18 එතකොට එතන හිටිය සේවකයෙක් රජට මෙහෙම කිව්වා. “බෙත්ලෙහෙමේ යෙස්සේ කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ එක පුතෙක් හරිම ලස්සනට වීණාව වාදනය කරනවා මං අහලා තියෙනවා. එයා හරි කඩවසම්,+ නිර්භීත තරුණයෙක්.+ එයාට හොඳට සටන් කරන්නත් දක්ෂ විදිහට කතා කරන්නත් පුළුවන්. යෙහෝවාගේ ආශීර්වාදයත් එයාට තියෙනවා.”+