23 මෙහෙම කිව්වා. “යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, ඉහළ අහසෙවත් පහත පොළොවෙවත් ඔබ වගේ කිසිම දෙවි කෙනෙක් නැහැ.+ මොකද මුළු හදවතින්ම ඔබේ මඟ පෙන්වීම් විශ්වාසවන්තව පිළිපදින ඔබේ සේවකයන්ට ඔබ පෙන්නන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එයාලා එක්ක ඔබ ඇති කරගත්ත ගිවිසුම ඔබ කවදාවත් කඩ කරන්නෙත් නැහැ.+