15 ඔවුන් කරපු පිළිකුල් දේවල් ගැන ඔවුන්ට ලැජ්ජාවක් දැනෙනවාද?
ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් දැනෙන්නේ නැහැ.
ලැජ්ජාව කියන්නේ මොකක්ද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+
ඒ නිසා වැටුණ අය අතරේ ඔවුනුත් ඉඳියි.
මම ඔවුන්ට දඬුවම් කරද්දී පය පැටලිලා ඔවුන් වැටෙයි” කියලා යෙහෝවා කියනවා.