20 එයාලාගේ මුතුන්මිත්තන්ට මම පොරොන්දු වුණ+ කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන+ දේශයට මම එයාලව අරගෙන ගියාම එයාලා හොඳට කාලා බීලා තෘප්තිමත් ජීවිතයක් ගත කරයි.+ එහෙම ඉද්දී එයාලා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගනියි. මම එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩ කරලා මට අගෞරව කරයි.+