19 එතකොට යොෂුවා සෙනඟට මෙහෙම කිව්වා. “යෙහෝවාට දිගටම නමස්කාර කරන්න ඔයාලට පුළුවන් වෙයිද කියලා හිතලා බලන්න. මොකද ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහු ඔයාලාගෙන් බලාපොරොත්තු වෙනවා ඔහුට මුළු හදවතින්ම ආදරේ කරලා ඔහුට විතරක් නමස්කාර කරයි කියලා.+ එහෙම කළේ නැත්නම් දෙවියන් ඔයාලාගේ වැරදිවලට සමාව දෙන්නේ නැහැ.+