද්දකින්න ලැබෙන්නේ යේසුස් “මාර්ගයෙන්.” ඔහු අනුගාමිකයන්ට පොරොන්දු වුණා එයාලගේ “උපකාරයට” දෙවියන්ගේ බලය ලැබෙන්න සලස්වනවා කියලා. ඕනම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න ඒ බලය උදව් වෙනවා.—යොහන් 14:16, 26, 27.

“ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා.” යේසුස් ඔහුගේ ගෝලයන්ට පැහැදිලිවම කිව්වා එයාලට පීඩා, විරුද්ධවාදිකම් සහ අසාධාරණකම්වලට මුහුණ දෙන්න වෙනවා කියලා. (මතෙව් 24:9; 2 තිමෝති 3:12) ඒ වුණත් “අධෛර්යය” නොවී ඒ කියන්නේ “ස්ථිර සිතින්” ඉන්න එයාලට හොඳ හේතු තිබුණා.—යොහන් 16:33, ‘පැරණි අනුවාදය’ (1854).

“මම ලෝකයෙන් ජය ගත්තා.” මේ පදයේ ‘ලෝකය’ කියලා හඳුන්වන්නේ දෙවියන් එක්ක කිසිම බැඳීමක් නැති අධර්මිෂ්ඨ මිනිස් සමාජය.b 1 යොහන් 5:19 කියන්නේ “මුළු ලෝකයම දුෂ්ටයාගේ [සාතන්ගේ] බලපෑමට යටත්ව තියෙනවා” කියලා. ඒ නිසයි මේ ‘ලෝකයේ’ මිනිස්සු දෙවියන් සතුටු වෙන විදිහට හිතන්නේවත් හැසිරෙන්නේවත් නැත්තේ.—1 යොහන් 2:15-17.

මිනිසුන්ට දෙවියන් ගැන උගන්වන එකෙන් සහ ජීවිතය පූජා කරන එකෙන් යේසුස්ව වළක්වන්න සාතනුයි එයා යටතේ තියෙන ලෝකයයි උත්සාහ කළා. (මතෙව් 20:28; ලූක් 4:13; යොහන් 18:37) හැබැයි තමන් හිතන විදිහ වෙනස් කරන්නවත් දෙවියන්ගේ කැමැත්ත කරන එකෙන් තමන්ව වළක්වන්නවත් යේසුස් මේ ලෝකයේ බලපෑමට ඉඩ දුන්නේ නැහැ. මැරෙන මොහොත වෙන කල්ම ඔහු දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒ නිසයි මේ ලෝකයෙන් ජය ගත්තා කියලත් “ලෝකයේ පාලකයා” වන සාතන්ට ‘මාව යටත් කරගන්න කිසි බලයක් නැහැ’ කියලත් යේසුස්ට කියන්න පුළුවන් වුණේ.—යොහන් 14:30.

විශ්වාසය සෝදිසියට ලක් වෙන අවස්ථාවලදී වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න පුළුවන් කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ආදර්ශයෙන්ම පෙන්නුවා. යේසුස් කරපු ඒ දේ හරියට ඔහු අනුගාමිකයන්ට මෙහෙම කිව්වා වගේ. “මම මේ ලෝකයෙන් ජය ගත්තා නම් ඔයාලටත් ඒ දේ කරන්න පුළුවන්.”

යොහන් 16:33 අවට පද

යේසුස් මැරෙන්න කලින් රාත්‍රියේ තමයි ඒ දේ කිව්වේ. තව ටික වෙලාවකින් මරණයට මුහුණ දෙන්න වෙනවා කියලා ඔහු දැනන් හිටියා. යේසුස්ව ආයෙත් දකින්න ලැබෙන්නේ නැහැ කියලත් එයාලට පීඩාවලට මුහුණ දෙන්න වෙයි කියලත් සමහරවිට මරණය පවා අද්දකින්න වෙයි කියලත් යේසුස් එයාලට කිව්වා. (යොහන් 15:20; 16:2, 10) ඒ දේවල් කිව්වට පස්සේ නියෝජිතයන්ගේ බය සැක නැති කරලා එයාලව දිරිගන්වන්න තමයි යේසුස් යොහන් 16:33 තියෙන වචන එයාලට කිව්වේ.

යේසුස් කියපු ඒ දේ සහ ඔහුගේ ආදර්ශය අද ඉන්න ක්‍රිස්තියානීන්ටත් ලොකු දිරිගැන්වීමක්. මොන පීඩාවකට මුහුණ දෙන්න වුණත් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට පුළුවන්.

a ග්‍රීක භාෂාවට අනුව “මාර්ගයෙන්” කියන යෙදුම “මා සමඟ බැඳී සිටිනවා නම්” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. යේසුස්ගේ ගෝලයන් ඔහු සමඟ බැඳී ඉන්නවා නම් එයාලට සමාදානය අද්දකින්න පුළුවන් කියන අදහස ඒකෙන් එනවා.

b යොහන් 15:19 සහ 2 පේතෘස් 2:5 පදවල “ලෝකය” කියන වචනය යොදාගෙන තියෙන්නෙත් ඒ අදහසම දෙන්නයි.

යොහන් 16වෙනි පරිච්ඡේදය කියවද්දී ඒකට අදාළ විස්තරාත්මක පාදසටහන් සහ යොමු දැක්වීම් බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න