15 ඒ කාලයේදී යූදාවල හිටපු අය සබත් දවසේදී වයින් හදන්න මිදි පාගනවා+ කියලත් කපාගත්ත ධාන්‍ය ගොඩවල් බූරුවන් පිට පටවනවා කියලත් මට දැනගන්න ලැබුණා. ඒ වගේම එයාලා වයින්, මිදි, අත්තික්කා සහ වෙනත් බඩුත් සබත් දවසේදී යෙරුසලමට අරන් ආවා.+ ඒ නිසා මං එයාලට තදින්ම කිව්වා සබත් දවසේදී ඒ දේවල් විකුණන්න එපා කියලා.