10 යෙහෝවා මෙහෙම කියනවා. “මගේ සේවකයා වන යාකොබ්, බය වෙන්න එපා.
ඊශ්‍රායෙල්, බයෙන් වෙවුලන්න එපා.+
මොකද දුර ඈත දේශයකට ගෙනියන ඔබව මම බේරගන්නවා.
වහලුන් විදිහට ජීවත් වෙන ඔබේ දරුවන්ව මම බේරගන්නවා.+
යාකොබ් ආපහු ඇවිත් කරදරයක් නැතුව සැනසිල්ලේ ජීවත් වෙයි.
කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+