2 ඒ ජාතීන් ගැන යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියලා තිබුණා. “එයාලා එක්ක කිට්ටු බැඳීම් ඇති කරගන්න එපා. එහෙම කළොත් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරන්න එයාලා ඔයාලාගේ හිත් අනිවාර්යයෙන්ම පොලඹවගනියි.”+ ඒත් සලමොන් ඒ ජාතීන්ට අයිති ස්ත්‍රීන්ට ගොඩක් ළං වෙලා එයාලට ආදරේ කළා.